IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


දොස්තර පැදවූ මෝටරිය බදුලු ඔයට පෙරළී 6ක් රෝහලට

(ප්‍රසාද් රුක්මල්) 

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල උඩුවර  නිල්බෝවිල ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු ඇතුලු පිරිසක් ගමන් ගත් මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට අද (31) පස්වරුවේ පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුලු හයදෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි දියතලාව රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු  ඔහුගේ කුඩා දරුවන් දෙදෙනකු සහ  බිරිඳගේ නැගනියත් ඇයගේ සැමියා සහ කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු හත්දෙනෙකු බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට  මෝටර්රථය තුළ ගමන් කරමින් සිටියදී මෙසේ මෝටර්රථය  බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කළේය .

අනතුරින් කුඩා දරුවන් හතර දෙනා , ගැබිනි කාන්තාවක සහ ඇයගේ සැමියා මෙසේ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් , මෝටර්රථයේ ගමන් ගත් වෛද්‍ය වරයා සුලු තුවාල ලබා සිටින බවත් පොලිසිය පැවසීය .

මෝටර් රථය බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුරුව ප්‍රදේශවාසින් හාලිඇල පොලිසියේ නිලධාරීන් එක්වී  මෝටර්රථය තුළ සිරවී සිටි පිරිස මෙසේ බේරාගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සිදු කල බවත් හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා සදහන් කළේය .

වර්ෂාවත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම ද වැඩි වී තිබිණ .

අනතුරින් මෝටර්රථය ට දැඩි ලෙස අලාභහානි වී ඇත.

තුවාලකරුවන් ගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශයකු කීය .

බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත ජේෂ්ඨ පොලිස් අධිකාරි පී එම් ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .



අදහස් (1)

දොස්තර පැදවූ මෝටරිය බදුලු ඔයට පෙරළී 6ක් රෝහලට

ඉරාන් Saturday, 01 February 2025 08:54 AM

මෙතැන "දොස්තර" පැදවූ කියන එකේ තියන වැදගත්කම මොකක්ද?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 36 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 26 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 106 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


’’මේ දේශපාලනයෙන් අපිට ලැබෙන ඇටි කෙහෙලක් නෑ’’
2025 අප්‍රේල් මස 26 1092 6

’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.


උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න: නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි
2025 අප්‍රේල් මස 26 113 1

පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර


සුවසැරියටත් ඇමති බංගලාවක්
2025 අප්‍රේල් මස 26 521 0

සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 868 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 391 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site