(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
අදාල වෛද්‍යවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 400 ක් ද ඔහුගේ මිතුරා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 2100 ක් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 180 ක් ද පොලීසිය සොයා ගෙන ඇත.
ඊට අමතරව සැකකාර වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණි සුබෝපභෝගී මෝටර් රථය ද ඔහුගේ වෛද්‍ය නලාව ද පොලිස් බාරයට ගෙන තිබේ.
34 වැනි වයසේ පසුවන ඔවුන් දෙදෙනාම කොළඹ ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබා ඇති බවත් සැකකාර වෛද්‍යවරයා 2016 වසරේ දී වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇති බවත් පොලීසිය කියයි.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක
එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.
අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව
කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ
ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දොස්තර කුඩු ගහද්දී මාට්ටු
Indhika Monday, 31 March 2025 08:17 AM
දැන් මෙයාල ස්ට්‍රයික් කරයිද?
Harimanis Monday, 31 March 2025 08:23 AM
මුන්ව හදපු දෙමාපියන් හරිම පව් බන්
Rawana Monday, 31 March 2025 08:26 AM
ඇයි දොස්තරලා කියලා සාමාන්‍ය මිනිස්සු කරන දේවල් අත්හදා බලන්න බැරිද
සෙනරත් Monday, 31 March 2025 05:38 PM
පුළුවන් පුළුවන් හැබැයි වැඩකරන තැන බැහැ. කොහේ පාව්ච්චි කරත් රටේ නීතියට පටහැනි නම් අහුවුණු දාට නීතිය ක්‍රියාත්මක වෙනවා.
බකල ජයා Monday, 31 March 2025 09:16 AM
ගොමා කට්ටිය කොහෙද? වෙද නලාව අත්අඩංගුවට ගත්තට ස්ට්‍රයික් එකක්වත් කරමුද?
lalindra Monday, 31 March 2025 09:35 AM
කෝ මේ ගොම සංගමය ස්ට්‍රයික් එකක් කරන්නෙ නැතෙයි මේ සම්බන්ඳව ?
Mahinda Monday, 31 March 2025 09:38 AM
කුඩු පට්ටම් කල සමාජයක මත්ද්‍රව්‍ය පාවාච්චි කලේ වෛද්‍ය වරයාද, පූජකයාද,විශ්ව විද්‍යාල ශිෂ්‍යද යන්න නොව සෙවිය යුත්තේ මෙවන් සමාජවක් නිර්මාණය වූයේ කෙසේද? එයින් සමාජය ගලවා ගන්නේ කෙස්ද යන්නයි කලයුත්ත. වෘත්තීන් හෝ වෙනත් කොයියම්ම ජන කොටසකි උවද මේ අපරාධයේ කෙටස් කරැවන් වීමට ඇති සියලු අවස්ථානි මේ සමාජවෙන් තුරන්කිරී මේ කර්‍යට අප සැවොම එක්ව දායක වෙමු෴
බද්රානිMonday, 31 March 2025 04:04 PM
ගුරුවරු වෙනුවට, ටියුෂන් පොරවල්, ධාර්මික පූජකයෝ වෙනුවට, අධර්මය වපුරන නොහික්මුණු, චීවරධාරීන්, ප්‍රභූ දේශපාලකයෝ වෙනුවට, හොර මැර තක්කඩියන්, වෛද්‍යවරු වෙනුවට, නරුම, ගති ඇති කළුකඩ දොස්තර මුදලාලිලා, කලාකරුවෝ වෙනුවට, දේශපාලකයින්ට ආවඩන නලා කරුවෝ, ජන මාධ්‍ය වෙනුවට, පාදඩ ජඩ, මඩ කරියන්, රාජ්‍ය නිලධාරි වෙනුවට, දූෂිත පගා කාරයින්, නීතිය සුරකින පොලිසිය වෙනුවට, පාතාලය සමග ගනුදෙනු කරන ජාවාරම් කරුවෝ, රියදුරන් වෙනුවට, මග මරුවෝ, ශිෂ්‍යන් වෙනුවට, අරගලකාරයින්, බිහිකරපු රටක මේ දේවල් නොවුණොත් තමයි පුදුම වෙන්න ඕනෑ. "මහින්ද" මහත්තයෝ.. "උන පුරුකේ දැම්මත්, බලු වලිගේ ඇද නෑරෙන සේ" මේ අමනයින්ගෙන් පිරි දේශය නැවත හදන්න නම් ලෙහෙසි වෙන එකක් නැහැ.
