(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරනු ලබන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ළමා හා කාන්තා කාර්යංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට අද(24) කරුණු වාර්තා කළේය.
වට්ස්ඇප් සමූහයක සාමාජිකයන් වෙමින් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට එම ජාත්‍යන්තර සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කළ බව කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු දැක්විය.
වයස අවුරුදු දෙකේ සිට හත දක්වා වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික ක්‍රියාකාරකම් හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=,2000/=හා 3000/= වැනි මුදලට මෙම වට්ස්අප් සමූහය මගින් අලෙවි කෙරෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ලමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
මෙම වීඩියෝ දර්ශනවල ශ්‍රී ලාංකික දරුවන් සිටිත් ද යන්න සම්බන්ධයෙන් මෙන්ම මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසට මෙහිදී ළමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයෙන් ඉල්ලීය.
අදාල ඉල්ලීම් වලට නියෝග නිකුත් කළ අධිකරණය විමර්ශන පවත්වා වහාම අධිකරණයට වාර්තා කරන ලෙසට එම කාර්යාංශයට නියෝග කළේය.
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
වේදනාකාරී ආර්ථික අර්බුදයකට පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කර ඇතත් තවමත් මෙරට ආර්ථිකයට ඇති අවදානම පහ
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය ප
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දරුවන්ගේ ලිංගික වීඩියෝ පට ජාවාරමක් ගැන විමර්ශනයක්