(මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
එම සංවිධානය අද 11 පෙරවරු 5.30 ට නිකුත් කර ඇති එම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල , හාලිඇල සහ පස්සර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල සහ නියාගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඇල්පිටිය, බද්දේගම, නෙළුව සහ නාගොඩ යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සහ පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහි පළමු මට්ටමේ නිවේදනයද බුලත්සිංහල , හොරණ, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම්කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, රුවන්වැල්ල, දෙහිඕවිට, යටියන්තොට, සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇලපාත,කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඇහැලියගොඩ සහ කිරිඇල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල ගෙවී ගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවත් දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල මිලි මීටර් 100 ඉක්වමූ වර්ෂාපතනයක් ලැබී ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යණ සංවිධානය කියයි. මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2024.10.11 වන දින පෙරවරු 5.30. ට නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම 2024.10.12 වන දින පෙරවරු 5.30 දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි