IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දේශීය කිරිපිටි මිලත් ඉහළට

(ඩයනා උදයංගනී)

මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දමා ඇත.

ඒ අනුව හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 කින් සහ පැලවත්ත කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් ඉහළ දමා ඇත.

එමෙන්ම හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා පැලවත්ත ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 80කින් ඉහළ ගොස් තිබේ.

හයිලන්ඩ් කිරිපිටි මිල සංශෝධනය කිරීමෙන් පසු ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරෙන අතර පැලවත්ත කිලෝ ග්‍රෑමයක් රුපියල් රුපියල් 1,165 කට හා ග්‍රෑම් 400ක් රුපියල් 460කට අලෙවි කෙරේ.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් ලෙස සහ ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස පසුගියදා මිල සංශෝධනය කෙරිණි. 



අදහස් (44)

දේශීය කිරිපිටි මිලත් ඉහළට

Hafeel Friday, 15 October 2021 12:39 PM

එහෙම නම් අපේ දේශීය නිෂ්පාදනය කිරිපිටිත් ජාත්‍යන්තර වෙළඳපලේ මිල වැඩි වෙලා. රටේ ජනතාව ගොනාට අන්දනවා.

:       2       67

ChandimaSaturday, 16 October 2021 02:51 AM

රටේ හැමදෙයක්ම මිල වැඩිවෙලා තියෙද්දී පරණ ගාණම දේශීය කිරිවලට ගෙවපුවාම කිරි හරක් බලන්න කියන්නේ තණකොළද? ඒ මිනිස්සුන්ටත් ජාත්‍යන්තර මිලම දෙන්න ඕනෑ. කිරි නෑ කිය කියා පෙළපාලි යන වෙලාවේ ගමට ගිහින් හරකෙක් හැදුවා නම් කිරි ප්‍රශ්නය ඉවරවෙනවා. අතට ගානකුත් එනවා.

:       5       1

kamal Friday, 15 October 2021 12:42 PM

කිව්වාට අහන එකක්යෑ.. අපි තමයි හොඳටම කෙරුවේ...

:       3       61

බද්රානි Friday, 15 October 2021 12:50 PM

නියමයි! මේ මිල වැඩිවීම ගැන ඇත්තෙන්ම හරිම සතුටුයි. බිස්නස් කරන්න ඕනෑ අන්න එහෙම තමයි. ලංකාවේ හොර තක්කඩි වෙද මාෆියා කල්ලිය යොදාගෙන හොඳ ප්‍රසිද්ධියක් දුන්නා නවසීලන්තේ කිරිපිටි බීලා පිළිකා හැදෙන බව, ෆාම්තෙල් යොදාගෙන නිෂ්පාදනය කරන කිරිපිටි ශරීරයට අහිතකර බව... හැබැයි ඉතින් මොලේ කළඳක් හෝ තියන ඕනෑම මෝඩයෙක් දන්නවා ගුණාත්මක අතින් නවසීලන්තයේ කිරි නිෂ්පාදන ඉදිරියෙන් සිටින බව. එ්ත්, ඉතින් දේශප්‍රේමය ඉහට ගහගෙන ඉන්නා ලංකාවේ පල් මෝඩයින් ලංකාවේ කිරි මාෆියාවටත් අහුවුණා. දැන් ඉතින් බීපල්ලා ජරාව වැඩි මුදලට...

:       13       60

සමිත සේනක අලුත්ගමගේ.Friday, 15 October 2021 02:16 PM

ඔබතුමියගේ කතාව සහතික ඇත්ත. ඒ වගේම පිටරටින් ගේන කිරිපිටි කලවම් කරලා දේශීය ලේබලය යටතේ විකුණන බව සමහර දෙනා දන්නේ නැහැ. මේ රටේ මිනිසුන්ව තරම් අන්දවන්නට පුළුවන් මිනිසුන් ලෝකයේ තවත් නැහැ...

:       4       43

KabraniFriday, 15 October 2021 03:56 PM

ශුවර්ද? ඇයි ඒවා ඉක්මණට දියවෙන්නේ...?

