(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කාන්තාවන් සමාජයට දක්වන දායකත්වය ගැන සලකන විට ඔවුන් වෙනුවෙන් විවාදය සඳහා දවසක් නෙමෙයි, අවුරුද්දක් දුන්නත් ප්‍රමාණවත් නැහැ.
දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට අප සම්මත කරගන්නවා දඬුවම් දරුවන්ගේ සංවර්ධනය සඳහා අතිශය බලපානවා. ප්‍රචණ්ඩත්වය මගින් ප්‍රශ්න විසඳිය හැකි බව දරුවන් ඒත්තු ගතහොත් ඔවුන් වැඩිහිටියන් වූ පසුවත් ඒ තත්ත්වයට ළඟා වෙනවා. පාතාලය ආදී සියල්ල පසුපස ඇත්තේ කැඩුණු බිඳුනු පවුලක දරුවෙක් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දරුවන්ට දඬුවම් තහනම් කරන පනතක් ළඟදීම
ගුරුදෙගුරු Saturday, 08 March 2025 01:52 PM
ඔබතුමලාගේ මොලේ කොහේද තියෙන්නේ? දැන් ඉන්න දරුවන්ගේ හැදියාව හොඳයිද? හැම එකක්ම නීතියෙන් කරන්න පුළුවන් කියලා හිතන ඔබතුමාලා... අනේ මන්දා. මූලික අද්‍යාපනයේ වරදක් මෙතැන තියෙන්නේ. පොඩි කාලේ ඉඳලා විභාග පාස් වෙන්න විතරයි උගන්වන්නේ... සදාචාරය හැදියාව කෝ? ඒවා නෙමෙයිද හදන්න ඕනේ..?.
රම්බොඩ Saturday, 08 March 2025 03:00 PM
සියලු ගුරුවරුන්ට මනෝවිද්‍යාව ඉගැන්වීම කළ යුතුයි. නැත්නම් ඔවුන් ළමයා හඳුනා නොගනියි.
SedirisSunday, 09 March 2025 05:59 AM
මනෝ විද්‍යාව ගුරු විද්‍යාලයේ අනිවාර්ය විෂයක් මීට අවුරුදු 50ක වෙලේ ඉඳන්. ලංකාවේ නෙමේද ජීවත් වෙන්නේ...?
Edirisingha Sunday, 09 March 2025 05:35 PM
මනෝවිද්‍යාව ගුරු විදුහලේ අනිවාර්ය වුණාට සියලු ගුරුවරු ගුරු විදුහලේ ඉගෙනුම ලබන්නේ නැහැනේ වැඩිම පිරිසක් උපාධිධාරීන් නිසා එම පුහුණුවක් ලබන්නේ නැහැනේ.. ඊළඟට පාසල්වල සිටින සංවර්ධනය වූ නිලධාරි ගුරුසේවයට බැඳීමට විභාගයටවත් යන්න කැමැතිම නැතුව ගුරු සේවයට යන්න උද්ඝෝෂණය කරනවා. එහෙම නම් මොකද වෙන්නේ...
බකල ජයාSunday, 09 March 2025 07:47 AM
භාවිතයට නොගත්තත් දැනටමත් ගුරු සිසුන්ට මනෝ විද්‍යාව විෂයයක් ලෙස ඉගැන්වීම කෙරෙනු ලබත්...
ගුණරත්න Saturday, 08 March 2025 04:13 PM
දැන් පොඩි පරයෝ තමන්ට ගැහුවා කියලා පැමිණිලි දාලා දෙමව්පියෝ බුරුතු පිටින් ලෝකප් වල ලගීවි. අනේ මේ වගේ තකතීරු හැත්තක්.
ජිල්බුSunday, 09 March 2025 07:45 AM
ඇයි ළමයව ලන්ච් එකට ගන්න හදන්නේ...? හැමවෙලේම? ඉතිං නීති නැතුව කොහොමද..?
