IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


දේශපාලකයන්ට මල්වතු විහාරය තහනම්

(ෂේන් සෙනෙවිරත්න)

මින් ඉදිරියට කිසිදු දේශපාලනාඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කළ බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල  මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ.

මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැටවලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මැරීම හැර කිසිදු දෙයක් නොකරන නිසා මෙම තීරණය ගෙන ඇත.

ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාවය මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනාධිපති, අගමැති හා පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහා නා හිමියන් මෙම තීරණයට එළඹ තිබේ .

 



අදහස් (24)

දේශපාලකයන්ට මල්වතු විහාරය තහනම්

nanda Monday, 02 May 2022 04:56 PM

බුදු සරණයි, මහනායක හිමියනි...,

:       4       95

nimalMonday, 02 May 2022 07:12 PM

දේශපාලකයින්ට මල්වතු විහාරය තහනම් කළ එක හොඳයි හාමුදුරුවනේ... ඒ වගේම භික්ෂූන් වහන්සේලාට දේශපාලනය කිරීමත් තහනම් කළොත් හොඳයි නේද හාමුදුරුවනේ..!

:       2       105

ranjith Monday, 02 May 2022 04:58 PM

දේශපාලඥයෝ මේ දක්වා ආගම, දේශපාලන වෙළඳපලක් කරගෙන තමන්ගේ බලය ලබාගැනීමට මෙවලමක් විදිහට භාවිතා කරා පමණයි. ඒකෙන් ජනතාවට යහපතක් කරන්න කල්පනා කරන්නේ නැති බවයි පේන්නේ.

:       3       91

පිටරැටියා Monday, 02 May 2022 05:22 PM

දූෂිත දේශපාලුවන් වන්දනාවේ ගිහින් මල් වට්ට්, පූජා වට්ටි පූජා කරලා ආශීර්වාද ලබාගන්නා එකම රට ලංකාව වෙන්න ඇති...

:       5       84

darma Monday, 02 May 2022 05:38 PM

අනේ ඇත්තටම හොඳයි ස්වාමීන්වහන්ස. ඔය ඔක්කෝටම තහනම් කරන්න. ඔය ඔක්කොම එකයි...

:       0       55

ravin Monday, 02 May 2022 05:45 PM

ශ්‍රී ලාංකික සියලුම ජාතීන්ගේ හදපත්ලෙන්ම නැගෙන හඬනම් ඔබවහන්සේගේ මෙම තීරණය අති විශේෂයෙන්ම අගය කළ යුතු ක්‍රියාවක්ම බවයි. දේශපාලුවන් කරනුයේ ඔබවහන්සේලාටත් අගෞරව කිරීමකි. අනිකුත් සියලු ආගමික නායකයින් ඔබවහන්සේලා අනුගමනය කරනු ඇතැයි සියලු දෙනාම බලාගෙන සිටියි.

:       1       59

පිටිගල මිලානෝ Monday, 02 May 2022 06:24 PM

පින්සිදු වේවා....!

:       3       35

Kalpa Monday, 02 May 2022 06:27 PM

අගය කළ යුතු තීරණයක්... අනික් නායක ස්වාමීන් වහන්සේලාත් මේ ගැන අවදානය යොමුකරනු ඇතැයි සිතමි.

:       2       48

rocky Monday, 02 May 2022 06:28 PM

සාදු..! සාදු..! සාදු..!

:       3       29

Mo77 Monday, 02 May 2022 06:32 PM

මෙය බුද්ධ ශාසනයට ඉතාම වැදගත් වේ. එවිට දේශපාලනඥයා මහා නායක හිමියන් බැහැ දැකීම් මින් ඉදිරියට නොමැත. ඕනෑම පුද්ගලයෙකුට බෞද්ධ විහාරස්ථානයකට ඇවිත් වත් පෙහෙවත් කර යාමේ හැකියාවක්ද තියෙනවා...

:       0       52

MO77Monday, 02 May 2022 08:24 PM

අනෙකුත් මහනායක හිමිවරුන් ද මෙම තීරණයම ගන්නේ නම් මැනවි. පින් සිදුවේවා...!

:       0       30

Buddika Monday, 02 May 2022 07:09 PM

බොහොම පින් බොහො කල් ගත වෙලා හරි මේ තීරණය ගත්තාට. මේ රජය බලයට පත් කරන්නට සංඝරත්නය විශාල වැඩ කොටසක් කරා. රට විනාශ කරන දේශපාලකයන් අශිර්වාද කරන්නෙත් හාමුදුරුවරු . මේ නිසා රටේ මේ විනාසයට ඔබ වහන්සේලාද වග කිව යුතුය.