:       11       8

බද්රානිFriday, 15 October 2021 08:19 PM

මම ලිව්වේ ඔබ පානය කරන පුන්නක්කු ජලයේ දියවෙන එක ගැන නෙමෙයි ගොයියෝ..., නවසීලන්තේ ගුණාත්මක කිරිපිටි ගැනයි. අර දැන් වැඩි ගානට අලෙවි කරන දේශීය කිරිපිටි වලට පුන්නක්කුත් කලවම් කරලා ඇති. එකනේ, වැඩිම ඉල්ලුමට ගාන වැඩිකරලා තියෙන්නේ මේ රටේ බත් කන හරක්ට වැඩි මුදලට රස ගුණ පිරි උකු කිරිබොන්න...

:       3       25

චන්දන Saturday, 16 October 2021 07:35 AM

ඔබ දන්නවද ඔය කිරිපිටි වල ගුණාත්මක බව වැඩිකරලා තියෙන්නේ කෘත්‍රිම ද්‍රව්‍ය එකතු කරලා කියලා... ඔය කිරිපිටි හදන්න කලින් ඒවායෙහි තිබෙන මේදය ඇතුළු ද්‍රව්‍ය එක්ස්ට්‍රැක්ට් කරනවා. ඊට පස්සේ ඊට ලාභදායි කෘත්‍රිම ද්‍රව්‍ය එකතු කරනවා. නැතිව ස්වභාවික තත්ත්වය එහි නැහැ. පහසුවෙන් දියවීමටත් අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරනවා...

:       0       3

බද්රානිSaturday, 16 October 2021 02:47 PM

නැවුම් එළකිරි, පැස්ටරීකරණය (UHT), කිරිපිටි, යන මේවා වර්ග තුනක් මෙන්ම ගුණාත්මක භාවයෙන්ද, මිලෙන්ද තුන් වර්ගයක් බව අමුතුවෙන් කියවිය යුත්තක් නොවේ. මම අහන්නේ අපේ රටේ කිරි බිස්නස් කාරයින් නැවුම් කිරි යන නම භාවිතා නොකොට දියර කිරි යන නම භාවිතා කරන්නේ ඇයි? ඒ තමයි තක්කඩිකම. ලංකාවේ දියරකිරි මිලට වඩා අඩුවෙන් නවසීලන්තයෙන් හෝ යුරෝපයෙන් ගුණාත්මක දියර කිරි (UHT) ආනයනය කළ හැකි බව ඔබ දන්නවාද? බොරුව සමාජ ගත කරමින් පාරිභෝගිකයින් නොමග යවමින් මෙතෙක් කල් පරිභෝජනය කළ කිරිපිටි ශරීරයට අහිතකර බව පෙන්වමින් මේ කරන විගඩම අපට නම් විහිළුවක්... ජනතාවට පින්සිදුවෙන්නට පිනට ඉගෙනගත් දුගී පවුල් වලින් දොස්තර උපාධිගත් සමහර මාෆියා කල්ලි සාමාජිකයින් මතක් කර ගත යුත්තේ අතීතයේ ඔවුන්ගේ ගෙවල් තුළ කිරි කල්තබා ගැනීමට නිවසේ ශීතකරණයක් වත් තිබුණාද යන්නයි. වැඩිපුර කතා අවශ්‍ය නැහැ... ගුණාත්මක අතින් හෝ ඒ රටවල පවතින නියාමන අතින් ලංකාවේ නිෂ්පාදනද නවසීලන්තයේ හෝ යුරෝපයේ නිෂ්පාදනද වැඩි ප්‍රමිතියකින් යුතු වන්නේ යයි සිතුවොත් පිළිතුර ලැබේවි... ලංකාවේ තක්කඩියන්ට අවශ්‍ය වන්නේ ලාභය පමණයි. අවශ්‍ය නම් වැඩි වුණු දේශීය කිරිබී මොලේ වර්ධනය කර ගන්න.

