(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය විදේශ රටක සිට මෙහෙයවූ දෙහිබාලා නැමැත්තාගේ මස්සිනා බව පොලිසිය කියයි.
එම සැකකරු ජංගම දුරකථන අලවිසලක හිමිකරුවකු බවද පොලිසිය කියයි.සැකකරු සමග වෙඩික්කරුවන් රැගෙන ගිය බව කියන සුඛෝභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් මාර්තු මස 21 වෙනි දින සිදු වූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන එයින් 6 දෙනකු ප්‍රශ්න කර මුදාහැර තිබූූ අතර ඉතිරි පුද්ගලයන් 9 දෙනාගෙන් 6 කු බන්ධනාගාර ගත කර තිදෙනෙකු දින 90 ක ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි.
දෙහිබාලා නැමැත්තාගේ සහෝදරයා වසර කීපයකට ඉහතදී කාවාඩි පෙරහරක නර්තනයක යෙදි සිටියදී ඇති වූ පහර දීමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දිගින් දිගට සිදුවූ ආරවුලක ප්‍රතිඵලයක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වීය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප
ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ න
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
බකල ජයා Friday, 25 April 2025 08:51 AM
මේවා මෙච්චර දුරදිග ගියේ යුනිෆෝම් අයගේ සහයෝගීතාවෙන්, ඉස්සර නම් සුදුවත හැඳි අයගේ සහයෝගීතාවෙන්. දැන් ඉතින් මෝඩයින්ට ඉක්මනට සල්ලි හම්බවුන එකේ වේදනාව ලංකාවටම දැනෙනවා.
prasanna Friday, 25 April 2025 10:04 AM
හතරවටෙම ජෙප්පෝ මිනී මරනවා