(මොහොමඩ් ආසික්)
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, බදුල්ල සහ හාලිඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර සහ දොළුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයද, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමද නිකුත් කර තිබේ.
එයට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොළ. මාතලේ සහ නාවුල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද යටවත්ත, උකුවෙල, රත්තොට සහ විල්ගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
පළමු මට්ටමේ නිවේදනය නිකුත් තර ඇති ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 කට වැඩි සහ දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට ගෙවී ගිය පැය 24 තුල මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබි ඇති බැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව උපදෙස් පිළිපදිමින් අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025.01.19 වන අද දින පෙරවරු .8.00 ට නිකුත් කර ඇති මෙම නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය හෙට 20 වනදා පෙරවරු 8.00 දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සංවිධානාත්මක අප
පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද(19 ) සිට වසා ද
පවතින අධික වැසි හේතුවෙන් වාරිමාර්මර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශ දාහතර, සහ අනෙකුත් මධ්‍යම හා සුළු පර
අම්පාරට ලැබෙන අධික වර්ෂාව සමග ඉඟිණියගාල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහල යෑම නිසා සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බව අම්පාර දිස
පවතින අධික වර්ෂාව හේතුවෙන් බොහෝ තැනන්න ජලාශයේ වාන් දොරටු හයම අඩිය විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද (19) පැවසීය.
ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
දිස්ත්‍රික්ක හතරකට නාය අනතුරු ඇඟවීම්