:       1       7

KabraniSaturday, 16 October 2021 08:12 AM

ඔයාලා ඔය පිටරට කියලා බොන්නේ උජාරුවට පුන්නක්කු තමයි... පිටරටින් ගේනකොට හරි ලොකුයි කියලා හිතෙන්නේ.. නවසීලන්තයේ මිනිස්සු ඔයාලා වගේ හරක් නෙමෙයි. එයාලා ඒක හදන්නේ රසායනික සංයෝග දාලා ලංකාවට ගැලපෙන විදිහට. එයාලා ඒක බොන්නේ නැහැ. එයාලා බොන්නේ දියර කිරි... ඔයාලා වගේ අය තමයි තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් මිනිස්සු නොමරා මරන්නේ...

:       5       1

lal Friday, 15 October 2021 12:53 PM

ඇයි දේශීය කිරිපිටිවල මිල වැඩිකළේ..? ඩොලර් ප්‍රශ්න නැහැනේ...

:       1       55

SamSaturday, 16 October 2021 08:22 AM

හයිලන්ඩ් ,පැලවත්ත එකට මිල වැඩි කරන්න වෙනවා. ඒක සරල ආර්ථික කාරණයක්. ඒහෙම නැත්නම් පෝලිම්, බ්ලැක් මාර්කට් ඇති වෙනවා. මොකද හැමෝම හයිලන්ඩ් , පැලවත්ත කිරි ගන්න නිසා. මේවාට වෙනත් විකල්ප තියෙනව. හයිලන්ඩ් වල නිශ්පාදනය වැඩි කරන්න ඕන. නැත්නම් සමස්තයක් ලෙස කිරි මිල වැඩි නොකර ඉන්න ඕන.

:       0       0

AkilaSunday, 17 October 2021 09:28 AM

එකම හේතුව පිටරටින් කිරි ගෙනෙන ලොකු ලොකු ව්‍යපාරිකයන්ව රැක ගැනීමේ උවමනාව , නැත්නම් කවුද ලොකු ගානක් වැඩියෙන් දීල මීට පස්සේ ඒවා ගන්නේ ?

:       0       0

nalin Friday, 15 October 2021 12:55 PM

එතකොට හයිලන්ඩ්, පැලවත්ත කිරිපිටි වලටත් ඩොලර් හිඟය බලපාලාද? නැත්තම් අර මුදල් අච්චු ගැහුවාම උද්දමනය වැඩිවෙන්නේ නෑ කියපු එක වැරදිලාද? අනේමන්දා කොහෙන් කොහොම හරි අහිංසක මිනිස්සුන්ට වැලේ වැල් නැතිවෙන එක තමයි වෙන්නේ... අන්තිමට වෙන්නේ මිනිස්සුන්ට සියදිවි හානි කරගන්න තමයි ඉතින්...

:       1       48

අගුපිලගේ Friday, 15 October 2021 01:48 PM

සියදිවි අහිමි කර ගත්තෙ පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයට ලක්ෂ 69 ක් දායක වීම නිසා .දැන් තියෙන්නෙ 69 යෙන් ලැබුණු බලය අඩුතරමින් 79 කින් වත් වෙනස්කර ගැනීමට කටයුතු කිරීමයි .මේකට රනිල් වගේම සජියත් වග කියන්න ඕන.

:       2       34

පැරකුම් Friday, 15 October 2021 01:16 PM

දැන් බලන්න ආණ්ඩුවට කොච්චර ලේසියිද? දූෂිත මිල පාලක නිලධාරීන්ට වන්දි ගෙවා අස්කරදාන්න... ඒක ලාබයි. කොම්පැනිවලට බඩුමිල පාලනය කරන්න දෙන්න.. මෙතෙක් පැවැති කිසිම රජයක් මෙවැනි බුද්ධිමත් තීරණ නොගත්තේ මන්ද? බලව් වියතුන්ගේ හැකියාව…!

:       1       30

Don Friday, 15 October 2021 01:32 PM

නවසීලන්තයේ ඉතාම අධික වියදමක් දරලා, හොඳට සාත්තු කරලා හැදෙන එළදෙනුන්ගෙන් ගන්න කිරිපිටි වියදමක් දරලා ගෙනැල්ලා රේගු බදුත් ගහලා විකුණන මුදල සමානයි... ලංකාවේ අයාලේ යන එළදෙනුන්ගෙන් ගේන කිරිපිටි ටික විකුණන මිල... මේක නිකන් හරියට BMW එකක් විකුණන ගාණට Micro එකක් විකුණනවා වගේ වැඩක්...

:       3       33

kamalFriday, 15 October 2021 03:11 PM

නවසීලන්තයේ එළදෙනුන්ගේ කිරිවල කිසි අභිමානයක් නැහැ... අපේ කිරි එහෙමද? ගාන ඇහුව ගමන් අභිමානයෙන් උඩ යනවා.

:       1       25

JAYATH Friday, 15 October 2021 01:42 PM

මේක තමයි මේ කාලකන්නි රටේ යතාර්ථය. ඔය ඊනියා දේශීය කිරිපිටි සමාගම් වල ලොක්කෝ සති අන්තවල උන්ගේ ම ගුවන්විදුලි වැඩසටහන් වලට ඇවිත් දෙන පොර ටෝක් අහල නැත්ද ? උන්ගේ නමේ විතරයි සීලේ තියෙන්නේත් ආරිය ගති තියෙන්නෙත් වැඩ වල නම් නැහැ. බුදු අම්මේ ඒවට අනුව නම් උන්නැහේල තරම් දේශප්‍රේමීන් , දේශය ගැන මිනිස්සු ගැන හිතන උදවිය ඇත්තෙම නැහැ . නමුත් හාදයෝම දහ අතේ බලු බැනුම් බනින බහු ජාතික කොම්පැනි මිල වැඩි කරාම අර මොන දේශප්‍රේමයක් වත් නැහැ තමන්ගේ ඒව ටත් ගානට වැඩේ දෙනවා ගෑස් හාදයත් මුලදී දුන්නේ පොර ටෝක් නෙව අපි අඩුවට දෙනවා .බහු ජාතික සමාගම් අරවද මේවද දැන් .මිනිහහත් ගානට බහුජාතික ඒවාටම සෙට් වෙලා අපටම කෙලිනවා

:       1       34

SamithaFriday, 15 October 2021 07:31 PM

ඕවා කියන්න එපා මහත්තයෝ.. හෙල යක්ක පුත්තුන්ට ලේ රත්වෙලා කෝප වෙයි. අර බණ දෙසන උසස්පෙළ ටියුෂන් ගුරා එහෙම මම හිතන්නේ දැන් නින්දෙ ඇත්තේ... සීලයක් නැති කටවාචාල ආරිය ගොයියා නම් කටෙන් කිරි දොවනවා ඇති...

:       1       15

චන්දන Friday, 15 October 2021 02:20 PM

ෂුවර් එකටම අපි රැවටිලා. හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටරටින් ගෙනත් මෙහි පැකට් කරනවා. බොරුවට දේශීය කියලා නම ගහනවා....

:       0       35

wicky Friday, 15 October 2021 03:17 PM

දේශීය කිරිපිටි කිව්වාට..., මෙවත් රටින් ගෙන්නවලා මෙහෙදී නම ගහලා දෙන එව්වද කොහේද..? මම නම් ඔක අදාල කෙනෙක්ගේ පෝස්ට් එකකට කෙලින්ම දැම්මා... වැඩක් නැහැ ඉතින්... අපි ගොන්නු... එච්චර තමයි කියන්න තියෙන්නේ...

:       0       18

Cooi iand Friday, 15 October 2021 03:19 PM

ජාත්‍යන්තර වෙළඳපොළ මිල ඉහළ ගියැයි කියමුකෝ... නැව් ගාස්තු ඉහළ කියා. ලංකාවේ කිරිපිටි ඉහළ ගියේ කොහොමද?

:       0       21

kalyani Friday, 15 October 2021 03:51 PM

කිරිපිටිවල මිල වැඩිවුණාට කමක් නැහැ. පුන්නක්කුවල මිල වැඩිවුණොත් තමයි 69 ලක්ෂයට දැනෙන්නේ... සීනි නැතිව තේ බොන්නම්... හාල් නැතිව බත් කන්නම්... සර් අපිට කියනවා නම් හුළං බිබී අපි එන්නම්...

:       1       18

ChandrikaSaturday, 16 October 2021 08:17 AM

ඔයාලගේ යහපාලනේ තිබුණා නම් වැඩි මිලට කන්න නෙමෙයි රටේ බාගයක් දැනටමත් මැරිලා. අපි දැක්කනේ ගිය අවුරුදු 05 රට විනාශ වුණු හැටි.. යහපාලන කම්බ හොරු..

