IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්

(කාංචන කුමාර ආරියදාස)

ධාතුසේන මහ රජතුමා  ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය  ඉපලෝගම පොලිසියට පැමිණිලි කළේය.

කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේම අධි ආරක්‍ෂිත කලාපයේ මෙය සිදුව තිබේ ,

මෙම සිද්දිය මහවැලියේ ඇතැම් නිලධාරීන් පිරිසක්  සැඟවීමට දැඩි උත්සාහයක නිරතව සිටින බැවින් ප්‍රදේශවාසීන් මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට දැනුවත් කොට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය පතා තිබේ,

බෝවතැන්න ජලාශ බාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට ද 19 දින උදෑසන මෙම සිද්ධිය පිළිබඳව දැන ගැනීමට හැකිවුණා.

මෙම ක්‍රියාවලිය නිසා වැවේ වානට ද දැඩි බලපෑම් එල්ලවන නිසා වහාම නිලධාරීන් යොදවා පොලිසියට පැමිණිලි කරන ලෙස තමන් උපදෙස් දුන්නේ යැයි ඒ මහතා පැවසීය.

කලා වැව සහ බළලු වැව දෙකම එකම විශාල වාණකින් ජලය පිටවන අතර අක්කර අඩි ලක්ෂයකට අධික ජලධාරිතාවයක් රඳවා ගබඩාකොට ඇති වානට පහළින් පිහිටි කළු ගල යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන ගල විද හාරා එහි තැන්පත් කොට තිබුණු නිදන් වස්තූන් රැගෙන ගොස් ඇතැයි ස්ථාන පරික්ෂා කරන ලද මහවැලි නිලධාරීන් මෙන්ම එම ස්ථානයට නිරීක්‍ෂණය සඳහා ගිය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

මෙහි ආරක්ෂිතය කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයකුට අවසර ලබාදී තිබෙන බවත් එම අවසරය ලබාගත් පුද්ගලයන් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රැගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තනා එම ස්ථානවල නැවතී රැය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් බෝට්ටු සවාරි අනුමත කරගෙන ආරම්භ කරන්නට වූයේ මෙම නිදහන් වස්තු සොරා ගැනීමට බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා එල්ල කළේය.

 

 



අදහස් (7)

ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්

ගමේ එකාලා Wednesday, 19 June 2024 10:23 PM

නිදන් හාරලා පුරුදු ,නම් දරාපු කෙනෙක් ගේ වැඩක් වෙන්ඩැති .

:       1       12

NANDALAL DE SILVA - FRANCE Thursday, 20 June 2024 01:19 AM

මේක පුදුම රටක්. යන්ත්‍ර සූත්‍ර යොදා, මෙවැනි විශාල හොරකමක් කිසිදු සද්දයක් නොමැතිව කරේ කොහොමද?

:       0       13

Perera Thursday, 20 June 2024 08:28 AM

අපේ මහ රජානෝ ඕක පිටිපස්සේ ඉන්නවද බලන්න

:       4       11

හේරත් Friday, 21 June 2024 08:18 AM

කව්ද ධාතුසේන රජ්ජුරුවෝද?

:       0       4

අපි ඔක්කොම රජ හොරු Thursday, 20 June 2024 01:57 PM

ධාතුසේන රජතුමා ඔය වස්තුව ඉල්ලපු කාශ්‍යප පුතාටවත් දෙන්නේ නැතිව ඕක තැන්පත් කෙරුවේ දිවි පරදුවට තියලා. ධාතුසේන රජතුමා හිටියානම් උන්ගේ ඔලුව තිසා වැවට වැටෙන්න කඩු පහර ගහන්නේ.කාශ්‍යප කුමාරයටවත් ඕක නිධන් කෙරුව තැන හොයාගන්න බැරිවුණා... දැන් ඉන්න මළ පෙරේතයෝ කොහොමහරි ඒකටත් වැඩේ දුන්නා...... ඔය අධිආරක්‍ෂිත කලාපයේ ආරක්ෂාවට ඉන්න පිරිස් මොනවද දාන්නේ නෑ ආරක්ෂා කොරන්නේ

:       0       14

chandima Friday, 21 June 2024 07:39 AM

ධාතු නැති වුන් රජකරන රටක ධාතුසේන රජු ඉතුරු වෙයිද?

:       0       3

Guntamola Friday, 21 June 2024 12:40 PM

මිනිහෙක් වැසිකිලි වලක් හාරනකොට ඇවිත් අල්ලන පොලිසිය ඒක පත්තරෙත් දානවා. මේවා කරනකොට අධිආරක්‍ෂිත කලාපයේ හිටපු ආරක්ෂකයෝ නිදිද.ජාතික සම්පත් ගැන කිසිම හැඟීමක් නැති පාලකයෝ ඉන්න රටක හොරුන්ට කොහේද ඉතිං ඒ හැඟීම.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 46 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 104 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 195 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 708 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 530 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 357 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site