(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදය පාර්ලිමේන්තුවේදී අද (21) පැවැත්වුණත් ඒ පිළිබඳ ඡන්ද විමසීම මීළඟ සභාවාරය දක්වා කල් ගියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය මීළඟ සභා වාරයේදී තවත් දින දෙකක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බවට නීති ගරුක සහ විනය ගරුක සමාජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාව කර ඇති ඉල්ලීමද සැලකිල්ලට ගෙන විවාදය සඳහා තවත් දින දෙකක් ලබාදීමට තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් සදහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම පනත සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.
පනත සම්මත කිරීමට පෙර ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතද දූෂණ විරෝධී පනත් කෙටුම්පත සමග මීළඟ පාර්ලිමේන්තු සතියේදී සම්මත කිරීම සුදුසු බවට යෝජනා කරනවා.
මොකද ඒ පනතේ අනෙක් පනත සම්බන්ධ සඳහන් කිරීම් තිබෙන නිසා.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දූෂණ පනත ඡන්දය කල්යයි