(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන සාවිත්‍ර රන්මාල් ද සිල්වා මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට අද (10) රාත්‍රි ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
එම මහතා පදිංචිව සිටින රත්මලානේ පිහිටි නිවසට අද (10) රාත්‍රී 8.15 පමණ කඩා වැදුණු පාතාලයට සම්බන්ධය යැයි කියන කණ්ඩායමක සිටි අයෙකු විසින් හිසට එල්ල කරන ලදැයි කියන කඩු පහරින් බේරීම සඳහා සාවිත්‍ර මහතා එක් අතක් එසවූ අවස්ථාවේ එම කඩු පාර එම අතට වැදී තුවාල සිදුවී ඇතැයි දැන ගැනීමට ඇත.
මෙම පාතාල කණ්ඩායමටද ඒ මහතා පහර දී ඇතැයි පැවසෙන අතර එම පහර දීම හමුවේ පාතාල කණ්ඩායම පලා ගොස්ඇතැයිද කියති.
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇත.
ධනංජය ද සිල්වා මහතාගේ සහ සාවිත්‍ර මහතාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදු ජන පෙරමුණේ නාගිරික මන්ත්‍රීවරයකුව සිටි රංජන් ද සිල්වා මහතාද 2018 වසරේ දී පාතාල වෙඩික්කරුවකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකට ගොදුරු වීම මියගොස් තිබිණි.
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිද
නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිට
පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලෙ
පොහොර නිකුත් කිරීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොවීන් නිශ්චිතව හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් රුපියල් කෝටි 116කට වැඩි වටිනා වව්චර පත් දෙලක්ෂ එක
අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්