IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දූෂිත කොන්ත්‍රාත්කරුවන් ‘‘බ්ලැක් ලිස්ට්‘‘ නොකරන එම රට

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ගිවිසුම්ගත බැදීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රතිපාදන තිබියදීත් එසේ නොකරන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

2006 වසරේ හඳුන්වා දී ඇති ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල ඇති හිඩැස් හේතුවෙන් ඉහත පළමු ගැටලුව මතු වී තිබෙන බවත් දූෂණයට එරෙහිව සටන් වැදීම සඳහා ඉතා ඉක්මණින් එම හිඩැස් වසා දැමීමට කටයුතු කළ යුතු බවත් මෙම වාර්තාවෙන් හෙළි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ගිවිසුම්ගත බැදීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට පමණක් නොව එම කොන්ත්‍රාත්කරුවන්ගේ නම් පොදු, මාර්ගගත දත්ත ගබඩාවක් මගින් ප්‍රකාශයට පත් කිරීමටද ප්‍රතිපාදන තිබුණත් පසුගිය වසරේ ජූලි මස වනතෙක් එම දත්ත ගබඩාවේ කිසිම නමක් ප්‍රදර්ශනය වී නොමැති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.එයට හේතුව පවතින රෙගුලාසි වලට අනුකූල නොවීම බව එම වාර්තාවෙන් පෙනී යන්නේ යැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

අනෙක් දකුණු ආසියානු රටවලත් මෙවැනිම දත්ත ගබඩාවක් තිබෙන බවත් නේපාලයේ එම දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 629 කගේ සහ බංග්ලාදේශයේ දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 510 කගේ නම් ඇතුළත් වී තිබෙන බවත් එම වාර්තාවෙන් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

 



අදහස් (1)

දූෂිත කොන්ත්‍රාත්කරුවන් ‘‘බ්ලැක් ලිස්ට්‘‘ නොකරන එම රට

Lalla Monday, 19 February 2024 10:16 AM

අපරාධ කළ සහ චූදිත මන්ත්‍රීලා නෙරපීම නොකරන ලොව එකම පාර්ලිමේන්තුව...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලම -අනුරාධපුර පාරට ගහක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 27 0 0

වසර 100 පමණ පැරණි දැවැන්ත මාර ගසක් පුත්තලම අනුරාධපුර මාර්ගයෙ පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙදී ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.


උඩරට දුම්රිය මාර්ගයට කසල කන්දක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 27 507 0

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්


කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්
2024 නොවැම්බර් මස 27 962 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ


කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
2024 නොවැම්බර් මස 27 304 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය


මන්නයකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 27 413 0

හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 426 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 555 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 757 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site