IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්

(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත්  පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ  අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ වරකාපොල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ  අනතුරු ඇඟවීමේ නිවේදනය නිකත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නාරමම්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ , ඉඹුල්පේ සහ ඕපනායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා  පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය අද (19) වනදා රාත්‍රී 9.30 දක්වා බල පැවැත්වෙයි.

පළමු මට්ටමේ නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ සහ දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශයලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් වැස්ස තව දුරටත් පවතී නම් අවධානයෙන් සිට ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස්  කර ගන්නා  ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

දියත

දකුණු කොරියාවට හමදා නීතිය පනවයි
2024 දෙසැම්බර් මස 03 677 0

දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද ප්‍රකාශ කළේය.


මඩොල්සිම පාරට ගල් කුට්ටියක් පාත් වෙයි
2024 දෙසැම්බර් මස 03 129 0

මඩොල්සිම ඇකිරිය ප්‍රධාන මාර්ගයේ බටාවත්ත කුරුවිගොල්ල සංජීව් දේවස්ථානය අසල දි අද (03) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර වර්ශාව නොමැතිව විශාල ගල්පර්වතයක් කඩා


වෙන්නප්පුවේ ගමක් තෙමසක් තිස්සේ යටවෙලා
2024 දෙසැම්බර් මස 03 948 0

අධික වැසි පවතින කාළවලදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස නොයාම හේතුවෙන් ප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් කත කෝච්චියෙන් වැටිලා
2024 දෙසැම්බර් මස 03 829 0

ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින


’අස්වැසුම’ එකවරක් අයදුම් කිරීම ප්‍රමාණවත්
2024 දෙසැම්බර් මස 03 394 0

’අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ සඳහා මීට පෙර අයදුම්පත් ඉදිරිපත් පුද්ගලයන් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එම වැඩසටහනට මේ දක්වා


ගසක ගෙඩි කෑ මාවනැල්ලේ පාසල් ළමුන් අටක් රෝහලේ
2024 දෙසැම්බර් මස 03 459 0

මාවනැල්ල මහාවිද්‍යාලයක භුමියේ වගාකාර ඇති ආදර්ශ ඖෂධ උයනේ ඖෂධ ශාඛයක ගෙඩි කෑ බව කියන සිසුන් අටදෙනෙක් වමනේ යෑම සහ බඩඑළියේ යෑම හේතුවෙන් අද (03) පස්වරුවේදි මා


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 47 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 660 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 836 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site