IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි

( තිලකරත්න දිසානායක.)

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටලීමක් සිදු කොට අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සඳහන් කරයි. 

එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයේ දී කුරක්කන් කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740 ක, නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස හා එය මාස 12 ක් ඇතුළත භාවිතා කල යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා විසින් සඳහන් කොට තිබුණද , ශ්‍රී ලාංකික ආනයනකරු විසින් ඇසුරුම් කළ වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ  කල් ඉකුත්වන වර්ෂය හ මාසය, මාස 24 ක් ඉදිරියට යොදමින්, 2026 ජූලි ලෙස ස්ටිකරයක් මගින් වෙනස් කර වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ ආකාරය නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව ඇත. 

මෙම කරුණු අධිකරණයට වාර්තා කර අදාළ ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති බවත් ඉදිරි උත්සව සමය තුල මෙවැනි භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලක්වීමට දිවයින පුරා විමර්ශන සහ වැටලීම් සිදුකරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවත් එළඹෙන උත්සව සමය තුළ තොරතුරු වෙනස් කරන ලද ආහාර ඇතුළු භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලැක්වීම සඳහා මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක වන අතර එහිදී තොග ගබඩා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ලබන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු පැවසීය. 

 



අදහස් (0)

දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි

ඔබේ අදහස් එවන්න

දියත

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 2 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 230 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 414 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 198 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 134 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 224 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site