IMG-LOGO

2025 ජනවාරි මස 01 වන බදාදා


දුවන දුම්රිය එන්ජින් 50 ත් දෝෂයන්ට ලක්වීම ගැටලුවක්

(යොහාන් භාසුර)

දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින් හිඟවීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනයට සුදුසු එංජින් 50 ක් පමණ තිබෙන බවත් ප්‍රමාද කිරීම් සහ අවලංගු කිරීම් වලින් තොරව දුම්රිය ධාවනය කිරීමට නම් හොඳ තත්වයේ දුම්රිය එංජින් 70 ක් අවම වශයෙන් තිබිය යුතු බවත් එම නිලධාරියා කීය.

අවලංගුවීම් හෝ ප්‍රමාදයන්ගෙන් තොරව දුම්රිය ධාවනය කිරීමට නම් අවම වශයෙන් හොඳ තත්වයේ දුම්රිය එංජින් 60 ක් අවශ්‍ය බවත් දැනට ධාවන තත්වයේ ඇති දුම්රිය එංජින් 50 කට ආසන්න ප්‍රමාණයෙන් වැඩි සංඛ්‍යාවක විවිධ කාර්මික දෝෂ ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

දුම්රිය එන්ජින් අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස් නොමැතිවීමෙන් කාර්මික දෝෂයන්ට ලක්වන ඇතැම් එන්ජින් යථා තත්වයට පත් කිරීමට මාස ගණන් කාලය ගතවන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (7)

දුවන දුම්රිය එන්ජින් 50 ත් දෝෂයන්ට ලක්වීම ගැටලුවක්

Lalla Sunday, 29 December 2024 02:43 PM

අවුරුදු ගණනාවකට පෙර ගෙන්වූ ඉන්දියානු එන්ජින් සහ මැදිරි පාවිච්චියට නොගෙන අයින් කරල තියෙනවා නේද? ලඟදිත් එන්ජින් විස්සක් තෑගි දුන්න. කෝ ඒවට මොකද වුනේ

:       0       2

ජගත් ලියනගේ Sunday, 29 December 2024 03:01 PM

දුම්රිය එනජින් හොද තත්වයේ නැතිනං ඒවා නිසි තත්වයේ තබා ගැනීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ එහි වැඩ කරන නිලදාරින්ගේ වගකීමක්. රජයේ වගකීමක් ඒවාට ප්‍රතිපාදන ලබා දීම. දුම්රිය දෙපාර්තමේන්තුවට ලංකාවේ ඇති වැඩිම වටනාකමක් ඇති ඉඩම් සම්බාරයක් ඇති බවද අපි දනිමු.

:       0       1

janahitha Sunday, 29 December 2024 03:48 PM

ඕක කරන්න බැහැ... පාරවල් වල මිනිසුන් මියගිය පසු ඇවිත් සිග්නල් අලුත්වැඩියා කරනවා... සේවක සමාජයම බීමට ඇබ්බැහි වෙලා.. RDA එකත් එහෙමයි. මේවා පුද්ගලික අංශයට බාර දිය යුතුමය.

:       1       0

sachith Sunday, 29 December 2024 06:59 PM

හැම ආණ්ඩුවක්ම පත් වුණාම දුම්රිය එන්ජින් ගෙන්නන එක තමයි ලොකුම විනෝදේ හැබැයි ගේන ගොඩක් ඒවා මෙහෙ ගෙනාවාම ප්‍රශ්න... දැන් ඉන්දියාවෙන් පරණ එන්ජින් 20 ක් නිකන් දෙනවාලු ඒවාඉතින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ විතරයි නේ දුවන්න පුළුවන්

:       0       1

ගුණරත්න Sunday, 29 December 2024 07:55 PM

මහත්තයා දන්නේ නැතිවට අපි ටිකට් අරං තමයි කෝච්චියේ යන්නේ. ඉතින් ඒ එකතු වෙන සල්ලි කෝ?

:       1       0

Rho Sunday, 29 December 2024 08:04 PM

රාජපක්ෂ මාෆියාව මේ තුළ ක්‍රියාත්මක වෙනවා .....

:       0       1

sam Monday, 30 December 2024 07:53 AM

පසුගිය ආණ්ඩු කොමිස් වලට ඉන්දියාවෙන් අබලන් එන්ජින් ගෙන්නලා කළ විනාශය තරමයි.. ඔස්ට්‍රේලියාවට කතා කරලා ඔවුන් අයින් කරන්න එන්ජින් ඉල්ල ගන්න.ඒවා නියමෙට නඩත්තු කරලා තියෙන්නේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

නඩුකාරවරුන්ට මාරුවක්
2025 ජනවාරි මස 01 260 0

මහේස්ත්‍රාත්වරුන් කිහිපදෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත.


ටිපර් රියදුරු ටිපර් රථයෙන් වැටීමරුට
2025 ජනවාරි මස 01 119 0

බණ්ඩාරගම ගුංගමුව ගල් මෝලක් තුළදී ගල් පැටවූ ටිපර් රථයෙන් බිමට වැටී රියදුරු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.


ගංගාරාමයේ ආශීර්වාද වැඩසටහණෙන්
2025 ජනවාරි මස 01 71 0

ජනතාවට නව වසරට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ ආශීර්වාද වැඩසටහනක් අද (1) පෙරවරුවේ පැවැත්විණි.


සාදයේදී බීමක් විස වී තරුණයා මරුට
2025 ජනවාරි මස 01 205 0

නව වසර උදාව සමරමින් සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවස


අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට
2025 ජනවාරි මස 01 286 0

රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


ආහාර උද්ධමනය අඩුවුණේ ආහාර රැසක මිල අඩුවීමෙන්ලු
2025 ජනවාරි මස 01 276 2

ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 310 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 176 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 158 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site