IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා

(යොහාන් භාසසුර)

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) පැවසීය.

බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් පසුව විජිත හේරත් මහතා අද (25) පෙරවරුවේ එසේ පැවසීය.

වර්තමාන ආණ්ඩුව යටතේ එවැනි දේ නොවීම නිසා පරණ සංස්කෘතිය වෙනස් කර අලුත් සංස්කෘතියක් ඇති කළ යුතු බවත් දේශපාලන වශයෙන් ජාතික ජනබලවේගයට හිතවත් කෙනෙක් වරදක් කළත් විශේෂයෙන් සැළකීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා කීය.

එවැනි වෙනසක් බලාපොරොත්තුවෙන් මෙරට ජනතාව ජාතික ජනබලවේගයට බලය දුන් බව කී විජිත හේරත් මහතා පොලිසිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජනතාව තුළ විශ්වාසය බිඳ වැටී තිබූ බව ද සඳහන් කළේය.

නීති හා සාමය රැකීමේ වගකීම පොලිසියේ වගකීම වන නිසා එයට ඉඩ ප්‍රස්තාව දෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් වැරදි ක්‍රම වෙන්ස් කර දේශපාලන මැදිහත්වීම් නොමැති පොලිස් සේවයක් ඇති කළ යුතු බවත් විජිත හේරත් මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (9)

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා

karolis Wednesday, 25 September 2024 02:17 PM

එතකොට පොලිස් නිලධාරියෙක් වෙරි මරගාතේ වාහනයක් එලවලා හප්පලා අහුවුනොත් මොකද කරන්නේ? උසස් වීමක් දෙනවැයි ලේකම්තුමාට වගේ...!

:       29       91

JagathWednesday, 25 September 2024 02:38 PM

එවැනි දේකට නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් කොමිසම තියෙනවා.

:       3       25

gamageWednesday, 25 September 2024 02:58 PM

බලන්න කියන දේ තේරුම දන්නවද මන්දා?

:       0       1

අරවින්ද මොනරවිල Wednesday, 25 September 2024 02:27 PM

දැනට සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් සියල්ලටම ස්ථාන මාරුවීම් දිය යුතුය හිටපු පොලිස්පතිවරයා කී පරිදි ස්ථානාධිපතිවරුන්ගෙන් සීයයට අනුනමයක්ම දේශපාලන පත්වීම් ලැබ සේවයට පැමිණි අය නිසා.

:       1       5

Malika Wednesday, 25 September 2024 02:41 PM

ඒ වගේම දීර්ඝ කාලයක් එකම පොලිසියේ ඉඳලා, අවුරුදු 10ටත් වඩා, ඉන්න අයට වහාම ගමේ ඉඳලා කිලෝ මිටර් 10 දුරක්වත් මාරු කරන්න. මේ අය කවම දාකවත් නීතීයට නම් වැඩ කරන්නේ නෑ. වරද දැක දැක දෙපැත්තෙන්ම පගාව අරන් වැරැදි කරන්න ඒ අයට උපදෙසුත් දෙනවා. අත්දැකීමෙන් කියන්නේ. පගාව දුන් නැත්නම් නිවැරැදි පාර්ශවයට හරියට කරදර කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹට ඉතාම ළඟ පොලිසියක මෙවැනි වැරැදි හරියට කරනවා....

:       0       5

සෙනෙවිරත්න Wednesday, 25 September 2024 02:50 PM

කරෝපිස්ලා තවමත් කුලියට කොටනවා, ඔය ගතිය ඇරිලා යයි, රට හරිය කියන පැත්තට එරෙහිව යන අය ඉතිහාසයේ කුණු කූඩයට යනවා...

:       3       8

karolisWednesday, 25 September 2024 03:08 PM

මිස්ටර් සෙනෙවිරත්න අපි නම් ඔයා වගේ අයට කියන්නේ ලෝන්ඩරි කියලා. තමන්ගේ පක්ෂේ වුණත් වැරැද්ද වැරැද්ද විදියට කියන්න පුළුවන් කශේරුකාවක් හදා ගන්න නැත්තන් ඉතින් ලොක්කා තව අවුරුදු 5 ට පස්සෙත් කියයි මම ඉන්ද්‍රජාලිකයෙක් නොවේ කියලා...!

:       2       0

රම්බොඩ Wednesday, 25 September 2024 02:58 PM

එහෙම වෙනවා නම් හොඳයි. මේ වෙනකොට හැම ආයතනයකම ඉන්න සභාපතිවරු, ආණ්ඩුකාරවරු වෙනස් කරනවා. ඒක තමයි මෙච්චර කාලයක් අනිත් පක්ෂ දෙකම කරගෙන ආපු පිළිවෙළ. ඒවට ජාතික ප්‍රතිපත්ති ඉදිරියේ දි හෝ හැදුණොත් හොඳයි.

:       0       1

sarath Wednesday, 25 September 2024 03:07 PM

ඇමැතිතුමා පොලිසිය ස්වාධින කිරීම වගේම පොලිසියේ අය කරන වැරැදි වලට ක්ෂණිකවම දඬුවම්කරන ක්‍රමයකුත් හදන්න ඕනෑ. මොකද පොලිසිය පසුගිය කාලේ වැරැදි කලේ දේශපාලන ඇඟිලි ගැසීම් නිසා පමණක්ම නොවෙයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 251 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 891 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 921 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 478 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 953 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1745 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24374 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site