IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


දේශපාලක ගෝල බාලයෝ ඕමාන් ආයෝජකයාට පහර දීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ටෝනි කරුණානායක)

මීගමුව බඩල්ගම  හල්පෙ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකට  කඩා වැදු ආණ්ඩුප පක්ෂ ප්‍රබල දේශපාලනාඥයකුගේ ගෝලයන් බව කියන කීපදෙනකු එම ඇඟලුම් කම්හල අයිති ඕමාන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකුට සහ ආරක්ෂක නිලධාරියාට පහර දුන්නේ යැයි කියන පුද්ගලයන්  තිදෙනකු අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ ඕමාන් ජාතික ව්‍යාපාරිකයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ආරක්ෂක නිලධාරියා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පහරදීමට සම්බන්ධ බවට සැලකෙන තවත් පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයන් දෙදෙනා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයන් යැයි කියති.

ඔවුනට ඇතැයි කියන එම දේශපාලන හයිය නිසා මෙවැන්නක් කර ඇති බවට වාර්තා වේ.

මෙම මැර කණ්ඩායම ඇඟලුම් කම්හලේ අයිතිකරු නවාතැන්ගෙන සිටින නිවසේ දොර ජනෙල් වලට ද   නිවස ඉදිරිපිට තිබූ වහනයකට ද පහරදී හානි කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මීට පෙර දිනක අයකු ඇඟලුම් කම්හලට පැමිණ වාහනයක් කුලී පදනම මත එහි සේවයේ යෙදවිය හැකි දැයි විමසා ඇති බව පොලිසිය කියයි.

කුලී පදනම මත මේ අවස්ථාවේ වාහන ලබා නොගන්නා බව ඇඟලුම් කම්හල් හිමියා එම පුද්ගලයාට දැනුම් දී ඇතැයි ද පොලිසිය කීය.

ඔහු ද ආණ්ඩු පක්ෂයේ  එම දේශපාලඥයාගේ සමීපතම අයකු බව පැවසේ .

ඔහුට අයත් වාහනය කුලී පදනම මත ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත්ව සිටි බව කියන මෙම තැනැත්තා කෝටිපති ව්‍යාපාරිකයා නැවතී සිටින බංගලාවට අතුලු වී කම්හල පිටුපසින් ඇති තාප්පෙන් පැන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එහි ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරියාට පහර දී පසුව එහි දොර ජනෙල් වලට වාහනයකට ද පහර දී හානි කර නිවෙසේ සිටි ඇඟලුම් කම්හල් හිමියා  එළියට ඇද ඔහුටද දිගට හරහට පහර දී පළා ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.

මෙම මැර කල්ලිය ගැන කිසිදු හෝඩුවාවක් නොතිබූ නිසා මීගමුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරියේ යොදවා සිටින පොලිස් නිල සුනඛ නේරෝ ඇඟලුම් කම්හලට කැඳවාගෙන පැමිණ ඇත.

සැකකරුවකු පැළඳ දමා ගොස් තිබූ සෙරෙප්පු යුගලයක ට පොලිස් නිල සුනඛ යාට ඉව කිරීමට සැලැස්වීමෙන් පසුපොලිස් නිල සුනඛයා මීටර් 700 ක පමණ දුරකින් පිහිටි නිවෙසකට  ගොස්  එහි ඇඳකට ඉවකරනැවතුණු බව පොලීසිය කියයි.

පොලිස් නිල සුනඛයා ලබාදුන් එම හෝඩුවාව අනුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

පොලිස් නිල සුනඛයා මෙහෙයවා ඇත්තේ පොලිස් පොලිස් සැරයන් අධිකාරි45589මහතා විසිනි.

මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීසමන් සිගේරා මහතාගේ සහ මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතාගේ උපදෙස් මත බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම ඇඟලුම් කම්හල මීට වසර අටකට පමණ  ඉහතදී ආරම්භ කර ඇති අතර මෙහි ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් තුන්සිය පනස් දෙනකු පමණ සේවය කරන බවද පොලිසිය කියයි.