මැක්ස් Saturday, 08 March 2025 05:39 PM
බටහිර ක්‍රම අමු අමුවේ අපට ඔබන්න හදන මෙවැනි අය අවසානයේ සේවය කරන්නේ කාටද? දැනට ද පාසල්වල විනය පිරිහී තිබෙන්නේ මානව හිමිකම් කෙවිටට බයේ ගුරුවරුන් දරුවන්ට පොදු දඬුවමක් වත් නොදෙන නිසා. මීට වඩා හොඳ නැද්ද මෙතුමා තමන්ගේ තාත්තා වගේ වාණිජ චිත්‍රපටියක් දෙකක් හදලා කීයක් වත් හොයාගෙන පාඩුවේ හිටියා නම්...?
NuwanSunday, 09 March 2025 12:51 AM
ඔයා වගේ ලිං මැඩියෙක් පරිගණකයක් පාවිච්චි කරන එකත් පුදුමයක් මැක්ස්..! ඔයාට ගැලපෙන්නේ ගල් ලෑල්ලයි, හුණු කූරයි.
බකල ජයාSunday, 09 March 2025 07:50 AM
1. උත්තරය - ලංකාවට. 2. උත්තරය - නැහැ.
තරිඳු Saturday, 08 March 2025 10:21 PM
බටහිර ක්‍රම ගෙඩිය පිටින් පෙරදිගට ඔබ්බලා මේ රටේ ඉතිරි වෙලා තියෙන හරි පද්ධතියත් විනාශ කරන කොන්ත්‍රාත් එක මාලිමාව හොඳටම කරනවා. ඇමරිකාවේ ඔය ක්‍රම ක්‍රියාත්මක කරලා අද සමාජය බරපතල කඩාවැටීමකට ලක්වෙලා.. ඒවා වැරැදියි කියලා ඔවුන් ආපහු හැරෙන්න බැරිව ලතැවෙනවා. ගුරුවරුන්ට, දෙමාපියන්ට, දරුවන්ට වැරැද්ද වෙනුවෙන් දඬුවම් කරන්න බැරිවෙන කොට ඔවුන් ඒක අතාරිනවා. කොහොමත් දැන් දරුවෝ හදන එක සෑහෙන්න අඩුවෙලා. ඒ ටිකත් නැත්තටම නැති කරන එක ඔයාලා නියමෙටම කරනවා කියලා පේනවා...
ජනිත Saturday, 08 March 2025 10:39 PM
ළමයි තමන්ගේ අයිතිවාසිකම් අවභාවිතා කරන හැටි බලන්න පාසල් පරිසරයට එන්න ඔබතුමා...
nimal Saturday, 08 March 2025 11:49 PM
දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මණට සම්මත කර ගැනීමට පෙර 1 සිට 12 ශ්‍රේණිය දක්වා ගුරුවරුන්ට පාසල් දරුවන් පාලනය කළයුතු ආකාරය පිළිබඳව නිසි පුහුණුවක් ලබාදෙන්න. එය grade 1 සිට 5 දක්වා පළමුවත් ඉන්පසුව 6 සිට 12 දක්වා ලබාදීමට කටයුතු කරන්න. දරුවන්ට දැඩිලෙස දඬුවම් ලබාදෙන්නා වූ ගුරුවරුන් සිටින්නේ අතිශය සීමිත ප්‍රමාණයකි...
පිනාචාරියා Sunday, 09 March 2025 06:04 AM
NGO වල සල්ලි තවමත් වැඩ කරනවා වගේ. එංගලන්තේ ඔය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා දැන් ඒ රටේ භාගෙට භාගයක් විනාශ වෙලා. වෙන රටවලින් තමයි වෘත්තිකයෝ ගෙන්න ගන්නේ. අවුලක් නෑ හොඳ කුඩු ගහන පරම්පරාවක් හදා ගන්න තමයි ඔය මහන්සි වෙන්නේ. ලබන ඡන්දෙන් එළියට ගියාම කරන්න බිස්නස් එහෙම හදාගන්න එපැයි.
