IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


දේශබන්දු අඟුණකොලපෑලැස්සට

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ කඹුරුගමුව තරංග ගුණරත්න)

වැලිගම පැලෑණ හෝටලයකදී  වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි  අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය.

ඒ අනුව පොලිස් ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් යටතේ දේශබන්ධු තෙන්නකෝන් මහතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යන අයුරු දැක ගත හැකි විය.

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදිරිපිට දී 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින රාත්‍රි වැලිගම පොලීසියේ නිලධාරීන් විසින් අපරාධ කල්ලියක් යයි සිතා සිදු කළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්‌ඨාසයට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරික්ෂකවරයකු ජීවිතක්ෂයට පත්ව සැරයන්වරයකු තුවාල ලැබීය.

අදාල උප පොලිස් පරික්ෂකවරයාගේ මහේස්ත්‍රාත් පරික්ෂණයේ තීන්දුව ඉකුත් පෙබරවාරි මස 27 වැනි දින ප්‍රකාශ කළ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සැකකාර පොලීස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් අට දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.

ඉන් පසුව දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වමින් සිටියදී තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගෙනු කළේය.

එහි තීන්දුව ද ලබා දෙමීන් අදාල පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරීන් කණ්ඩායම් 15 ක් හා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු අද උදෑසන 8.25 ට පමණ නීතිඥ කණ්ඩායමක් මගින් මාතර කොටවිල පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කොට බාර විය.

උදෑසන 9.30 ට අධිකරණයේ කටයුතු ආරම්භ කළ අතර දහවල් 12.00 දිවා ආහාරය සදහා අධිකරණ කටයුතු තාවකලිකව නතර කරන තෙක් වෙනත් නඩු කැදවන ලදි.

දිවා විවේකයෙන් පසු දහවල් 12.30 ට අධිකරණ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ පළමු නඩුව ලෙස වැලිගම පැලෑණ හෝටලයට වෙඩි තැබීමේ නඩුව කැදවන ලදි.

එම අවස්ථාවේ දී පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා වාඩි වී සිටි අසුනින් නැගිට විත්තිකූඩුවට ගොඩ විය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා නැගී සිටි අතර පළමුව කරූණු ඉදිරිපත් කිරීමට විත්තියේ නීතිඥයන්ට ඔහු අවස්ථාව ලබා දුන්නේය.එම කරූණු දැක්වීම් වලින් අනතුරුව තමා කරුණු දක්වන බව ඔහු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකාර දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා මෙසේ කීය.

“ස්වාමිනී වැලිගම W15 හෝටලයට වෙඩි තබා අනර්ථය සිදු කිරීම,සාපරාධී බිය ගැන්වීම හා පොදු දේපොල පරිහරණය ආදී නඩු පැවරීමට තරම් සාක්ෂි ඇති බව පවසමින් මෙම අධිකරණය මාගේ සේවා දායකයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව ඕනෑම සැකකරුවකුට හීමි වන නීතියේ ප්‍රතිපාදන යටතේ මෙම සැකකරු මාර්තු මස 07 වැනි දින රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළා.මාර්තු 10 හා 12 යන දින වල එම පෙත්සම සලකා බලා එහි තීන්දුව පෙරේදා 17 ප්‍රකාශ කළ.ඒ අනුව රිට් පෙත්සම නිෂ්ප්‍රභ කළා. මෙම උසාවියේ නඩු තීන්දුව මා වෙත ලැබීමට ප්‍රමාද වීමත් ඊට අදාල ලේඛන සියල්ල එකවර ඉදිරිපත් කිරිමට නොහැකි වීමට එම තීන්දුවට බලපෑවා.

අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ඔහු ආරක්ෂක හේතුන් මත ඊයේ  නොපැමීණ අද උදෑසනම මෙම අධිකරණය වෙත පැමිණ බාර වුණා. ප්‍රතිශෝධන ඉල්ලීම් අයිතිවාසිකම තිබුණත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරියා ලෙස ඔහු මෙම අධිකරණයේ නියෝගයට අවනත වී ඉදිරිපත් වුණා.