මැදපෙරදිග රටවල වෙසෙන අයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් එහි නිෂ්පාදනය කර එම රටවලට යැවීම සිදු කරගෙන යන බව පොලීසිය කියයි.

මෙම ඕමාන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයා සමාජ සත්කාර වලට දායක වී සිටිනදානපතියකු බවද කියති.

 



අදහස් (17)

දේශපාලක ගෝල බාලයෝ ඕමාන් ආයෝජකයාට පහර දීලා

chinthaka Saturday, 01 April 2023 12:28 AM

අරාබි කාරයා මිනිහාගේ රටට ගිහිල්ලා කෙළවයි. ආයෝජන වානා !!!

:       0       1

nimal Saturday, 01 April 2023 12:30 AM

ලංකාවේ දේශපාලනය කරන්නේ තිරිසන් සතුන් බව ආයෝජකයින්ට දැන්විය යුතුයි.

:       0       1

pakeer Saturday, 01 April 2023 12:56 AM

ආයෝජකයෝ නියමෙට ඒවි තව... මේ කාලකණ්ණි, මූසල වැඩකට නැති, තුප්පහියන්ව හැමදාම හිරේ තියන්න ඕනෑ. නිකන් ඉඳන් සල්ලි හම්බ කරන්න තමයි හයර් දුවන අය ඉන්නේ...

:       0       1

නන්දිසේන Saturday, 01 April 2023 01:38 AM

දේශපාලුවා කවුද කියන්න පොහොට්ටු කුක්කන් කළොත් කරන්නේ ඔහොම දෙයක් තමයි...

:       0       1

පැරකුම් Saturday, 01 April 2023 03:24 AM

දේශපාලුවන්ගේ මෙවැනි මැරකල්ලි නිසා විදේශ ආයෝජන තවත් ඒදැයි සැක සහිතයි. සැක කරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි. අදාල දේශපාලුවා ඉදිරිපත් වී තත්වය සමථයකට පත්කළ යුතුයි. ඔහුගේ නම හෙලිකරන්න...

:       0       1

පැරකුම් Saturday, 01 April 2023 03:47 AM

වසල දේශපාලුවන්ගේ මෙවන් අමන ක්‍රියාකාරකම් ජනාධිපතිගේ විශේෂ අවධානයට ලක්විය යුතුයි. ප්‍රදේශයේ සමාජ සත්කාරයින්ට පවා දායකවන මෙම ආයෝජකයා තම ව්‍යාපාරය වසාදැමුවොත් සියගණනකගේ රැකියා අහිමිවනු පමණක් නොව ආයෝජකයින්ගේ පැමිණීම අඩපණ වනු ඇත. අදාල දේශපාලුවා ඉදරිපත් වී තත්වය සමතයකට පත්කළ යුතුයි.

:       0       1

ලංකාපුත්‍ර Saturday, 01 April 2023 06:14 AM

මෙහෙම දේශපාලුවො සිටින රටකට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම අපහසු වෙනවා එය රටේ සංවර්ධනය කිරීමට බාධාවක් වෙනවා එනිසා මෙහෙම අපරාධ කරන එවුන්ට උපරිමයෙන් දඩුවම් කරන්න ඕන ඒ වගේම එහෙම එවුන් සහාය දක්වන දේශපාලුවන්ට මැතිවරණය අපේක්ෂකත්වය නොදිය යුතුය

:       0       18

අපි ශ්‍රී ලංකන්ස් Saturday, 01 April 2023 07:22 AM

මේන් අපේ ජාතිකාලය. මූණත් එක්ක තරහ වෙලා නාහෙ කපා ගන්නවා.

