(යොහාන් භාසුර)
‘ධම්මක පැණිය' ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.
මෙම පැණිය පිළිබඳව කළ සායනික පරීක්‍ෂණවලදී එහි ‘කොවිඩ්’ මර්දනය සම්බන්ධයෙන් සාපල්‍යතාවක් නොමැති බවට හතවුරු වී ඇති බවත් අඛණ්ඩව එවැනි ක්‍රම සහ ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන බවත් කොමසාරිස්වරයා පැවසීය.
ඖෂධ සඳහා වන විශේෂ කමිටුව අධ්‍යනයෙන් පසුව ඖෂධ 14 කට නිර්දේශ ලබාදීලා නීත්‍යනුකූල කර ඇතැයි ද කොමසාරිස්වරයා වැඩි දුරටත් පැවසීය.
ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා එසේ පැවසීය.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධම්මක පැණියේ බලපත්‍රය අහෝසි කරයි
gagana Wednesday, 11 August 2021 08:30 PM
එහෙනම් බලපත්‍රය දුන්නේ ආදරයටද? අයියෝ ආයුර්වේද දෙපාර්තුමේන්තුව. චාර්ටර් නේ? ඔහොම දේවල් කරපුවහම තියෙන අබලන් තත්ත්වෙත් වල පල්ලට
siri Wednesday, 11 August 2021 09:04 PM
" මේ වසංගතය සදා කාලයටම දුරු කරන්න හැකි එකම බෙහෙත මෙය පමණයි " කියමින් ඔය බොරුව ජනගත කරන්න ලොකු මහන්සියක් ගත්ත මැති ඇමති වරු, හාමුදුරුවරු සහ මාධ්‍ය ආයතන මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටිය යුතුයි.
මුණසිංහ Wednesday, 11 August 2021 09:15 PM
ආයුර්වේද රෝහල් වල ප්‍රතිකාර ලැබූ කිසිදු අයකු මිය ගොස් නැහැ ලු.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 August 2021 09:31 PM
කතානායක තුමා ඇතුළු පාර්ලිමේන්තුවේ සෙට් එකම ගෙනැවිත් බිව්වේ.... මොන එහෙකටද හරි පරීක්ෂණයක් නොකොට තාවකාලික බලපත්‍රයක් දුන්නේ. මෙහෙමත් විගඩං වැඩ තියෙන්නේ මේ රටේ විතරක් වෙන්නට ඇති ...
Dasa P Wednesday, 11 August 2021 09:43 PM
එතකොට අර විමල් ළමයා තෙල් අබරන්න දුන්න මැෂින් එක.?
Anura Wednesday, 11 August 2021 09:58 PM
සම්පුර්ණයෙන්ම වැරදි වැඩක් හොඳ පැණියක්.
පිටිගල මිලානෝ Thursday, 12 August 2021 12:39 AM
බලපත්‍ර අහොසි කළ යුත්තේ පැණිය ජනගත කල අය ඇතුලුව මේ වංචාවට පිටිවහලක් වූ නයි විහාරේ හාමුදුරුවන්ද ඉවත් කළ යුතුයි.
Sri Lanka Thursday, 12 August 2021 02:43 AM
සුද්දගේ කාලේ තහනම් කරපු අපේ වෙදකම අදටත් තහනම්, හැබැයි ඡන්දේ කාලේට විතරක් දේශීය දේශීය කියලා ජනතාව ගොනාට අන්දලා ඡන්දේ ගන්නවා.
lal Thursday, 12 August 2021 04:54 AM
රටේ මිනිසුන්ට පොවලා, ඇමැතිවරු, කථානායක බිලා ආදර්ශයක් දිලා, ඒකට යන්ත්‍ර දිලා හදන්න උදව්පවා දිලා මාස ගානකට පස්සේ කියනවා බලපත්‍රය අහෝසියි කියලා. මෙහෙව් රටක්?
පප්ප Thursday, 12 August 2021 06:58 AM
වීරවංශය ආණ්ඩුවේ සල්ලිවලින් මේ යෝධයාට නොමිලේ දීපු මැෂිමට මොකද වෙන්නෙ
ඍෂිවර Thursday, 12 August 2021 08:30 AM
තාවකාලිකව හරි බලපත්‍රයක් දුන්නේ අහවල් දේකටද?
