(සිරංගිකා ලොකුකරවිට)
ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද පැමිණ සිටියේය.
ධීවර යාත්‍රාවේ හිමිකරු පවසන්නේ පියාඹා පැමිණි මෙම පක්ෂියා තම බෝට්ටුවේ වසා ඇත්තේ දින 12කට පමණ පෙර බවයි.
පක්ෂියා එළවා දැමීමට උත්සාහ ගත්තද ඉවත්ව නොගිය බැවින් මසුන් කන්නට දී ඇති බවත් වරායට පැමිණෙන තුරුම එම පක්ෂියා බෝට්ටුවේ වසා සිට ඇති බවත් ඔහු පවසයි.
වෙස් සුලාවියා හෙවත් වත නිල් සුලාවියා ලෙස හඳුන්වන මෙම පක්ෂියා ඉංග්‍රීසි භාෂාවෙන් Mask booby ලෙස ද සත්ත්ව විද්‍යාත්මකව Sula dactylatra නමින් ද හඳුන්වයි.
සුළඟ ආධාරයෙන් විශාල දුරක් පාවී යාමට හැකි ආකාරයෙන් සකස් වූ පියාපත් සහ සිරුරු හැඩයකින් යුතු මොවුන්ගේ පෙනුම අනුව හොටය මුහුණට පැළඳූ මුඛ ආවරණයක් මෙන් දිස්වන බැවින් ඔවුන්ට Mask booby නම ලැබී ඇත.
ප්‍රධාන ගොඩබිම්වලට බොහෝ ඈතින් පිහිටි කුඩා දූපත්වල වෙසෙන මොවුන් පැතළි බිම්වල බිත්තර දමයි. මසුන් දඩයම් කිරීම සඳහා අධිවේගයෙන් මුහුදු ජලයට ඇතුළුවන මොවුහු දක්ෂ කිමිදුම්කරුවෝ ද වෙති.
කොළඹ විශ්විවද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා පවසන්නේ මෙම පක්ෂීන් නිරිතදිග මෝසම් සුළං ක්‍රියාත්මක වන මෙම කාලයේ දී ශ්‍රී ලංකාව වටා ඇති මහද්වීප තටාකයේ සිදුවන රළ නැගීම් සමඟ මසුන් දඩයම පහසුවන බැවින් ඒ අවට මුහුදට පැමිණෙන බවයි.
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධීවර බෝට්ටුවෙන් ගාල්ලට ආ අමුත්තා
hasi Sunday, 01 August 2021 06:12 PM
අපේ රටට වාසනාව උදාවෙන බවට සුබලකුණක්... බැසිල් සර් ආවා වගේ තමයි.
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 01 August 2021 07:18 PM
මාස්ක් බෝබී ( බූබී ) ඔයාව අප සාදරයෙන් පිළිගන්නවා. මොකද බෝට්ටුවේ වහලා අපේ රටට එන්නට සිතුනේ.මේ මාමලා එළෙව්වත් ගියේ නැත්තේ ඔයාලගේ රංචුවේ හා කණ්ඩායම හා අමනාපයක් වත් උනාද ? ඔයාට කෑම දීලා හොඳින් බලාගත් මේ මාමලාට ස්තූතියි.