(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කුඩා තේ වතු හිමියන්ගේ දළු බිලෙන් වැට් බදු අය කිරීමක් නොකරන බවට මහ බැංකු අධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාල ගැටලුව සම්බන්ධයෙන් තමා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔහු එම පොරොන්දුව ලබාදුන් බවද කථානායකවරයා කීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පැවසූයේ පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ ජනවාරියේදී දළු බිල එන විට වැට් බද්ද නිසා හැම දළු කිලෝ එකකින්ම රුපියල් හතළිහක් පමණ අඩු වනු ඇතැයි කී වීරසුමන වීරසිංහ මහතා වැට් අය කරන්නේ වෙන්දේසිකරුවාගෙන්ද ,තේ කම්හල් හිමියාගෙන්ද එසේ නැතිනම් අමු දළු සපයන්නන්ගෙන්ද යන ප්‍රශ්නය තිබෙන බවද කීය.
මේ ආකාරයට වැට් බද්ද දළු සපයන්නගෙන් අය කළහොත් ඔවුන්ට විශාල අසීරුතා විඳින්නට සිදුවෙන බව කී මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යැයි පැවසීය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දළු බිලට වැට් නෑ
රට පෙරට Tuesday, 09 January 2024 12:02 PM
වීරසුමන කියන ආකාරයට වැට් අයකලොත් නම් ඉතින් සිලෝන් තේ නාමය සදාසොත්ථි තමයි .කොහොමත් අමු දලු සදහා ගෙවීමට නියම ප්‍රතිශතය වෙන්නෙ 60% ක් පමණයි. අනෙක් වියදම් සදහා 40% ක් අවශ්‍ය වෙනවා .කොහොම වුනත් තේ කම්හල් වලින් වැට් ගැනීම කුඩා තේවතු හිමියන්ට පාඩුවක් වෙන්නෙ නැහැ කියන්න අමාරුයි. අපි බලමුකෝ ජනවාරි පෙබරවාරි මාසවල සපයන දලුවලට ගෙවන්නෙ කොහොමද කියලා .එතකොට වීරසුමන හරිද නැත්නම් කතානායක හරිද බලන්න පුළුවන්