IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


දහතුන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව  බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා   ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී  විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය. 

ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මෙහිදී පැහැදිලි කිරීමට ද නියමිතය. පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා ගන්නේ කෙසේද යන කාරණය ගැන  ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයේදී  කරුණු පැහැදිලි කරනු ඇත.

ජනාධිපතිවරයා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හා දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ වල එක මතයක් නොමැතිවීම ජනාධිපතිවරයාගේ  කටයුත්තට බාධාවක් වී අතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.



අදහස් (9)

දහතුන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සුපුන් Tuesday, 01 August 2023 01:05 PM

යන්නේ කොහේද මල්ලේ පොල්. මිනිස්සුන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ ජීවත් වෙන්නේ කොහොමද? ළමයින්ට කන්න දෙන්නේ කොහොමද කියලා. මෙයාට දැන් අවශ්‍ය දෙමළ ඡන්ද ටික ගන්නේ කොහොමද කියලා... 2005 දෙමළ ඡන්ද ටික හම්බ වුණා නම් යුද්දෙ තාමත් තියෙනවා. අනිත් එක තමයි උද්ධමනය පහළ ගිහින් බඩුමිල වැඩිවෙන ලෝකෙ තියෙන එකම රට ලංකාව...

:       0       0

කිරිපුකා Tuesday, 01 August 2023 01:20 PM

ඔය මොනවා කළත් එයාලා හදාගන්න යන්නේ ඊළම. ඊට පස්සේ එතැන ඉඳන් නැවත ප්‍රශ්න... පුළුවන් නම් කනාෂොට් ඇවිත් තව අවුලක් හදලා යයි මෙතුමාත්...

:       0       0

ගාමිණී Tuesday, 01 August 2023 01:47 PM

13 නෙවෙයි 63 ක්‍රියාත්මක කළත් වැඩක් තියෙනවද ඡන්දයක් නැතුව... ඉස්සල්ලා ඡන්දෙ තියලා ඉන්ටකෝ... සිංහල දෙමළ මුස්ලිම් හැම පක්ෂයක්ම එදා එක හඬින් කිව්වේ ඒකනේ. අනිත් එක ඔබතුමාට ඔය වගේ තීරණ ගන්න තරම් ප්‍රබල ජනමතයක් ලැබිලා නෑ. යාන්තම් පාර්ලිමේන්තු ආවෙත් මාමා ගෙනාපු ව්‍යවස්ථා ගැටේ හින්දා. පොහොට්ටුවේ අපි නැත්නම් ඔබතුමා නිකම්ම නිකන් මන්ත්‍රී... ගෝඨාභය සර් කරපු සමහර පිස්සු වැඩ නිසා යන්න වුණාට රටේ 69 ලක්ෂයක ඡන්දෙ දීලා ආණ්ඩුවක් හැදුවේ අලුත්ම අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මිසක් තියෙන එකට අණ්ඩ දාන්න නෙවෙයි...

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 01 August 2023 01:56 PM

රට විනාශකරන තුරු මෙයාට නින්ද යන්නේ නැහැ.

:       0       0

මැක්ස් Tuesday, 01 August 2023 03:45 PM

අරගලයින්ගේ අග්‍ර ඵලය ඔබ වුවත්, 13 වැනි වඩාත් සංවේදී මාතෘකා පිලිබඳ කතා කිරීමට ඔබට ජනතාව ගෙන් වරමක් ලැබී නෑ නේද? වෙසෙසින්ම ගෝඨා මහතාගේ ඉතිරි ධුර කාලය තුළ එවැනි දේ කිරීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත්තේ ගෝඨා මහතා 13ට විරුද්ධව සිටි නායකයකු බැවිනි..

:       0       0

Wije Tuesday, 01 August 2023 04:24 PM

මේකද රටේ තියෙන දැවෙන ප්‍රශ්නේ... උතුරේත්, දකුණේත් දුප්පත්කම, බඩගින්න, බෙහෙත් නැති ඉස්පිරිතාල තව කෝටියක් ඇත්තටම ප්‍රශ්න... කපටි නරියා ආයෙත් ජනාධිපති වෙන්න හදනවා.

