IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික්ක 11කින් ඩෙල්ටා රෝගීන් තවත් පනස් හතර දෙනෙකු සොයාගනී

(සුජිත් හේවාජුලිගේ)

දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක නගර 26කින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ තවත් රෝගීන් 54 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

මේ අතර කොළඹින් හමු වන කොවිඩ් රෝගීන්ගෙන් සියයට 75ක් පමණ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් බව පෙනී යන්නේ යැයි සැර කොරෝනා වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ , වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මේ අනුව අලුතින් සොයා ගැනුණු රෝගීන් පනස් හතර දෙනා සමග මේ දක්වා සොයා ගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ රෝගීන් සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ යනු ඇත.

ඩෙල්ටා රෝගීන් 68 දෙනකු මෙයට පෙර සොයා ගෙන තිබිණ.

මේ අනුව මෙම රෝගීන් 54 දෙනා හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරිකප්‍රදේශය ,දෙහිවල,බොරලැස්ගමුව ,අංගොඩ ,කැස්බෑව ,කොලොන්නාව ,නුගේගොඩ ,මහරගම,කහතුඩුව කලුතර දිස්ත්‍රික්කයේ පානදුර , කළුතර සහ අහුන්ගල්ල ,ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත බියගම සහ රාගම ,ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල සහ කරාපිටිය ,මාතර දිස්ත්‍රික්කයේ මාතර ,රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ,වවුනියාව දිස්ත්‍රික්කයේ වව්නියාව ,යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව,කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල ,මහනුවර දිස්ත්‍රික්කයේ නුවර යනාදි ප්‍රදේශවලිනි.

එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

මේ අතර මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙය අහඹු ලෙස ලබාගත් සාම්පලවලින් තහවුරුවූ රෝගීන් ප්‍රමාණයක් පමණක් බවයි.

මෙයට වඩා දහස් ගණනින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ රෝගීන් සමාජයේ සිටිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 11කින් ඩෙල්ටා රෝගීන් තවත් පනස් හතර දෙනෙකු සොයාගනී

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 357 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 636 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1519 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2174 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 484 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 407 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site