IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


දූෂණ විරෝධී සැලසුම සවිමත් කරයි

(අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැක්ම 2025 - 2029 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2073 අංක 9 දරන දුෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය, අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශන  කිරීමේ සහ නඩු පැවරීමේ සිට රට පුරා අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නියාමනය දක්වා පුළුල් කරනු ලැබ තිබේ.

 රජයේ "Clean Sri Lanka" වැඩසටහන ශ්‍රී ලාංකික සමාජයේ සදාචාරාත්මක සංවර්ධනයේ ඉහළ මට්ටමකට ඔසවා තැබීමට උත්සාහ දරන බැවින්, සියලුම අංශ ඇතුළත්ව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. 

එසේම, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි නියම කර ඇති පරිදි ජාතික දූෂණ විරෝධී රාමුවක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතිසා ඇතැම් බැඳීම් ඉටු කිරීම සඳහා ද ශක්තිමත් දූෂණ විරෝධී රාමුවක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි රජය පවසයි.

 දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 5වන වගන්තිය යටතේ වන බැඳීම් වලට අනුකුලව ශ්‍රී ලංකාවේ අල්ලස හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල සීමාව තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇත. 

එකී ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය  කරමින්, දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2025-2029 කාලසීමාව සඳහා නව දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ. 

ඒ අනුව, අමාත්‍යාංස, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම - 2025-2029 ක්‍රියාත්මක කිරීම පිණිස  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

දූෂණ විරෝධී සැලසුම සවිමත් කරයි

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Wednesday, 26 March 2025 01:09 PM

2023 අංක ක9 දරණ දූෂණ විරෝධී පනත යටතේ විමර්ශණයක් පවත්වන්න කියලා මම පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා ඒ පැමිණිල්ල හරියටම විභාග කලොත් දකුණු පළාතේ ආණ්ඩුකාරයා, ප්‍රධාන ලේකම්, අධ්‍යාපන ලේකම් ඇතුලු බොහෝ පිරිසක් හිරේ යන්න ඕන. දඩ කන්නත් ඕනෑ... මොකද ඒවා පැහැදිලිවම දූෂණයක් නිසා... තමන්ට ලාභ ප්‍රෙයා්ජන තියෙන විදුහල්පතිවරු අවුරුදු 20 කටත් වැඩිය පාසල් වල රඳවා ගෙන සිටීම නොවේද? අධිකරණ නියෝග පැහැර හැරීම දූෂණයක් නොවේද? මේ පනත තරම් ශක්තිමක් දූෂණ විරෝධී පනතක් දකුණු ආසියාවේ කිසිම රටක නැහැ. නමුත් පනත තිබුණාට වැඩක් නැහැ. ඒකෙන් ප්‍රයෝජන අරන් දූෂිතයින්ට දඬුවම් කරන්නේ නැත්නම්... ඒ නිසා පැමිණිලි කරන අය නිතරම පසු විපරෙමෙන් සිටිය යුතුයි. තොරතුරු පනත ප්‍රකාරව පසු විමරම් කළ යුතුයි. නැතිනම් කොතරම් ශක්තිමක් පනත් කිබුණත් දූෂණය නතර වෙන්නේ නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිහි මූර්ජා වී සිටි කත ළඟ උණ්ඩ-ගිනි අවි
2025 අප්‍රේල් මස 02 134 0

වත්තල හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන්පොළක නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාවක් සිහිගන්වා පරික්ෂාකර ප්‍රශ්න කිරීමේදී විදේශ ගත


පළාත් කීපයකට මිලි මීටර් සියය ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 02 244 0

දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක්
2025 අප්‍රේල් මස 01 586 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධි


ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 883 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 1127 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 1589 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 169 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 752 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 768 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site