IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


දූෂිතයන්ගේ ලයිස්තු නීතිපතිට අල්ලස් කොමිසමට

(සුජිත් හේවාජුලිගේ)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා  සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්දේශ එම කාරක සභාවල තීරණ  පරිදි නීතිපතිවරයාට සහ  අල්ලස්  හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  යොමු කිරීම සඳහා  නිර්දේශ ඉදිරිපත් කිරීමට  කෝපා කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීම සඳහා වූ අනුකාරක සභාවේ අවධානය යොමුවී ඇත.

එසේම ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා එම ආයතනවලට නිශ්චිත කාල රාමුවක් හඳුන්වා දිය යුතු බවද එම අනුකාරක සභාව පෙන්වා දෙයි.

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා මැලේසියාව ඉන්දියාව වැනි රටවල විශේෂිත යාන්ත්‍රණයක් හෝ වෙනම ආයතන පවතින බවත් මෙරටේද එවැනි යාන්ත්‍රණයක් ඇති කළ යුතු බවත් අනුකාරක සභාව සඳහන් කරයි.

ඉහත කාරක සභා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සහ ක්‍රියාත්මක නොවීම පිළිබඳ පසු විපරම් කිරීමට සහ ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමට ඉදිරිපත් කෙරුණු නිර්දේශ සහිත වාර්තාව පිළිබඳවද  මෙම කමිටුවේදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මෙම අනුකාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය කර ඇත.

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය සඳහා පත්කර ඇති අනුකාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා රැස්විය.



අදහස් (1)

දූෂිතයන්ගේ ලයිස්තු නීතිපතිට අල්ලස් කොමිසමට

පිටිගල මිලානෝ Saturday, 29 June 2024 11:19 AM

රට කාපු මහා හොරාව ඉස්සෙල්ලාම අල්ලන්න...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2536 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site