අනාගත පරපුර ඉවරයි. Sunday, 09 March 2025 06:11 AM
දඬුවම් නොකර හදන ළමයයි, හැඳි නොගා හදන කිරි හොද්දයි එක වගේ කියලා තියෙන එක වත් අහලා නැද්ද? දැනටත් ගුරුවරුන්ට පන්තියකට යන්න බැරි තරම් ළමයින්ගේ විනය පිරිහිලා. සමහර ඉස්කෝල වල 10න් එහා පන්ති වල ළමයි ඔය එක එක මත් ජාති පාවිච්චි කරලා පන්තියේ ඉන්නේ. ගුරුවරයාගේ ආශිර්වාදය නැත්තන්, ළමයි කොහොමද ඒ දැනුම ගන්නේ. ගුරුවරයා කැමැත්තෙන් උගන්නයිද විනය පිරිහිච්චි ළමයින්ට? මේ ටික මේ රට විනාශම කරලා තමයි යන්නේ අවුරුදු 5ට. හෙනම ගහන්න ඕනෑ.
වීදාගම Sunday, 09 March 2025 06:15 AM
පාතාලේ හැදෙන්නේ, රටේ නීතිය ක්‍රියාත්මක නොවෙන නිසා. පාතාලෙන් වෙඩි කාපු එකාගේ නෑයෝ අවි අතට ගන්නවා එතකොට. මොවුන්ට පාතාලේ මර්ධනය කරන්න බෑ කියලා රටේ ළමයි පලිද? රිලව් පැන්නා. වඳුරෝ පොල් කෑවා. බල්ලෝ හාල් කෑවා. මහින්ද හොරා කෑවා වගේ සිල්ලර උත්තර තමයි හැම ප්‍රශ්නෙකටම...
දෙමව්පියෝ Sunday, 09 March 2025 06:26 AM
තියෙන ප්‍රශ්න නැති කරනවා වෙනුවට අලුතින් ප්‍රශ්න ඇති කරන්න එපා ඇමැතිතුමා. ඔබතුමාට ළමයි නැද්ද? ළමයින්ට දඬුවම් කරන්න ගුරුවරුන්ට බැරි නම් පාසල් වලත් වෙනම උසාවි දාන්න වෙනවා ළමයි කරන වැරැදි වලට විසඳුම් දෙන්න. නැත්තන් පාසලේ වෙන ප්‍රශ්න පාසලෙන් එළියට ගිහින් දෙමව්පියෝ කැති පොලු අරන් විසඳන මට්ටමට එනවා. එතකොට වෙනම සිඟිති පාතාලෙකුත් හැදෙනවා.
PGPThilak Sunday, 09 March 2025 06:32 AM
ඒක නෙවෙයි! කෝ අර නීතිවිරෝධීව උපුටාගත් වත්කම් තහනම් කර නැවතත් එම මහජන මුදල් අයකරන පනත..?
අමල් Sunday, 09 March 2025 07:09 AM
මෙයාට තියෙන ළදරු කුලප්පුව ඉස්සෙල්ලාම නැතිකරලා ඉන්න ඕනේ...! ගල්කිස්සේ කලාපුරේ ප්‍රේමදාස පිනට දීපු ඉඩමක ඉන්න අහිගුන්ඨකයා, අනිත් එවුන්ට හිඟන්නෝ කියනවා...! ඉස්සෙල්ලාම තමන්ගේ මහන්සියෙන් ඉඩමක්, ගෙයක් හදාගෙන, අනුන්ගේ වැරැදි හොයන්න පටන්ගන්නවා. ගැලරියට චිත්‍රපටි හදපු තමන්ගේ තාත්තාට ප්‍රේමදාස පිනට දීපු ගෙදර ඉඳන් අනුන්ට මඩ ගහන්නේ නැතිව...!
Wimalasiri Sunday, 09 March 2025 07:57 AM
මොවුන්ට පිස්සු කිවුවේ මොනවාද? කරන්නේ මොනවාද? දැන් ඕවා ගෙනැල්ලා කරලා ගනීවි...!