ඇප පනත ප්‍රකාර ඔහුට ඇප ලබා දීමේ හැකියාව මෙම අධිකරණයට තිබෙනවා.ඔහු පරික්ෂණ වලට බාධා කරලා නෑ.සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා නෑ.1998 වසරේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස එක්වී විවිධ තනතුරුවල නිරත වී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවන තෙක් මේ රටේ පොලිස්පතිවරයා ලෙස සේවය කළා.යම් හෙයකින් ඇප ලබා නොදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළහොත ඔහුගේ ජීවිතයට විශාල තර්ජනයක් වෙන්න පුලුවන්.එම කරුණු ද සැලකිල්ලට ගෙන ඕනෑම කොන්දේසියකට යටත්ව ඇප ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.”

ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වු නියෝජ්‍ සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ කීය.

“අද දින උදෑසන බෙන්ස් රථ දෙකක් හා තවත් වාහන දෙකක් පෙරටු කර ගෙන විවෘත වරෙන්තුකුරුවකු සිංහ ලීලාවෙන් මෙම අධිකරණයට ඇවිත් තිබෙනවා.මේ කූඩුවේ දාලා ඉන්න ඕන වරෙන්තුකරුවෙක්. ටයි කෝට් දාලා මේ පුටුවල වාඩි වී සිටීම මට නම් පුදුමයක්.මුලු පරික්ෂණ ක්‍රියාවලියම උඩු යටිකුරු කරමින් දින 20 ක් සැගවී සිටි රංගන ශිල්පියාගේ නින්දිත අවසානයයි මේ. මොහු පොලිස්පති ධුරයට තියා පොලිස් කොස්තාපල් ධුරයටත්වත් සුදුසු නෑ.මම ඒ ගැන සමස්ත පොලිස් කොස්තාපල්වරුන්ගෙන්ම සමාව ඉල්ලා සීටිනවා.එවැන්නක් කීමට වීම ගැන. උගත් නීතිඥ තුමා කීවා මොහු පාතලයට එරෙහිව යුද ප්‍රකාශ කළා කියලා.පාතාලයට විතරක් නෙවෙයි. මේ නීතිඥ ප්‍රජාවටත් ඔහු යුද ප්‍රකාශ කළා.අද නීතිඥ කණ්ඩායමක් එක්ක මෙතනට ඇවිත් ඉන්න මෝහු එදා කීවා.කුඩු ජාවාරම්කරුවන් හා පාතාලයන්ගෙන් නීතිඥයන් යැපෙන බව කියමින් අපහාස කලා.

ගෙවල් අටක් මොහුට තිබෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. අපි අම්පිටියේ ගෙයක් පරික්ෂා කළා.එහි සේවකයන් දන්නේ නෑ. ඒ ගේ කාගෙද කියලා.මොහුගේ නමට කිසීම දොපොළක් වාහනයක් නෑ. අඩූම තරමින් පුට් සයිකලයක්වත් නෑ. 2021 න් පසු ඡන්ද හිමි නාම ලේඛනයේ මොහු ගෙවත් බිරිදගෙවත් දරුවගෙවත් නම් නෑ.ස්ථිර ලිපිනයක් හොයා ගන්න නෑ අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු අපිව සප්‍රයිස් කරන්න වගේ ඇවිත් තිබෙන්නේ.හොර පූසෝ වගේ ඇවිත් මෙතන වාඩි වෙලා තිබෙනවා.

පසුගිය 27 වැනිදා ඉදන් මෙයා කොහෙද හිටියේ ඒ හිටපු දවසක් ගානේ අපිට තොරතුරු අවශ්‍යයි.ඔහුට රැකවරණය දුන් සියලු දෙනා මේ අධිකරණයට ගෙන එන්න ඕන.ඒ දින 20 ගැන දින 40 ක් අපිට විමර්ශනය කරන්න ඕන.