අරවින්ද මොණරවිල Monday, 31 March 2025 09:47 AM
සමහර විට හෙට දොස්තරලා වැඩ වර්ජනයක් කරයිද දන්නෙ නැහැ, දොස්තරයෙක් අත් අඩංගුවට ගන්න පොලිසියට අයිතියක් නැහැ කියලා..... ඒ නිසා හෙට ක්ලිනික් එකට එන්න කලියෙන් දොස්තර සංගමයෙන් අහලා බලන්න !
prasanna Monday, 31 March 2025 10:23 AM
මුන්ගේ ඇමති ගහල ඉන්නේත් මේවා!
Rata PerataMonday, 31 March 2025 11:46 AM
මේ වගේ කිසිම සාධකයක් නැති අදහස් නම් එපා. නැතිනම් මෙතන මේ වගේ මානසික ලෙඩ්ඩුන්ගෙන්ගෙන් පිරේවි...!
කෞෂි Monday, 31 March 2025 12:41 PM
මාලිමා ආණ්ඩුවේ ඇමැතිට අමතරව ජීඑම්ඕඒ එකටත් ඇමති කෙනෙක් ඉන්නවද? ෂෝයි නේ.
ලලනි Monday, 31 March 2025 10:38 AM
කිසි වරදක් නොකල පුද්ගලයා පලමු ගල ගහන්න…!
ජිල්බු Monday, 31 March 2025 11:47 AM
මට ගලක් දෙන්න... ඉතුරු හරිය මං බලාගන්නම්...!
Pastor JeromeMonday, 31 March 2025 12:39 PM
වැරදි කරද්දී විතරයි දොස්තරලා සාමාන්‍ය මිනිස්සු විදිහට සලකන්ඩ ඕන. වැඩ කරද්දී සහ සමාජයේ අනිත් කටයුතු වලදී දොස්තරලා උඩින් තියන්ඩ ඕන කියන්නේ ඔවුන්මයි. අනිත් රාජ්‍ය සේවකයෝ කරන්ඩ කැමති විදිහට ඔවුන් වෙලාව සටහන් කරන්ඩ කැමති නැහැ. හැමෝටම සමාන විදිහට පඩි වැඩිවෙද්දී ඔවුන්ට විශේෂ වැඩිවීමක් ඕන. ඉතින් ඔවුන් අමුතු වරප්‍රසාද අරන් අමුතු කොට්ඨාසයක් විදිහට ඉද්දි, ඔවුන්ගේ වැරදි වලදී විතරක් සාමාන්‍ය විදිහට බලන්නේ ඇයි?
Master CarromMonday, 31 March 2025 01:54 PM
ඔබේ කියමන එකහෙලා නොව දෙක තුනහෙලා අනුචිත කරමි.
ප්‍රොෆට් බකල ජයාMonday, 31 March 2025 01:57 PM
මේක නම් දේව භාෂිතයක්!
Cc Monday, 31 March 2025 11:07 AM
පොලිසිය කොහොමද 180 mg 400mg වගේ බර මනින්නේ... එච්චර කුඩා අගයක් මනින්න සාමාන්‍ය තත්වයක්දී බෑ. මේ බර නම් බොරු.. මීට වඩා මත්ද්‍රව්‍ය තියන රටවල නීතිය තමයි. මත්ද්‍රව්‍ය භාවිතා කළ හැක. නමුත් රාජකාරී කාලසීමාවේදී එහි බලපෑම නොවිය යුතුයි. හෙරොයින් නම් බලපෑමක් තියනවා. නමුත් ice වගේ එකක් නිකන් අරක්කු වගේ බලපෑම යම්කිසි මොහොතක ඉවරයි. ඕනෑම වෘත්තියක අයකුට වැඩ බිමේ අනීතික දේවල් නොකර පිටදී සාමාන්‍ය සමාජයේ වෙන දේවල් කිරීමට අයිතියක් තිබේ. මෙතැන ඉන්ජිනේරුවෙක් නීති වේදීයෙක්, විනිසුරෙක් වුණා නම් මේක මෙච්චර මාකට් වෙන්නේ නෑ. ඕනෑම් වෘර්තිකයෙකුට පුද්ගලික ජීවිතයක් තිබේ...
