IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දෙහදක් අතර සිරවු ව්‍යාපාරික සිරුර

(සුමිත් පොතුපිටිය)

මියගිය ව්‍යාපාරිකුගේ මළ සිරුරට නීතිඥ බිරිඳක සහ රජයේ ලිපිකාර බිරිඳක අයිතිවාසිකම් කීම නිසා ඇතිවූ උණුසුම් තත්වය  දෙපාර්ශවයේ එකඟතාවය මත ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමට කටයුතු කළ  පානදුර දකුණ පොලිසියෙන් වාර්තාවේ.

පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ව්‍යාපාරිකයකු  සිය නිවසේ නිවසේදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇතැයි පොලිසිය කීය.

මියගොස් ඇති ව්‍යාපාරිකයා විවාහ දෙකක් සිදුකරගෙන ඇති අතර, දෙවන විවාහයේ බිරිඳ සමග මියයන අවස්ථාව වන විට ජීවත්ව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

පළමු කසාදයේ බිරිඳ නීතිඥවරියක වන අතර , දෙවන කසාදයේ බිරිඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකාරිනියක බවද කසාද දෙකෙහිම දරුවන් කිහිප දෙනකු සිටින බවද සඳහන්වේ.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂණය පානදුර හදිසි මරණ පරීක්ෂක දුමින්ද අධිකාරම් මහතා සිදුකළ අතර , පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර දේහය ඥාතීන්ට භාරදීමට පොලිසිය සූදානම්ව ඇත.

එම අවස්ථාවේ නීතිඥ බිරිය මියගිය සැමියගේ සිරුර තමාගේ නිවසේ තැන්පත් කරවීමට අවශ්‍ය බවට  ඉල්ලීමක් කර ඇති අතර, එසේ දේහය ලබාදෙන්නේ නම් තමාට සහ තමාගේ ඥාතීන් මිතුරන් ඇතුළු සියලු දෙනාට කිසිදු බාධාවකින් තොරව දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ යාම් ඊම් කිරීමට අවශ්‍ය බව දෙවන කසාද බිරිඳ සඳහන් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව දෙපාර්ශ්වය අතර ඇතිවූ කතාබහ දුරදිග යාමට ඉඩ නොදී පොලිසියේ මැදිහත්වීමෙන් දේහය ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමට දෙපාර්ශ්වයේ එකඟතාවය මත පියවර ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

දේහයට සුදුසු පරිදි අවසන් ගෞරව දක්වා අවසන් කටයුතු කිසිදු ගැටුමකින් තොරව සිදු කරන ලෙස දෙදෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

 



අදහස් (2)

දෙහදක් අතර සිරවු ව්‍යාපාරික සිරුර

Prabha Saturday, 23 March 2024 01:43 AM

හූනා කිව්වා වගේ කියන්නම්. ලොකු දේපලක් තියන කෙනෙක්...

:       0       12

janaka Saturday, 23 March 2024 08:17 AM

දික්කසාද නොවි විවාහ දෙකක් කරගත්තේ කොහොමද නීතිවේදි බිරිඳ ඒක දන්නේ නැද්ද? මේ ඔක්කෝම හොරු මල්ලී...

:       0       15

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 449 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 36 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 579 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 242 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 454 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 820 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site