(යොහාන් භාසුර)
ධීවර වරාය නීතිගත සංස්ථාව පුද්ගලික ආයෝජන සම්බන්ධයෙන් සකස් කළ රහසිගත තාක්ෂණික කමිටු වාර්තාවක් එම සංස්ථාවේ ප්‍රධානියෙක් ව්‍යාපාරිකයින් පිරිසක් අතට පත්වීම පිළිබඳව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතාට පැමිණිලි කර ඇතැයි ධීවර අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ප්‍රසිද්ධ නොකළ යුතු අදාල රහසිගත වාර්තාව මෙම ප්‍රධානියා ඡායාරූප ගෙන වට්ස්ඇප් ඔස්සේ හිතවත් ව්‍යාපාරිකයන්ට යොමුකර ඇති බවත් 2021 වසරේදී මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියාවක් සිදුකර ඇති අදාල ප්‍රධානියා තනතුරේ සිටින්නේ නම් සිය ආයතනවල තොරතුරු දීමට නොහැකි බවත් ව්‍යාපාරිකයින් පිරිසක් ධිවර අත්‍යවරයාට දැනුම් දී තිබේ.
එම ප්‍රධානියා තනතුරේ කටයුතු කරන්නේ නම් රහස්‍යභාවය සහ විශ්වාසනීයත්වයක් ගැන විශ්වාසයක් නොමැති වීම නිසා පුද්ගලික අංශය ධීවර වරාය නීතිගත සංස්ථාවේ ආයෝජන සදහා ඉදිරිපත් වීම අඩාල විය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ ධීවර වරායන්වල පුද්ගලික අංශයේ සැපයුම් හා ආයෝජන සඳහා ව්‍යාපාරික සමාගම් වලින් ප්‍රකාශිත අභිප්‍රායන් විමසා ඒවා තාක්ෂණික කමිටුවකට ඉදිරිපත් කර ඒ සදහා වන අවසන් තාක්ෂණික වාර්තාව මත පදනම්ව තෝරාගන්නා සමාගම්වලට ආයෝජන අවස්ථා ලබාදීම ක්‍රමවේදය එම වාර්තාවේ සඳහන්ව ඇති බව ද දැනගන්නට තිබේ.
වාර්තාව අනියම් ආකාරයට පිට කළ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රධානියා හිටපු රාජ්‍ය ඇමතිවරයකුගේ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව ද දැනගන්නට තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධීවර වරාය නීතිගත සංස්ථාවේ රහස්‍ය වාර්තාවක් එළියට යවලා