:       1       0

sisil Tuesday, 01 August 2023 05:27 PM

උතුරු නැගෙනහිර පුරවැසියන් අමතක කර බලය ලබාගැනීම මූලික අරමුණ කරගත් දේශපාලන කණ්ඩායම් වෙනුවට සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් දේශපාලනය කළහැකි ලෝකයේ වෙනත් රටවල සේවය කළ අධ්‍යාපනය ලද සහ ඒ පිළිබඳව සහ ලෝකයේ වෙනස්වීම් පිළිබඳව අවබෝධයක් තිබෙන, අලුත් අදහස් තිබෙන්නා වූ, ජාතීන් වශයෙන් නොව අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක්ව නැගිසිටිමු යන්නා වූ මතයේ සිටිනා තරුණ පිරිසට ලංකාවේ දේශපාලනයට එක්කර ගත යුතුවේ. ද්විත්ව පුරවැසි බව ගැටළුවක් නොවන ආකාරයට දක්ෂයින්ට අවස්ථාවක් ලබාදීම වැදගත් වේ. ද්විත්ව පුරවැසියන් රටට සේවයට පැමිණියද ඔවුන්ට යම් චෝදනා එල්ල වන්නේ නම් ඔවුන්ට අධිකරණයෙන් දඬුවම් පැමිණවිය හැකි ආකාරයට නීති සම්පාදනය විය යුතුවේ. "ලංකාවේ ඉපදී වෙනත් රටක පුරවැසි බාවය" ලබා නැවත ලංකාවට පැමිණ සහයෝගය ලබාදීමට කිසිවකු අවහිර නොවන ආකාරයට අවස්ථවන් ලබාදුන හොත් බොහෝ පිරිසක් නැවත ලංකාව නගාසිටුවීමට සහයෝගය ලබාදෙනු ඇත. ද්විත්ව පුරවැසියන් පිළිබඳව තිබෙන්නා වූ සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳව අදහස් දක්වමින් ජනතාව රැවටීමට අවස්ථාවක් ලබා නොදිය යුතුවේ...

:       0       0

Bamunuarachchi Tuesday, 01 August 2023 07:38 PM

13 ගැන මොන මගුල කරන්නත් 13 ක්‍රියාත්මක කරනවා කියලා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රකාශ කර මහජන කැමැත්තෙන් බලයට එන්න. 13 බල ගැන්වීමට ඔබ‍ට ජනතාව බලය දී නැත. ලක්ෂ 69 ඝෝඨාභයට ඡන්දෙ දුන්නේ රට, ජාතිය රැකගන්න මිස පාවා දෙන්න නොවෙයි. වැස්සට පිළිකන්නට ගොඩ වුණු කෙනා ගෙදර උළුවහු වෙනස් කරන්න කථා කරනවා වගේ රටේ ආර්ථික අහේනිය වෙලාවේ රට ගෙනියන්න සුදුසු කෙනෙක් නැති නිසා රට බාරගෙන, රට පිදුරු ගහක එල්ලිලා ගොඩ එන්න බලනකොට මේ ගොයියා කලදුටුකළ දෙමළුන්ට වල ඉහගන්න උදව් කරන්න ගොස් ලී කොටේ කූඥ්ඤ ඇද්ද වඳුරා කර ගත්තු දේ කරගන්නවා ෂුවර්. මේ හදන්නේ 13 දුන්නත්, නොදුන්නත් දෙමලුන්ගේ ඡන්ද එකතු කරගන්න....

:       0       1

නිමල් Wednesday, 02 August 2023 06:23 AM

කොන්ද පණ නැති මාමා විසින් ඉන්දීය බලපෑමට යටත්ව එයට එරෙහි වූ සිංහල තරුණ තරුණියන් 66000 ම්ලේච්ඡ ලෙස ඝාතනය කර සම්මත කරගත් 13 හොර පාරෙන් ලබාගත් ජනපති පුටුව තවදුරටත් රැකගැනීමේ තණ්හාවෙන් පීඩිතව සිටින කොන්ද පණ නැති අය විසින් බලාත්මක කිරීමට යන වගයි...

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 66 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 292 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කොටුව -මරදාන අතර දුම්රිය පීලි පැනීමක්
2024 ඔක්තෝබර් මස 15 118 0

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය අද (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය එන්ජිමක ගින්නක්
2024 ඔක්තෝබර් මස 15 250 0

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 10 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 416 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 426 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1426 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site