IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නකල්ස් අධි සංවේදී කලාපයේ වන වගාවකට එ.ජා. සංවිධානයේ අත හිත

(ඉන්දික අරුණ කුමාර)

නකල්ස් අධි රක්ෂිත කලාපයේ හිස් භූමී ආවරණය වන පරිදි හෙක්ටයාර් 6500 ක් නැවත වන වගා සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය හිමිවී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සුළු මූල්‍යාධාර වැඩසටහන යටතේ ව්‍යාපෘති 13 ක් නකල්ස් කලාපය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

පාංශු සංරක්ෂණය, නැවත වන වගා ඇති කිරිම හා නකල්ස් කලාපයේ ජල මූලාශ්‍ර සංරක්ෂණය ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු මූල්‍යාධාර වැඩසටහනේ ජාතික සංවිධායිකා දිනාලි ජයසිංහ මහත්මිය පැවසුවේ නකල්ස් වන වැස්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපාතිය ක්‍රියාත්මක වන බවයි.

නකල්ස් කලායේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරිම සඳහා මහනුවර ඕක් රේ හෝටලයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වු රාජ්‍ය නොවන සංවිධාන රැසක් කියා සිටියේ වන වගා ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බවයි.

ඇතැම් ව්‍යාපෘති වසර අවසානයේ වර්ෂා සමයත් සමඟ ක්‍රියාත්මක වීමට නියමිතය.

 



අදහස් (12)

නකල්ස් අධි සංවේදී කලාපයේ වන වගාවකට එ.ජා. සංවිධානයේ අත හිත

amila Tuesday, 30 July 2019 05:41 AM

වන වගා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙන්නේ පරිසර ඇමතිගේ (වර්තමාන ජනපති) සහ රජයේ අනුමැතිය ඇතිව රාජ්‍ය නිලධාරීන්ගේ, මෙරට පරිසර සංවිධාන වල සම්පූර්ණ නිරීක්ෂණය මතද නැත්නම් මේ මුවාවෙන් වෙන ජාවාරමක් ක්‍රියාත්මක වෙනවද? මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර වල හදවත බඳු අධි සංවේදී කලාප වලට රාජ්‍ය නොවන සංවිධාන වලට ඇතුල් වෙලා එහෙම ඕන ඕන විදියට වන වගා කරන්න පුලුවන්ද. කරුණු කාරණා දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.

:       309       377

Community MemberTuesday, 30 July 2019 09:29 AM

ඔබේ අදහස වැරදියි. මෙම වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන ප්‍රජා සංවිධාන, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් ගේ අධීක්ෂණය සහ ප්‍රජාවගේ සහභගීත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබටත් අවශ්‍යනම් පැමිණ බලන්න පුලුවන්. ගමේ සුභ සාධක සමිතියත් රාජ්‍ය නොවන සංවිධානයක්!

:       43       104

ElpeeWednesday, 31 July 2019 03:42 AM

රාජ්‍ය නොවන සංවිධාන කියන නම අපිට ඇලජික් වෙලා තියෙන්නේ. හේතුව එම නාමයෙන් අපේ රටට ඇවිල්ලා බොහෝ සංවිධාන කරලා තියෙන සහ කරමින් පවතින අකටයුතුකම් නිසා. ඒ නිසා පොදුවේ රාජ්‍ය නොවන සංවිධාන කියා හඳුන්වන්නේ නැතුව රටට හිතවත් සංවිධාන ප්‍රජා මූල සංවිධාන හෝ වෙනත් සුදුසු නමකින් හඳුන්වමු...

:       0       55

Community MemberThursday, 01 August 2019 02:02 AM

අන්තර්ජාලයට ගියාම බලන්න පුළුවන් අපේ රටේ කෙරෙන ව්‍යපෘති මොනවාද, කවුද කරන්නේ කොහෙද කියලා...

:       0       1

SL Tuesday, 30 July 2019 06:20 AM

රාජ්‍ය නොවන සංවිධාන ගෑවුණු තැනක් ඉවරයි. අපි තවමත් නැගිටලා ,ඔලුව පොඩ්ඩක් හරි කෙලින් තියන් ඉන්නේ බොන්න වතුර ටික කොහොමත් ලැබෙනවා. කොස්ගේඩියක් හරි කාල ඉන්න පුළුවන් පරිසරයක් නගරෙන් එහාට ගියහම තියෙන නිසා.එකටත් දුන්නු දාට අපිට මොනවත් නැහැ .කට අරන් බලන් ඉන්න ඒක තමා තියෙන්නේ . ඒක නිසා අපේ කැලා අපිම පරිස්සම් කරගමු.. කැලේ බලන්න යන අය ගිහින් ගහක් දෙකක් හදන්න.