මාම Thursday, 12 August 2021 09:39 AM
එතකොට පැනි සුමනෙයි මයිනයි දුන්න සහතික
ranjith Thursday, 12 August 2021 09:46 AM
මිත්‍යා මත වලින් ජනතාව නොමඟ යවන එක හොඳ නෑ .විද්‍යානුකුලව තහවුරු කරපු දේ ගැන පමණක් ජනතාව දැනුවත් කරන්න මේ පැණි පැනි ප්‍රවර්ධනය කරපු එක ලොකු අපරාධයක්
සෝමපාල Thursday, 12 August 2021 09:53 AM
එන්නත් නිකං ලැබෙනකම් ජනතාව චූන් කරන්න ධම්මික පැණියක් ගෙනාපු ආණ්ඩුව හරි වෙලාවට එන්නත් ගෙනාවනම් මෙච්චර මිනිස්සු අද මැරෙන් නැහැ..
NuwanThursday, 12 August 2021 11:42 AM
චීනාගේ මල ජරාව .WHO එකෙන් අනුමත වෙනකං රටේ මිනිස්සුන්ට පැනියක් ප්‍රවර්ධනය කර කරා කල් මරුවා .ඒකෙන් උනේ හොඳ එන්නත් ගන්න බැරි උනා .අන්තිමට මිනිස්සු දහස් ගණන් මැරෙනකොට එන්නත් කරන්න පටන් ගත්තා .
දාසThursday, 12 August 2021 12:01 PM
සෑර්ට කියන්න අපි තමයි හොදට කළේ කියල
BamunuarachchiFriday, 13 August 2021 01:41 PM
කාගෙන්වත් එන්නත.., එන්න මල්ලි අරන් යන්න.. මෙන්න ගොඩ රුපියලට තිබෙනවා කියන ක්‍රමයට එන්නත ලැබෙන්නේ නැහැ. චීනාගේ ජරාව චීන්නු තොගයක් එවලා කිව්වේ... ඉස්සෙල්ලා ලංකාවේ ඉන්න චීන ජාතිකයින්ට ගහන්න කියලා. අපේ සෞඛ්‍ය අංශය කිව්වේ WHO අනුමත කරන තුරු ගහන්න එපා කියලා. චීනේ කෝටි ගණනක් මිනිසුන්ට එන්නත හොඳයි අපේ ගොයියන්ටයි හොඳ නැත්තේ. දැන් ඔය අගේට ගහ ගන්නේ. චීන්නු අපේ ගොබ්බයින් දිහා බලලා හිනාවෙනවලු.
BamunuarachchiFriday, 13 August 2021 01:47 PM
සර් කිව්ව විදිහට වැඩකළ නිසා තමයි අපි නම් බේරිලා ඉන්නේ... සිංහල අවුරුදු සමරන්න ගිහිල්ලා තමයි අපේ ගොයියෝ මැරෙන තත්වයට වැටුණේ. දැන් ඉතින් වලකටින්ම ගොඩ එන්න බලන්න. ඊළඟට එන්නේ ගුරු රැල්ල. ගුරාලා තමයි ඒ රැල්ල දෙන්නේ..
BamunuarachchiFriday, 13 August 2021 01:30 PM
ඉල්ලපු ගමන් අපිට එන්නත දෙන්න කවුරුත් ලැහැස්තිවෙලා හිටියේ නැහැ. එහෙම දුන්නත් අනුමැතිය ලැබෙනතුරු ගහන්නත් බැහැ.. එන්නත නොලැබුණා නම් ඔහෙලා චූන් වෙවී ගහන්නේ පැණිය තමයි. මෝඩකම තිබුණාට ලෝකෙට පොවන්න එපා තමන්ටම තියාගන්න...
Rata Perata Thursday, 12 August 2021 12:29 PM
රාජපක්ෂලා තරම් ඇදහිලි පස්සේ යන මෝඩ පවුලක් අපේ රටේ වෙන නෑ. එකෙක් මෑනියෙකු පස්සේ යනවා. තව එකෙක් වශී බෝතල් අතේ ගුලි කරගෙන ඉන්නවා. ඉතින් ධම්මික පැණි ගැන කවර කතාද?
Bamunuarachchi Friday, 13 August 2021 01:51 PM
මම දන්නා විදිහට ජෙප්පන්ට විතරයි කිසිම ඇදහිල්ලක් නැත්තේ. දෙවියොත් නැහැ. බුදුන් නැහැ. අම්මත් එකයි, පුංචි අම්මත් එකයි, තාත්තත් එකයි, බාප්පත් එකයි...
Bamunuarachchi Friday, 13 August 2021 01:58 PM
තාවකාලිකව හරි බලපත්‍රය දුන්නේ ඔහෙලගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න. එන්නතත් එහෙමයි දෙනකොටම කියනවා මේක සීයට සීයක් ෂුවර් නැහැ කියලා. අපි කියනවා සර් කිව්ව විදිහට පරිස්සම් වෙන්න කියලා.... සිංහල අවුරුදු සමරන්න යන්න එපා කියලා..