:       0       0

රටවැසියා Monday, 02 May 2022 07:26 PM

හැම ආගමකම දෙවි කෙනෙකි අදහා වඳින නායක බුදු දහම තුළ පමණි දෙවියනුත් වැඳ ඉන්න නායක ඒ අප බුදු පියාණනි දෙවියන්ට දම්සක් දෙසු නායක කර්මය සැම ආගමට පොදුය දෙසුව ලොව නායක

:       0       0

ජගත් ලියනගේ Monday, 02 May 2022 07:34 PM

ප්‍රමාද වී හෝ ගත්තු තීරණය ගැන අපිට හරිම සතුටුයි...

:       0       35

ජගා Monday, 02 May 2022 07:48 PM

බෙන්ස් එකක් ඕනෑ වෙලාද? ඔබ වහන්සේලාත් දුප්පතාගේ දානයට වඩින්නත් වාහනයක් ඉල්ලනවා නෙවැ. බලමු කොතරම් කලයකටද කියලා.

:       0       0

Sk Monday, 02 May 2022 08:06 PM

හොඳම තීරණයක් හාමුදුරුවනේ. අනිත් විහාරවලටත් මේ දේම කරන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි..

:       0       29

Ranjithathukorala Monday, 02 May 2022 08:11 PM

හොඳම පියවරක්... ප්‍රමාද වෙලා හරි ගත්තු එක හොඳයි..!

:       0       31

mp Monday, 02 May 2022 08:32 PM

බුද්ධිමත් තීරණයක්. ඒ අය ආවොත් පූජනීය ස්ථාන ගඳ ගහනවා.

:       0       0

gOhOME Monday, 02 May 2022 08:39 PM

මේ වෙලාවේ 1. මහින්ද ප්‍රමුක පුට්ටුව ඇතුළු නඩය - බලය පවත්වා ගැනීමට කල් මැරීම සිදුකරයි 2. සජිත් ප්‍රමුක සජබ නාදය - හතරගාතෙන් ඉන්න ලංකා වට බිලියන ගානක් වියදම් කර කරන චන්දයක් පස්සේ දුවයි 3. අනුර ප්‍රම්ක දේශපාලන කණ්ඩායම - හතරගාතෙන් ඉන්න ලංකා වට බිලියන ගානක් වියදම් කර කරන චන්දයක් පස්සේ දුවයි රටේ ආර්ථිකය හසුරුවන්න, දීර්ගකාලින ප්‍රතිපත්ති හදන්න ,ආර්ථික ගැටලුවට ජනතාව වෙනුවෙන් ගැටලුවට එකට සිට මුහුණ දෙන්න ඕනේ අවස්තාවක මේ හැම එකාම මහජනතාවගේ අභිලාෂයන් එක්ක පන්දු කෙලියේ යෙදෙති. gOTA gO hOME , mAHINDA සීයේ GO HOME ,සජිත් ගොනෝ GO HOME , අනුර උඹට ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න හිතෙන්නේ නැතිනම් උඹත් GO HOME

:       0       0

sugath Monday, 02 May 2022 08:51 PM

ඔන්න ඔය විදියට හැමෝම දේශපාලකයන් වර්ජනය කරොත්, ඔවුන් ඉබේම හැදෙයි.

:       0       0

උපාලි Monday, 02 May 2022 09:03 PM

අනේ හාමුදුරුවනේ දේශපාලන කරන මන්ත්‍රී හාමුදුරුවරුන්ටත්, දේශපාලකයන්ට කඩේ යන හාමුදුරුවරුන්ටත් මේ එක්කම දොර වහන සේක්වා.

:       0       0

මහේන් රාජගුණසිරිවර්ධන Tuesday, 03 May 2022 04:51 AM

පන්සල් පල්ලි කෝවිල් දේවස්ථාන වලින් උදේට සවසට ඉරිදට පෝයට සිදු කරන ලවුඩ්ස්පීකර් ශබ්ද පීඩාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.. යාබද නිවාසවල පදිංචි ජනතාවට එය මහත් කරදරයක් ..

:       0       0

සරත් Tuesday, 03 May 2022 06:34 AM

අතිගෞරවනිය මහානායක හාමුදුරුවන් දුන් ආදර්ශයට මූළු මහත් ජාතියේම ගෞරවය හිමිවිය යුතුය.

:       0       0

Lalith M Tuesday, 03 May 2022 12:17 PM

මහින්ද රාජපක්ෂ වර්නනා කරන අනුනායක ඇත්තෙක් ඔය දෙපාර්ශ්වය තුල ඉන්නව නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 204 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1349 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 23 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1128 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 16 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 617 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site