(ශාන්ත චන්ද්‍රසිරි)
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, දැරණියගල, වරකාපොල, බුලත්කොහුපිටිය, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දැනුම්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, අගලවත්ත, දොඩංගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල හා අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය නිතුක් කර තිබේ.
හෙට (18) පස්වරු 4.00 දක්වා මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන් වලංගු බවත්, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට
ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දිස්ත්‍රික්ක 6 කට අනතුරු අඟවයි