IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


දේශබන්දුගේ ගෙදර රටබීම බෝතල් 1009ක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 1009 ක්ද ඔහුගේ ගිනි අවියද ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක්ද සොයාගත් බව අපරාධ පරීක්ෂණ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට බාරවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

වැලිගම පොලිස් වසමේ සංචාරක හෝටලයක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු හය දෙනකුට චෝදනා එල්ල වූ කාරණය ගැන අදහස් ඉදිරිපත් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දේපළ තහනම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද මාතර අධිකරණයට ගොස් තිබුණා. මේ අවස්ථාවේදී අද තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවස ඊයේ පරීක්ෂා කරලා තියෙනවා. එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 795ක් වයින් බෝතල් 214 ක් වශයෙන් බෝතල් 1009ක් සොයා ගත්තා. ඔහුගේ ගිනි අවිය ලෙස සැලකෙන පිස්තෝලයක්ද පොලිසිය භාරයට ගත්තා. ඇපල් වර්ගයේ දුරකතන දෙකකුත් පොලිස් බාරයට ගත්තා. 

 



අදහස් (29)

දේශබන්දුගේ ගෙදර රටබීම බෝතල් 1009ක්

යෝගා Wednesday, 19 March 2025 03:56 PM

ඇඳුම් කීයක් තිබුණාද කියලා ගනන් කරලා බැලුවේ නැද්ද? මෙහෙමත් ලැජ්ජා නැති ඇමැතිලා. දේශබන්ධු අධිකරණයට භාර වෙනකන් එක මයිල් ගහක් හොයාගන්න බැරි වුණා. දැන් ගොන්පාට් දාන්නේ නැතුව පුලුවන්නම් සෙව්වන්දිව හොයාගන්නවා.

:       77       91

බකල ජයාWednesday, 19 March 2025 07:26 PM

ඇයි, සෙව්වන්දියක් හොයන්නේ පෙම් බඳින්නද?

:       0       2

අරවින්ද මොණරවිල Wednesday, 19 March 2025 04:25 PM

රස්සාවත් නැති උන නිසා සිලින්ඩර් මුත්තාගෙන් බාර් ලයිසන් එකක් ඉල්ලා ගත්තද දන්නේ නැහැනේ !

:       20       62

අයිස් Wednesday, 19 March 2025 04:32 PM

මේ ඇමතිතුමාගේ තියෙන්නෙ අයිස් ගහන පෙනුමක්.

:       45       40

රම්බොඩ Wednesday, 19 March 2025 04:36 PM

ඇයි යට ඇඳුම් , සපත්තු සෙරෙප්පු , මේස්...ඇයි ඒවා අහුවෙලා නැද්ද ?

:       48       46

හසකWednesday, 19 March 2025 07:28 PM

යට ඇඳුම් හම්බවුණා.., ඒවා දාලා දුවලා තියෙන්නේ. ඒක මේ චරිතවල පුරුද්ද...!

:       0       2

සුදුළූණු බන්දුල Wednesday, 19 March 2025 11:37 PM

ඉස්සරහ රෝදෙටද, පස්සෙ රෝදෙටද?

:       0       5

රට වැසියා Wednesday, 19 March 2025 04:38 PM

මේව රටට කියලා, මිනිස්සුන්ට විහිලු සපයන්න එපා, රෝහණ විජේවීර අල්ලපු වෙලාවෙත්, රට බීම, රත්තරං ගොඩවල් රූපවාමිනියේ පෙන්නුව! අද මේවා නිවුස් නෙවෙයි, රට වැසියා ආණ්ඩුවක තිබිය යුතු පරිනත බව බලාපොරොත්තු වෙනව!

:       36       59

SunethWednesday, 19 March 2025 07:23 PM

පරිණත කට්ටිය නියමෙටම කරපු හින්දා තමයි දැන් අනාථවෙලා ඉන්නේ, යුග පුරුෂයාගේ පුතා ලිස්ට් එකෙන් රිංගුවේ. සීයාගේ මන්ත්‍රීකමකුත් හොරකම් කෙරුවා. කොටින්ම කියනවා නම් හිටපු අය හොඳට කෙරුවා නම් මාලිමාව දිනන්නේ නැහැ. යථාර්ථය දැන්වත් පිළිගන්න, බොරුවක ජීවත්වෙන්නේ නැතුව...

:       0       0

පිස්සෝ Wednesday, 19 March 2025 04:43 PM

යෝගා ඒකට තමා දේපල තහනම් කරන්න ගියේ .ඔය ආවේ අපූරුවට .ඉස්සර ඕවා තිබ්බේ නෑ නේද ...භූමිතෙල් ගුලකට දාන්කොට ගැරඬින් එළියට එන්නේ ...තාම පටන් ගත්තා විතරයි ...හොද හොද සෙල්ලං ඉස්සරහට රාජපක්ෂ පෝලිමේ ඉන්නේ

:       33       52

fairoos Wednesday, 19 March 2025 05:40 PM

මෙයා නම් සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. නැතිනම් කොහෙන්ද මෙච්චර බඩු...?

:       15       31

කපුරු හාමි Wednesday, 19 March 2025 05:54 PM

දූෂිත දේශපාලුවන්ගේ රැකවරණය ඇතුව ඉන්න ඇති. සමහරවිට සිද්ධාලේප වලට බයේ හිටියා වෙන්නත් පුළුවන්...

:       6       25

chandima Wednesday, 19 March 2025 06:15 PM

මෙයා බේබද්දෙක්නේ බලාගෙන ගියාම...?