:       0       11

දොං සාතන් Saturday, 01 April 2023 08:40 AM

ලංකාව කවදාවත්ම දියුණු කරන්න බැරිවෙලා තියෙන්නෙ තක්කඩි දේශපාලනඥයන් නිසා කියල හැමෝම දන්නවා. ආයෝජකයෙක් ආවොත් අඩුම ගාණෙ 20% කොමිස් එකක් ගන්නවා. ඒක දුන්නේ නැත්නම් ආයෝජකයා එළවලා දානවා. ඉන්න ආයෝජකයින්ගෙන් මේ විදියට කප්පම් ගන්නවා. 1978 ඉඳලා මැර දේශපාලනය තිබුණේ නැත්නම් අද ලංකාව හොංකොං වලටත් වඩා දියුණු වෙන්න තිබුණා.

:       0       16

අබිලින් Saturday, 01 April 2023 08:48 AM

දේශපාලුවො උන්ගෙ මැතිවරණය සදහා පක්කලිකම් කල එවුන්ට රජයේ සහ අනුබද්ධ ආයතන වල රැකියා දීලා ඒවා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි දැන් පුද්ගලික අංශයත් විනාශ කරන්න ආරම්භ කරල තියෙනවා කියන්න පුළුවන් මෙහෙම ගියාම රට හදන්නෙ කොහොමද වහාම මෙයට සම්බන්ධ දේශපාලුවගේ (ඒකා පොහොට්ටුවෙක් වෙන්න ඕන ) ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කරන්න ඕන.

:       0       14

ravin Saturday, 01 April 2023 08:58 AM

මේවා ආරංචි වුණාම දැනට මේ රටට අත්‍යාවශ්‍ය ආයෝජකයෝ පැමිණෙයිද? කාලකන්නි දේශපාලුවාගෙත් නම හෙළි කරන්න.

:       0       16

රටවැසියෙක් Saturday, 01 April 2023 08:59 AM

මේ කාලකන්නි මරයෝන්ට නිසි දඬුවම් දියයුතුයි. දෙසපලකයෝ මේරට විනාශ කෙරුවා. උන්ගේ මැරයෝ සමාජය වනසනවා. ඉතිං මේවා අහලා, දැකලා විදෙස් ආයෝජකයෝ මේ රටට එය්ද.

:       0       17

Saminda Saturday, 01 April 2023 09:47 AM

තව ආයෝජකයෝ එයි මෙහෙම වුණාම.

:       0       10

Bunny Preena Saturday, 01 April 2023 01:00 PM

බොහොමත්ම අප්‍රසන්නම අප්‍රසන්න ක්‍රියාවක්.

:       0       13

පැරකුම් Saturday, 01 April 2023 03:35 PM

ඇයි මේකට කවුරුත් අදහස් නොදාන්නෙ? ඔය කියන දේශපාලුවාට බයෙන් නේද. ලංකාදීපෙත් එයාට බයයි වගේ මට පේන්නෙ.

:       0       15

හරකුන් වැජඹෙනකොට Saturday, 01 April 2023 08:03 PM

ඇගේ හයිය ගැන විශ්වාසය තියන දේශපාලකයන්ට වැදගත් අයට දිය යුතු තැන දෙනකොට, උන්ට නීති අදාල වෙන්නෙම නැතිකොට ආයෝජකයො කොහෙ එන්නද? මේ වගේ කාලකන්නින්ට ගැලපෙන්නෙ මත් ද්‍රව්‍ය වගේ ව්‍යාපාර තමා. එතකොට ආයුධ පෙන්වන්න එක්ක යන්නත් පුළුවන්නෙ. මේ වගේ ගොන් මැට්ටන්ගේ බලහත්කාරකම්වලට යටවෙන්න, නීතිය කාටත් එක වගේ නැති පසුබිමක වෙන්නෙ, තියන ආයෝජකයොත් රටින් පිටවෙන බව කයිවාරු පාලක ගොන්නට නොතේරෙනව නොවෙයිනෙ. හරක් ටික ගහල පන්නනකම්ම හරක් වැඩ කරන හැඩයි.

:       0       10

sarath Saturday, 01 April 2023 11:04 PM

අඩමානයක් නැහැ, පොහොට්ටුවෙක් වෙන්නට ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1870 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 404 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 831 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4921 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 640 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3779 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site