:       144       350

Yamin Wednesday, 31 July 2019 02:01 AM

යකෝ මේක පුදුම රටක්... කැලේ කපපු කෙනාටයි, නීතිය හදලා දීපු කෙනාටයි දඬුවම් නැහැ. යූ.එන්. ආධාර ගන්නවා...

:       0       0

srilankan Wednesday, 31 July 2019 07:07 AM

නකල්ස් කඳුවැටිය ඔය තියෙන විදියට තිබ්බදෙන්. එකටත් හෙනහුරා පාත්වෙන්න වගේ...

:       8       5

maheshika Wednesday, 31 July 2019 07:56 AM

ඔය රටේ ඉන්න පරිසරය දැනඋගත් පිරිස මදිද? මේවා කරන්න. අපේ රටට ඔබින ගස් කොළන් ගණන දන්නේ අපි... පොඩ්ඩක් අවධානයෙන් නොහිටියොත් මොන විනාශයක් වෙයිද දන්නේ නැහැ...

:       3       7

ඉන්දික Wednesday, 31 July 2019 08:23 AM

අපේ රටේ හුඟ දෙනෙක් සමහර වෙලාවට කොරහෙ කිඹුල්ලු දකිනවා. දන්න දේවල්වලට වඩා උපකල්පනය කරන දේවල් ගැන කියනවා. අමිල මහත්මයාට නකල්ස් බලන්න ආරාධනා කරනවා. ඔබතුමා කියන විදිහට දේවල් වෙන්නේ නැහැ. රාජ්‍ය නොවන හෝ වෙනත් සංවිධානයකට ඕන ආකාරවලට කටයුතු කරන්න බැහැ. නකල්ස්වල සිදුවන සියළු කටයුතු මුදල් වියදම් කරන ආකාරය ගත් ක්‍රියාමාර්ග සියල්ල මාස්පතා දිස්ත්‍රික් ලේකම්වරයාට කරුණු සහිතව කියන්න ඕනේ සංවිධාන වලට ඕනෑදේවල් කරන්න බෑ. රාජ්‍ය මැදිහත්වීමක් තියෙනවා. යූ.එන්.පී. එක මුදල් පමණක් නෙවෙයි දෙන්නේ, පසු විපරම් කරනවා ඔබතුමන්ට දැනගැනීම සඳහා තවත් යමක් කියන්න ඕනේ... නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක්... එය මුළු ලෝකයටම අයිතියි. මේවට මුදල් යොදවන්නේ ලෝකයේ පරිසරයට ආදරය කරන මිනිසුන්... ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ මිහිකත සුවපත් කිරිමේ ක්‍රියාවලියකට උපකාර කිරිම පමණයි. ඔබ සඳහන් කරන ආකාරයේ සංවිධානත් මේ රටේ ඇති... නමුත් නකල්ස්වල සිදුවන ක්‍රියාවලීන් පුර්ණ රාජ්‍ය අධීක්ෂණය සිදුවන ව්‍යාපෘති බව සැමගේ දැනගැනීම සඳහා සටහන් කරමි..

:       1       10

amila Wednesday, 31 July 2019 10:24 AM

ජාන මංකොල්ලයක් හෝ ඒ හා සමාන මොනවා හරි ජාවාරමක්, රටට අපරාධයක් වෙන්නේ නැත්නම් එච්චරයි. රාජ්‍ය අනුග්‍රහයෙන් පාස්කු ඉරිදා බෝම්බ කාපු මිනිස්සු අපි. කොරහේ නෙමේ දැන් තේ කෝප්පෙත් කිඹුල්ලු පේනවා අපිට.. රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන දේවල් 100% විනිවිද භාවයෙන් කෙරුණා නම් මෙලහකට අපි ආසියාවේ අංක එක, ප්‍රශ්නේ තියෙන්නේ වෙච්ච දේවල් නිසා රජය ගැන විශ්වාසයක් නෑ.

:       0       47

jayantha Thursday, 01 August 2019 12:52 AM

ඔය හුගක් දෙනෙක් වැඩක් නොකරන අය ගහක් කොලක් හදන අය නෙවි බොරුවටට කියවන අය අපේ රටේ පරිසරය රැකිලා තියෙන්නේ කියව න අය නිසා නෙවි එක ගහක් හරි හදන මිනිසුන් නිසා ඔය සංවේදී ප්‍රදේශ වල අය හුගක් මිනිසුන් ගහ කොළට පන වාගේ

:       0       0

ලුම්බිණි Sunday, 04 August 2019 04:39 AM

රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන දේවල් ටිකක් හෝ විනිවිද භාවයෙන් කෙරෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 17 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 19 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3365 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2476 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3078 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18720 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site