:       7       24

Kumar Thursday, 20 March 2025 04:22 AM

මෙයා බේබද්දෙක්නම් හිස් බෝතල් නේද හමුවෙන්නෙ?

:       0       2

Nandana Wednesday, 19 March 2025 06:38 PM

මහින්දගේ ගෙදර තියෙන බෝතල් ගණන් කරන්න පුළුවන්ද?

:       3       16

ජිල්බුWednesday, 19 March 2025 10:16 PM

ගණන් පුළුවන්ද? එහෙනං පුළුවන්.

:       3       14

වින්සන්ට් කජ්ජා Thursday, 20 March 2025 10:33 AM

එකේ ඉඳන් දහදාහට ගනින්න දන්නවද?

:       0       7

ජයනාත් Wednesday, 19 March 2025 06:40 PM

මේ තරම් රට බීම .. අල්ලස්, දූෂණය වෙන්න බැරිද?

:       6       16

සුරා සූ සූදු අ අ අතහැරි බ බ බකල ජයා Wednesday, 19 March 2025 07:16 PM

අඩුගාණට විකුණනවා නම් කියන්න.

:       2       22

නිහාල් Wednesday, 19 March 2025 07:26 PM

ඔයාලා ඉන්නේ සැකකරුවන් අල්ලන්නද? බෝතල් අල්ලන්නද?

:       0       0

Asela Wednesday, 19 March 2025 08:24 PM

මේ ජරා පාලනය ජාත්‍යන්තර මාධ්‍යවල පමණක් නොව ශ්‍රී ලාංකිකයින් පවා හොල්මන් කරමින් මේ රටේ ප්‍රවෘත්තියක් බවට පත් කර තිබෙනවා. දේශබන්දු සැකකරුවෙකු වුවද, ඔහු ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා මිස රාජපක්ෂ නොවේ. ජාත්‍යන්තර මාධ්‍යවල ශ්‍රී ලංකාව අපකීර්තියට පත් නොකිරීමට ඔවුන් අභ්‍යන්තර කටයුතු විසඳාගත යුතුයි. මේ මෝඩයෝ දන්නේ නැහැ බොහෝ ගෞරවනීය ශ්‍රී ලාංකිකයින් විදේශයන්හි ජීවත් වන බව...

:       2       0

Siri Wednesday, 19 March 2025 08:30 PM

අවුරුදු ගණනාවක් දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගත්තු වස්තුව වියදම් කරලා එකතු කරගත්ත දේවල් සේරම පොලිසියෙන් උස්සගෙන යනකොට මොන මිනිහට ද බං එක විනාඩියක්වත් හැංගිලා ඉන්න පුළුවන්.

:       3       18

වින්සන්ට් කජ්ජාWednesday, 19 March 2025 11:31 PM

අව්වෙ ඉඳන් කෝල් ගත්තොත් කුඩුකාරයෙකුට ගත්ත උනත් දාඩිය දානවනේ. කෝල් දහයක් පහලොවක් එක දිගට ගත්තම කතාකරලම මහන්සියත් දැනෙනවනේ. ඔය කතාව හරි දාඩිය මහන්සියෙන් තමයි. ඉතිං දුකයි තමයි.

:       0       8

Romesh Wednesday, 19 March 2025 11:27 PM

ජෙප්පන්ට කන බොන මිනිහෙක් පේන්න බෑ . ඉරිසියාව . කෝ මේ Dds කියන හාදයා . අද හෝදන්නෙ නැද්ද?

:       7       3

ගුණරත්න Wednesday, 19 March 2025 11:43 PM

එහෙම බෝතල් තියන් ඉන්න එක තහනම්ද?

:       9       2

කසිප්පු ජොනියාThursday, 20 March 2025 12:15 PM

බාර් එකක නම් තහනම් නෑ මං හිතන්නෙ.

:       0       5

Nishan Thursday, 20 March 2025 02:43 AM

සතිපතා මේ වගේ නාඩගම් පෙන්වනවා, රටේ මිනීමැරුම්, වෙඩි තැබීම්, පාතාලේ ක්‍රියාකාරකම් දවසින් දවස ඉහල යනවා. ඒ අතරේ කිරිපිටි මිල වැඩි කරනවා, විදුලි බිලටත් වැඩේ දෙන්න හදනවා. රටේම සෞඛ්‍ය වෘත්තිකයෝ පාරට බහින්න ඉන්නවා.

:       7       4

කෞෂිThursday, 20 March 2025 11:46 AM

යෝගා, ඔයා! දැන් ඔක්කොම නම් කීයද?

:       1       8

Kamal Koyrala Thursday, 20 March 2025 04:05 PM

මරු... නඩු භාණ්ඩ වශයෙන් තැන්පත් කරලා පරණ වෙන්න වෙන්න මරු.. නඩු ඉවර වුණු කාලයට වෙන්දේසි කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

අද සවසත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 21 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග


සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ
2025 මාර්තු මස 21 260 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර


ජාතික ලුණ සමාගම නව පියවරක්
2025 මාර්තු මස 21 141 0

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලු‍ණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලු‍ණු සමාගම පවසයි.


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 187 0

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


වෙරිමරගාතේ ඒ.ටී.එම් යන්ත්‍රයට ගහලා
2025 මාර්තු මස 21 178 0

මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව වෙරි මතින් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකට පහරදී අලාභානි සිදු කළේ යැයි කියන බිබිල ප්‍රදේශයේ තරුණයකුට රුපියල් 224 750.00 ම


අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග
2025 මාර්තු මස 21 1560 0

ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1047 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site