රුවන් Sunday, 09 March 2025 07:59 AM
කවුරුවත් නොදන්න ඇත්ත කතාව ලංකාවේ ළමයි තමයි ලෝකයේ අංක එකට මානසික පීඩනයෙන් ඉන්නේ. පලස්තීනය, ඇෆ්ගනිස්ථානය ඉන්නේ අපිට පහළින්. මේකට හේතුව කායික දඬුවම්. ලංකාවේ කායික දඬුවම් සාර්ථක නම් පසුගිය අවුරුදු 100ට රටේ අපරාද අඩු වුණාද? ලංකාවේ බහුතරයක් ඉන්නේ මානසික රෝගීන්... ඒ හින්දා පාසලේ මානසික සෞඛ්‍යය සඳහා වෙනම ඒකකයක් අවශ්‍යයි. මෙතැන කමෙන්ට් දාන අය අඩුම මනෝ විද්‍යාවේ ගැන සාමාන්‍ය දැනුමක් නැති බව පේනවා..
Nishan Sunday, 09 March 2025 08:11 AM
මොකද්ද පනතක් ගේන එකේ විශේෂත්වය? දෙන්න ඕනෑ දඬුවම් ගැනත් කියලා තියෙනවාද? මොකද දැනට තියෙන සාමාන්‍ය නීතියේ තියෙන ප්‍රතිපාදන හොඳටම ඇති ළමයින්ව ආරක්ෂා කරන්න...
Asanga Sunday, 09 March 2025 12:16 PM
දරුවෙකුට නිසි ලෙස දඬුවම් කළා කියලා... කිසිම ප්‍රශ්නයක් නැත. මේ වසර 5 මේ අය පනත් ගෙන ගෙන ඉඳියි..
අමල් Sunday, 09 March 2025 01:49 PM
මෙයාට තියෙන ළදරු කුලප්පුව ඉස්සෙල්ලාම නැතිකරලා ඉන්න ඕනේ...! ගල්කිස්සේ කලාපුරේ ප්‍රේමදාස පිනට දීපු ඉඩමක ඉන්න අහිගුන්ටකයා, අනිත් එවුන්ට හිඟන්නෝ කියනවා...! ඉස්සෙල්ලාම තමන්ගේ මහන්සියෙන් ඉඩමක්, ගෙයක් හදාගෙන, අනුන්ගේ වැරැදි හොයන්න පටන්ගන්නවා ! ගැලරියට චිත්‍රපටි හදපු තමන්ගේ තාත්තාට ප්‍රේමදාස පිනට දීපු ගෙදර ඉඳන් අනුන්ට මඩ ගහන්නේ නැතිව...!
අමර Monday, 10 March 2025 01:38 AM
මමත් NPPයට ඡන්දය දුන් කෙනෙක් නමුත්, මේ නීති මගින් ලමයි නොමග යනවා පමණයි... යුරෝපීයන්ගේ හුගක් ම ලමයි...දෙමාපියන් කියන දේ අහන්නේ බලන්නේවත් නෑ..ඒ සමාජයේ පිටින් පේන පෙනුම ඇතුලත නෑ.... බහුතරයක් මිනිස්සු ජිවිතය විනාශ කරගේන මේ කියන උපරිම නිදහස නිසා.... ගුරුන් දෙගුරැන් අවවාද දඩුවම් දුන් නිසයි..ලංකාවට මිනිස්සු මේ තරම් කැමැති...
Chamod Monday, 10 March 2025 08:49 AM
තවත් විනාශ කරපන් මේ රට... ගොං හැත්ත
Sanjaya Samaranayaka Sunday, 23 March 2025 07:24 PM
දඬුවම කියන්නේ තරහින් කරන පහර දීමක්නේ, එහෙම නොවිය යුතුයි. විනය කමිටුවක් පත්කරලා වරද සාකච්ඡා කරලා දඬුවම් නිර්දේශ කරනවා නම් හරි. සිහින් වේවැලකින් අල්ලට පහර දෙකක්, නැත්නම් ව්‍යායාම කිහිපයක්, ප්‍රශ්න පත්‍රයක්, පිරිසිදු කිරීමේ කටයුත්තක්, තෝරා ගැනීම වරදකරුට පවරන්න. එවිට වෛර චේතනා දෙපාර්ශවයට ඇති නොවේ, නීතියට ගරු කරයි. ආත්ම හිංසනය, පරාජිත හැඟීම් ආදි චිත්ත හානි අවම වේ..