ඒ වගේම ඔබ තුමා ඵෙතිහාසික තීන්දුවක් තමයි දීලා තිබෙන්නේ. පිටු 83 ක් ලියලා තිබෙනවා.සාමාන්‍යයෙන් පිටු තුනෙන් ලියන්න පුලුවන් තීන්දුවක් තමයි පිටු 83 ක් ලියලා මේකේ බරපතලකම පෙන්වා දී තිබෙන්නේ. ඒ වගේම මෙහේ පොලීසිවලින් කළ විමර්ශනයක් 2024 ඔක්තොම්බර් මාසේ තමයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන්නේ.මේ නඩුවේ ඉතිරි 7දෙනත් ඉදිරි සතිය තුළ මේ සැකකරු සමග කූඩුවට දාන්න ඕන.මේ නඩු තීන්දුව ගැන අද සමාජ කතිකාවතක් ඇති වෙලා තිබෙනවා.

වෙනත් අපරාධකරුවන් ගෙවල්වලින් පැනලා ගියාම ඔවුන්ගේ පවුල්වල අය කුදලගෙන එනවා.ඒත් මේ සැකකරුගේ පවුලේ අයට එහෙම කරලා නෑ.බිරිද හා දරුවාගෙන් ප්‍රකාශයක් පමණක් අරගෙන තිබෙනවා.

ඒ නිසා මදුෂ්ලා, හරක් කටාලාට වඩා සුදු කර පටි පැලද ඉන්න මේ වගේ අය භයානකයි. දේශපාලන බලය, සමාජ බලය, ආගමීක නායකයන්ගේ බලය ආදී සියලු බලය මේ අයට තිබෙනවා. මෙයා ගැන ලොකු විමර්ශනයක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ නිසා මොහුට රැකවරණය දුන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුයි.මොහුගේ ජංගම දුරකතනය ඇතුළු උපකරණ සියල්ල අධිකරණයට භාර දිය යුතුයි.ඒ නිසා මීළඟ දින නඩුව කැඳවන තෙක් ඇප ලබා දීමට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.”

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා ඕනෑම වරෙන්තුකරුවකුට නීතිඥයකු මගීන් හෝ තනිවම අධිකරණය වෙත පැමිණ ඉදිරිපත් වීමට අයිතිවාසීකමක් ඇති බව ප්‍රකාශ කළේය. තවද හොර පූසෝ වගේ ඇවිත් යැයි නීතිඥයන් ඉලක්ක කර ගෙන කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙසට ද කියා සිටියේය.

එහිදී නියෝජ්සොලීස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ තමා හොර පූසෝ වගේ කීවේ නීතිඥ මහතුන්ට නොව මෙම සැකකරුට පමණක් බවයි.

පැය එක හමාරක කාලයක් දෙපාර්ශ්වයේම කරුණුවලට සවන් දුන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරූණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හෙට (20) සවස 2.00 ට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශ කරන බව දැන්වීය.

ඒ අනුව දේශබන්ධු තෙන්නකෝන් මහතා හෙට දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ අතර බන්ධනාගාර බස් රථ හතරකින් පොලිස් ජීප් රථයකින් අවිගත් නිලධාරීන් සහිතව ඔහු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

 



අදහස් (0)

දේශබන්දු අඟුණකොලපෑලැස්සට

ඔබේ අදහස් එවන්න

 

දියත

දේශබන්දු අඟුණකොලපෑලැස්සට
2025 මාර්තු මස 19 769 0

වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්


විභාග ශාලාධිපති වෑන් රියට බිලි
2025 මාර්තු මස 19 863 0

තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්


නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 19 348 0

ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්


ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ
2025 මාර්තු මස 19 1332 3

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී


’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’
2025 මාර්තු මස 19 949 5

ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේද


’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’
2025 මාර්තු මස 19 371 2

තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 982 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 341 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site