:       4       0

දේශීය හරක් Friday, 15 October 2021 04:20 PM

දැක්කනේ.. අපේ දේශීය හරක් ජාත්‍යන්තරයත් එක්ක තියෙන ප්‍රබල සම්බන්ධතාවය.. අපිට කෙළින්නේ අපේ අයම තමයි. මින් ඉදිරියටවත් ගන්න අපේ දේ. සිරිලක දේ සිරිසැප දේ. දේශීය නිෂ්පාදකයින් නංවමු. මේ වගේ ජාතික ඇන්දිලිවලට නොරැවටෙන්න. මේ කරපු ජාතික වංචාවට විරුද්ධ වෙමු. පාරිභෝගික එකමුතුවක අවශ්‍යතාව තදින් දැනෙන යුගයක්... එක් වී වර්ජනය කරමු. පාරිභෝගික බලය පෙන්වමු...

:       0       16

රනේSaturday, 16 October 2021 07:42 AM

ජයවේවා...!! එහෙම කරමු..

:       0       1

Bandara Friday, 15 October 2021 04:35 PM

දේශීය කිරි නිෂ්පාදනයට කොහොමද ඩොලර් හිඟය, ණයවර ලිපි ප්‍රශ්න, ලෝක වෙළඳපළේ මිල ගණන් වැඩිවීම බලපාන්නේ? තනි බොරු නාටකයක් නේද මේ වෙන්නේ? ඔය දේශීය කිරිපිටි කියලා විකුණන ඒවායෙන් වැඩි පංගුවත් ආනයනය කරන කිරිපිටි වෙන්න ඕනෑ. දේශීය කිරිපිටි එක්ක මිශ්‍රකරලා බොරුවට මාකට් කරනවා.. 100% අපේ රටේ නිෂ්පාදනයක් කියලා. තක්කඩි දේශපාලුවන් සහ කළු කඩ ව්‍යාපාරිකයන් පිරිසකට යට වෙච්ච අපේ රටට බුදු සරණයි...!!!

:       1       17

රශ්මි Friday, 15 October 2021 04:41 PM

පව් අපේ මිනිස්සු... මේ වගේ රැවටෙන මනුෂ්‍ය ජාතියක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. පෝලිම්වල ඉන්නවා හයිලන්ඩ්, පැලවත්ත එහෙම 100% අපේ රටේ නිෂ්පාදිත කියලා හිතාගෙන... ඕවායෙන් වැඩි ප්‍රමාණයක් පිටරටින් ගෙන්නන ඒවා. දේශීයව හදන කිරිපිටි යම් ප්‍රමාණයක් එක්ක මිශ්‍ර කරලා බොරුවට ගන්න අපේ රටේ 100%ක් හදන දේ කියලා ඇඩ්දානවා. අපේ මිනිස්සුත් ඉතින් ඡන්දෙ කාලෙට දේශපාලඥයින්ගේ සුරංගනා කතාවලට රැවටෙනවා වගේ මේ මාකටින් සෙල්ලම්වලට අහුවෙනවා...

:       0       14

Dasa P Friday, 15 October 2021 05:53 PM

දේශීය තණකොළ මිල ඉහළ යාම බහුතරයට ඉතාම අහිතකරලා..

:       0       12

අනුර හේවාවසම Friday, 15 October 2021 06:09 PM

දේශීය නෙමෙයි, ඕවාත් රටින් ගෙනැල්ලා මෙහේ අසුරනවා... නැත්නම් මොකද අර ගානටම වැඩි වෙන්නේ...? බයිලා තමයි..

:       0       10

ranjith Friday, 15 October 2021 06:35 PM

දුප්පත් ජනතාවට හොඳටම කරන්න තමයි යන්නේ... 69 ලක්ෂය ඉල්ලුවේ මේවානේ...

:       0       13

santha Friday, 15 October 2021 09:28 PM

ඕවා වෙළඳසැල්වල විකිණීමට නැති නිසා මිල වැඩිවුණාට අපට මොකද? ඕවත් දේශීය නොවන බව දැන් තේරෙනවා නේද?

