IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දරුවන්ගේ දවසේ කිරිබත්ගොඩ දරුවන්ට අත පිරෙන්න තෑගි

(සුජිත් හේවාජුලිගේ)

ලෝක ළමා දිනය නිමිත්තෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 200 දෙනකුට පොත් පත් ඇතුළු පාසල් උපකරණ කට්ටලයක් බැගින් නොමිලේ ලබාදීමේ පින්කමක් කිරිබත්ගොඩ ස්කයිලයින් බ්‍රිටිෂ් පෙර පාසලේදී ( ආර්පිකෝ අසල) පසුගිය 3 වැනිදා ඉරිදා පැවැත්විණ.

මෙම පින්කම සඳහා සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය දැක්වූයේ එම පෙර පාසලේ සභාපති සරත් ලියනගේ,අධ්‍යක්ෂිකා මනෝරි ලියනගේ සහ විදුහල්පතිනී ඕෂිනී ලියනගේ මහත්ම මහත්මීහු වෙති.

පෙර පාසල් 135 කින් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් මෙන්ම පාසල් දරුවන් පිරිසකටද පොත් පත් ඇතුළු පාසල් උපකරණ මෙසේ නොමිලයේ පිරිනැමුණු බව අධ්‍යක්ෂිකා මනෝරි ලියනගේ මහත්මිය පැවසුවාය.

රුපියල් දස දහසකට වැඩි වටිනාකමින් යුතු පොත්පත් සහ පාසල් උපකරණ මෙම තෑගි මල්ලට ඇතුළත් කෙරුණු බවද ඇය සඳහන් කළාය.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ කැලණිය එකමුතු පෙර පාසල් ගුරු සංගමයේ නියෝජිතයෝ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය දුන්හ.

මෙම උත්සවයට බස්නාහිර පළාත් පෙර පාසල් අධ්‍යක්ෂ දුෂ්මන්ත රාජපක්ෂ බස්නාහිර පළාත් හිටපු පෙර පාසල් අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු පෙර පාසල් ඒකකයේ කැලණිය කොට්ඨාස බාර සංවර්ධන නිලධාරිනී කේ .ඒ .පී. ලක්මිණි කොඩිකාර මහර කොට්ඨාස බාර සංවර්ධන නිලධාරිනී ලුෂාකා අභයසුන්දර කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී එස්. ගයනි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (5)

දරුවන්ගේ දවසේ කිරිබත්ගොඩ දරුවන්ට අත පිරෙන්න තෑගි

බද්රානි Wednesday, 04 October 2023 04:21 PM

දුප්පත්, අසරණ දරුවන්ට තෑගි ටිකක් ප්‍රසිද්ධියේ බෙදලා දීලා, තමන්ගේ ලොකුකම් රටට ප්‍රදර්ශනය කරන්න නියම අවස්තාවක් මේක... දෙන දෙයක් රහසින් දන් දෙන්න පුරුදු වෙයල්ලා මිනිසුනේ... ඔය ලොකුකම් පැත්තකට තියලා.. අනික ලජ්ජා නැති දෙමව්පියෝ... පිනට ලැබෙනවා නම් දරුවන්වත් විකුණයි මොවුන්...

:       3       5

භවනිThursday, 05 October 2023 06:19 AM

තමන් මෙහෙම කලා කියලා ලෝකෙට අඅණබෙර ගහන්න හදන්නෙ මැතිවරණය සදහා එන්නද නැත්නම් ආදායම් බදු වංචාව සදහාද සිතන්න ඕන ඒක කොහොම වුනත් ජනතා මුදලින් ඉදිකල දේවල් වලට තම තමන්ගෙ .නම් ගැසීම හා ප්‍රචාරය ආරම්භ කලේ 1970 දී පත්වූ සමගි පෙරමුණේ ආණ්ඩුව තමයි .ඒ ආණ්ඩුවේ සිටි දැනටත් මංත්‍රී කෙනෙක් කල දෙයක් කියන්න පුළුවන් ආචාර්ය තනතුරක් දැරූ මංත්‍රී කෙනෙක් තමන්ගෙ ආසනයේ සියලු පාසල්වලට මහල් ගොඩනැගිල්ලක් බැගින් ලබාදී අහවලා විසින් ජනතා විමධ්‍යගත අරමුදල් යොදා ඉදිකල ගොඩනැගිල්ල කියලා සටහන් යෙදුවා 1994 දී 1970 සිට හිටපු මංත්‍රී නැවත බලය ලැබුනාම අර පුවරු සියල්ලම වහාම මකන්න නියෝග කලා නමුත් පසුගිය කාලයේ කෙනෙකුගේ නමින් ගොඩනැගිලි හදද්දී 70 පත්වූ වයසක උන්දැගේ ඇස් නොපෙනෙන තත්වයක් ඇතිවෙලා තිබුනා

:       0       0

ගමේ එකාලා Wednesday, 04 October 2023 04:27 PM

මෙම සත් ගුණවත් කාර්යයට සම්බන්ධ වූ සියලුම දෙනාට බොහෝම පින්... ඔබ සියලුම දෙනාට අපගේ ප්‍රණාමය..!

:       1       6

පිටරැටියා Wednesday, 04 October 2023 06:28 PM

බොරු සෝබනේට ප්‍රසිද්ධ වෙන්න උදව් නොකරන හුඟ දෙනෙක් අපේ රටේ වගේම පිටරවලත් ඉන්නවා...!

:       0       0

පියුමාරා ලක්මිණි කොඩිකාර Thursday, 05 October 2023 08:03 PM

විවේච්නය කරන්නනම් ගොඩක් මිනිස්සු දක්ෂයි. මගේ අදහස නම් බොහොමත් පිං

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1532 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 274 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 77 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 165 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 84 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 58 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39980 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25936 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 219 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site