නිමල් පෙරේරා Monday, 31 March 2025 01:17 PM
වෛද්‍යවරු හෙට වැඩ වර්ජන කරයිද? මෙයාව බේරගන්න
රනේ Monday, 31 March 2025 02:42 PM
මේ දුප්පත් රටේ දොස්තරලා වැඩ වර්ජන කරනකොට අපට නිකමට හිතුනා හොඳ සිහියෙන් නෙමෙයි කියලා..
ajith Monday, 31 March 2025 02:55 PM
වෛද්‍යවරුන්ද මිනිසුන් වන අතර, ඔවුන්ට ඇත්තේද රටේ අනිකුත් මිනිසුන්ට ඇති අශාවන්මය.
ජිල්බු Monday, 31 March 2025 04:16 PM
ඔබ රාජ්‍ය සේවකයෙක්ද? ඔබේ ආසාවත් අයිස් ගහන එකද?
ගුණරත්න Monday, 31 March 2025 03:46 PM
මාලිමාවුන් විපක්ෂයේ ඉන්න කාලේ කිව්වා අපිට බලය දෙන්න බලය දීලා සතියෙන්, දෙකෙන් කුඩු නැති කරනවා ආදී කතා, මිනිස්සුත් රැවටිලා ඉතිහාසේ ලොකුම ජනවරම දීලත්, දැන් කියන්නේ නම් එහෙම කරන්න සක්කරයාටවත් බැහැ.. අවම කරන්න නම් පුළුවන් කියලා...
ප්‍රියන්තMonday, 31 March 2025 05:48 PM
ගුණරත්න, මට නම් මතක එහෙම කිව්වේ පුතාණෝ කියලා...!
දම්මික Monday, 31 March 2025 05:04 PM
සුවර් එකටම කවුරුහරි ඕවා කාරෙකට දාලා තරහට...!
කෞෂිMonday, 31 March 2025 07:30 PM
කට, නහය, ළඟට තියලා ගන්න කියලා බලකරන්නත් ඇති, පව්!
Nandana Monday, 31 March 2025 07:13 PM
රෝගියෙක් ළඟ තිබුණු යම් දෙයක් අයිස් ද කියලා පරීක්ෂණයක් කරනකොට තරහ කාරයෙක් පොලිසියට කියලා හෙට පත්තරේ බලන්න.
රුවන් Monday, 31 March 2025 07:41 PM
දීපව්‍යාප්ත වැඩ වර්ජන, වෛද්‍යවරුන්ට නිදහසේ මත්කුඩු පානය කිරීමට නොහැකි වීමට එරෙහිව...
Andhare Tuesday, 01 April 2025 07:57 AM
මුන් දුවන්නෙම පොඩි පොඩි දේවල් අල්ලලා ලොකු දේවල් වහලා දානවා ... හැමදම කරේ කුඩු අරවයි මේවයි ගහන එකායි විකුණන එකයි අල්ලනව.. ඒත් ඔය ගෙනල්ලා බෙදන උන්ව කවදාවත් අල්ලනවද? ඇල්ලුවත් උන්ට නීතිය ඔහොම වැඩ කරනවැඩ ... මේ බල්ලෝ දන්නෙම පොඩි පොඩි දෙයක් කරලා අර සුද්ධ අන්ධවපු කාකි ඇඳුම ඇඳන් රඟන එක... උන් දන්නේ පොඩි පොඩි මාළු ලොකු ලොකු උන්ව කරන්න විතරයි.. කවදාවත් මේක ඉවර කරන්න බැහැ නෑ.. නැති බැරි එකම තල තලා ඉන්නව මෝඩ යක්කු