:       0       9

නිහාල් Friday, 15 October 2021 10:28 PM

ගෑස් නැති දවස්වල දර පෝරණුවේ පාන් ගන්න තිබුණේ නෑ. ඒ වගේ තමයි ඩොලරය ඉහළ යද්දී දේශීය කිරිපිටි මිල වැඩිවීම. දැන් තමයි තේරෙන්නේ දේශීය කිරිපිටි කියන්නේ ආනයනික කිරිපිටි වලටම කියලා.

:       0       2

sampath Friday, 15 October 2021 10:41 PM

දේශීය වුණත්, විදේශීය වුණත් කිරිපිටි අත්‍යාවශ්‍ය දෙයක් නොවන නිසා සියලු දෙනා සියලු දෙනා එකවර මට්ටු කරන්න මාස 03ක් අමාරුවෙන් හරි කිරිපිටි නොබී ඉඳිමු... එතකොට ඔය හැමෝම තුට්ටු දෙකට බස්සනවා. ජනතාව සූදානම් නම් බුද්ධිමත් නම් මේ මාෆියා පාලනය එතරම් අපහසු නෑ..

:       0       2

Eagles Saturday, 16 October 2021 12:25 AM

කිරි පිටි බොන එක නවත්වමු. කව්ද අභියෝගය භාරගන්නේ?

:       0       2

69lakshaya Saturday, 16 October 2021 02:17 AM

ඉතාමත් හොඳ තීරණයක්. අපේ දේශීය පිටිකිරි ලෝකේ අනිත් පිටි කිරි වලට දෙවෙනි නොවෙන්න හොඳ නැහැ

:       1       0

Demuni Uduwara Saturday, 16 October 2021 04:21 AM

අපේ පිටිකිරි වල නවසීලන්තයේ නැති "දේශාභිමාන" විටමින් අඩංගු වේ!

:       0       1

Demuni Uduwara Saturday, 16 October 2021 04:38 AM

දේශීය කිරිපිටි වල මිල ඉහළ යාම සදාචාරාත්මක නොවන අතර සමාව දිය නොහැක!

:       0       1

ලුම්බිණි Saturday, 16 October 2021 05:32 AM

මේ ගැන ආඩම්බර වෙන්න. අපේ කිරිපිටිවල ගණන් ආනයනික කිරිපිටි වල ගණන් වලට නොදෙවෙනි බව මෙයින් ඔප්පු කරලා තියෙනවා.

:       0       1

රනේ Saturday, 16 October 2021 07:49 AM

අපේ ගොන්නුයි, තණකොළයි, ආනයනය කරන්නයි ඩොලර් යනවා...

:       0       2

Asanga Saturday, 16 October 2021 10:17 AM

රටේ මිනිස්සු ගොනාට අන්දන මෙහෙමත් කාලකණ්ණි රජයක්... මහඑකාගේ ඉඳන්ම හෙණම තමයි වදින්නේ...

:       0       4

Bamunuarachchi Saturday, 16 October 2021 02:41 PM

බලෙන් ඉහල නොදැම්මත් දේශීය කිරි පිටි මිල ඉහල යනවා.දේශීය කිරි පිටි අඩු මිලට දෙනකොට දේශීය කිරි පිටි ඉල්ලුම වැඩිවෙනවා ඉල්ලුමට සරියන සැපයුම නැති උනාම දේශීය කිරි පිටි මිල නිකම්ම ඉහල යනවා. එක අර්ථශාස්ත්‍ර නියමයක්. ඒ ඉහළයාම වයිමාටවත් නැවත වන්න බැහැ නිෂ්පාදකයෝ කල වැරැද්ද තමයි එක පාරටම වැඩිකලා. සුමාන දෙකක් ඉවසුවානම් කාලගෝට්ටි නැතුව වැඩි මිල ගන්න තිබුනා.

:       6       2

sampath Tuesday, 19 October 2021 11:59 PM

කළුකඩ කාරයින්ට වැඩි කරන්න දීලා අපි පරිභෝජනය අඩු කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 471 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 150 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1035 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 141 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 326 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2258 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 616 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site