IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


දේශිය ආදයම්,සුරාබදු,රේගු පුරප්පාඩු පිරවීම අතරමග

(සුජිත් හේවාජුලිගේ )

රටේ ආර්ථිකයට දායකවන ප්‍රධාන ආයතන ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරි පුරප්පාඩු දහසකට  වැඩි සංඛ්‍යාවක්   පිරවීම ප්‍රමාදයවීම නිසා එම ආයතනවල කාර්යක්ෂමතාව බෙහෙවින්  හීනවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

අංශ ගණනාවක විශේෂඥයන්ගේ  පුරප්පාඩු රැසක්ද මෙතෙක් පුරවා නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

රජයේ ආදායමෙන් සියයට අනුවක්ම ලැබෙන්නේ මෙම ආයතන තුනෙන් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මෙම  පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගන්නැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා කිහිපයක් එම  ආයතන  ප්‍රධානීන්ට  නිර්දේශ කර ඇත.

මේ අතර  බදු ගෙවන ව්‍යාපාරිකයන්ගේ අභියාචනා සලකා බැලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  අභියාචනා කමිටු තුනක් පත්කර ඇති බවත් බදු අය කිරීම ප්‍රමාදවීමට අභියාචනා කමිටු කිහිපයක් පැවතීම හේතුවී ඇති බවත්  මහාචාර්යවරයා සඳහන් කළේය.

කමිටු තුනෙන්ම කෙරෙන්නේ එකම කටයුත්ත බව පැවසූ විතාරණ මහතා එක අභියාචනා කමිටුවක් පමණක්  පවත්වාගෙන  යන්නැයි  එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මේ අනුව නියෝග කළ බවද  පැවසුවේය.

මේ අතර ආයතන රැසක් කෝටි 8700ක් පමණ බදු ගෙවීම පැහැර හැර ඇති බවත් එම බදුවලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් අය කරගෙන ඇත්තේ කෝටි 400 ක පමණ  අඩු බදු ප්‍රමාණයක් පමණක් බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක  සභාව පවසයි. 



අදහස් (3)

දේශිය ආදයම්,සුරාබදු,රේගු පුරප්පාඩු පිරවීම අතරමග

Yureni adhikari Wednesday, 24 November 2021 06:25 PM

මම මේ ආයතනවලින් එකක සේවය කිරිමට කැමැත්තෙන් සිටිමි. සා.පෙල/උ.පෙල සමත් වී සිටිමි...

:       1       5

Perumadura nirasha shehani de sila Thursday, 20 April 2023 12:55 PM

මම කැමතියි මේ දෙපාර්ථමේන්තුවෙ වැඩට

:       0       4

K.w.j.p.s.sampath perera Friday, 10 November 2023 12:35 PM

මම මෙම දෙපාර්තමේන්තුවේ වැඩකිරීමට කැමැත්තෙන් සිටින අයෙක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 124 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1925 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2611 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 5846 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 920 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24365 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18844 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1830 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site