(දිලංගා ගෝමස්)
දෙහිවල ගල්කිස්ස මහ නගර සභා කොමසාරිස්වරයා ගමන් ගත් නිල රථය අවහිරය කර බැන තර්ජනය කර රාජකාරියට බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය අද (8) නියෝග කළාය.
රාජකාරී කටයුත්තක් සඳහා නිලධාරීන් කිහිපදෙනකු සමග දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ කොමසාරි ස්වරයා චන්දන ක්‍රිෂාන්ත කුමාර මාන්නප්පෙරුම මහතා සිය නිල රථයෙන් අත්තිඩිය ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී හිටපු නගරාධිපතිවරයා කොමසාරිස්වරයාගේ නිල රථය හරස් කරමින් කොමසාරිස්වරයාට පරුෂ වචනයෙන් බැන " උඹ කොහොමද මගෙන් අවසරයක් නැතිව රැස්වීම් කරන්නේ?" තොට කනට දෙකක් දෙන්නේ කියා අත උස්සමින් තර්ජනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය අධිකරණයට දැන්වීය.
නැවත මෙම නඩුව අගෝස්තු මස 2 වන දින කැදවීමට නියමිත අතර මහේස්ත්‍රාත්වරිය හිටපු නගරාධිපතිවරයාට සාමයෙන් සිටින්නැයි ද තරයේ අවවාද කළාය.
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපතිට අධිකරණයෙන් අවවාද
ravin Saturday, 08 July 2023 07:43 PM
තවත් දේශපාලකයෙක්... මේ වගේ අය වැදගත් තැනකට පත්කරලා යවන්න තරම් මෝඩ මිනිස්සු තවත් ඉන්නවද?
kirihonda Sunday, 09 July 2023 04:11 AM
ඔය නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගෙන් සමහරු දැඩි හීනමානවලින් පෙලෙන්නන්. එයාලා හිතන්නේ එයාලා ලයිසන් චණ්ඩි කියලා. නැත්නම් මෙහෙම හැසිරෙන්නේ කොහොමද? ඔන්න ඔය වගේ මෝඩ මිනිස්සු නිසා තමයි විනීත දේශපාලඥයෙකුටත් පාරේ යන්න බැරිවෙලා තියෙන්නේ. අරගලය දවස්වල මෙයාලාට ඇඳන්යට හැංගිලා ඉන්න වුනේ... මෙන්න මේ අසික්කිත හැසිරීම් නිසා තමයි. මේ මිනිහා හිටපු මිසක් දැන් ඉන්න කෙනා නෙවෙයිනේ. මේ වගේ අයියලාව නැවත වරක් නම් නගර සභාවේ වැසිකිලි හෝදන්නවත් පත් නොකිරීමට ජනතාව වගබලා ගතයුතුයි.
හාමල්ලී හා Sunday, 09 July 2023 06:15 AM
විසුරුවා හැරපු ආයතනයේ හිටපු ප්‍රධානියාට බලය නැහැ... වත්මන් පාලකයින්ට බලපෑම් කරන්න ඔහුට උපරිමයෙන් දඬුවම් දියයුතුය. ඒත් පේන හැටියට මැරයාට ජයවේවි කියලා පේනවා... හරි නම් කරන්න ඕන රාජකාරියට බාධා කිරීම වෙනුවෙන් දඬුවමක් දීම නේද? ඇත්තටම ආණ්ඩුව නැවතත් හිටපු දේශපාලුවන් නැතුව කැඳවීමක් කළොත් කොහොම හිටීවිද? ඉස්සර ජනතාව මුදලට කරගත් දේ වර්තමානයේ නොමිලයේ කළාම හිටපු පාලකයින් පිස්සුවෙන් දඟලනවා කියලා තමයි කියන්න වෙන්නේ..!