IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


නකල්ස් කන්දෙන් කඩාහැලෙන දිය ඇළි කොමළියන්

( එච්.චන්දන )

 
දුම්බර මිටියාවතේ -  නකල්ස් කඳුවැටිය පාමුල ඇති දිය ඇළි මේ දිනවල අලංකාරයෙන් ගලා බසිනු  අයුරු දක්නට  ලැබේ.
 
මහනුවර සිට  මඩවල පන්විල හරහා නකල්ස් ආසන්නයේට යන අයට , මේ දිය ඇළි දැක ගක හැකිවේ.
 
නගරය මැදින් ගලා බසින හුළුගග දිය ඇල්ල,  හාගල ප්‍රදේශයේ ගලා බසින ජෝඩු දිය ඇල්ල, බඹරැල්ළ  ප්‍රදේශයේ ගලා බසින සාරි දිය ඇල්ල  මේ සුන්දරත්වය විදහා පායි.
 
 නකල්ස් කඳු මුදුනෙන් පටන් ගන්නා මේ සියලු දිය ඇළි අවසානයේ මහවැලි ගඟට එකතුවේ.



අදහස් (23)

නකල්ස් කන්දෙන් කඩාහැලෙන දිය ඇළි කොමළියන්

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 June 2020 08:22 AM

අප්‍රමාණ සොඳුරු බව කැටිකොට ගත්, මේ සුන්දර දිය ඇලි දුටු සංවේදී මිනිස් සිත් සතන් මොනතරම් සොඳුරු මිහිරි අමන්දානන්දයට පත්වේද? ආදරයෙන් තුරුළුවී පෙම්බස් මුමුණන හදවත්.. මේ මිහිරි සොබා සෞන්දර්යයෙන් වශී නොවේද?.. කවියට, ගීතයට, සාහිත්‍යයට මේ පරිසරය සැමදා අනුබලයක්ම දෙනවා නොවේද?... මෙවන් සොඳුරු පරසරයක උපන් අප සැම මහා පුදුම පින්වන්තයින් නොවේද?.. එයිනුත්, එපිටට ගොස් මේ සොඳුරු බවේ ඇලී වෙලී ගැලී සිටින, මන්මත් වෙන සොඳුරු සංවේදී හදවත් ඇත්තන් තරම් තවත් සොඳුරු අහිංසක මිනිසුන් මිහිපිට ඇතිද?

:       6       509

RaveendraThursday, 25 June 2020 10:17 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත් නිවැරදිය. අපගේ මාතෘභූමිය ඉතාමත්ම සුන්දර බිමකි.. එහෙත් දේශපාලුවන් මෙන්ම නොමිනිසුන්ගෙන් ගහනවීම කණගාටුවකි. අප රටේ වැඩි දෙනෙකු ස්වභාව සෞන්දර්යය "විඳවන්නෝය".. එහෙත් ස්වභාව සෞන්දර්යය විඳින්නෝ ඉතාමත්ම අල්පයි. තවද අප රටේ ලස්සන මෙන්ම වටිනාකම අප සැමට වඩාත්ම දැනෙන්නේ අඩු වශයෙන් දින කීපයකට හෝ අපගේ මාතෘභූමියෙන් බැහැර වුණු අයට බව නොරහසකි.. වඩාත් දුක්බර හැඟීමක් දනවන අතර අපගේ මව්බිමට ගොඩ බසිනවිට ඇතිවන්නේ අප්‍රමාණ වචනවලින් කිව නොහැකි සතුටකි.

:       0       158

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 25 June 2020 11:39 AM

ස්තූතියි ! රවීන්ද්‍ර මහතාණෙනි, ඔබද ඒ වැනි සොඳුරු මිනිසෙකි.

:       0       63

max Thursday, 25 June 2020 09:13 AM

හැකිතරම් මේ මනරම් දසුන් නරඹන්නට යන්න. නමුත් පොලිතීන් වැනි අපද්‍රව්‍ය, හිස් බෝතල්, සිලි සිලි මලු දමා ඒවා අපවිත්‍ර නොකරන්න කාරුණික වන්න.

:       0       31

විජිත් Thursday, 25 June 2020 10:18 AM

"ඇය" නොඑන අද දිනේ... මට මොන දිය ඇලිද? දිය වැල්ද..? මම මගේ පාඩුවේ - මගේ කුටියටම වී... දිනෙක ඇය එනතුරා බලා හිඳින්නම්..

:       0       128

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 June 2020 12:40 PM

විජිත්, ඔයාගේ අදහස මා මෙසේ දුටුවා. "ඇය නොමැති අද දිනේ.. කෙලෙස ඉන්නද මම අනේ..? දියඇලිද අද දිනේ .. කිසිඳු සතුටක් හිතට නොගෙනේ.. "

:       0       122

බද්රානි Friday, 26 June 2020 08:00 AM

මම නම් මේ දවස් වල ‘‘සුනඛයෝ‘‘ කියන සිංහල චිත්‍රපටිය නරඹනවා. ඔය කොහෙවත් තියන දිය ඇලි වලට වඩා, හරිම සුන්දරයි ඒ කෙරුවාව..

:       184       35

RaveendraFriday, 26 June 2020 09:29 AM

ඔබ අදහස් කරේ 225කින් සමන්විත දියවන්නාවේ රෑනද? නොඑසේ නම්...

:       0       36

බද්රානිFriday, 26 June 2020 10:51 PM

අනේ නැහැ, රවීන්ද්‍ර මහත්තයෝ, මම නම් කවදාවත් ඒ පාර්ලිමේන්තුවේ සිටින ගරු පින්වත්, මන්ත්‍රීතුමන්ලා ගැන කවදාවත් අහිතක් සිතන්නේ නැහැ. ඔවුන් දෙස බලාගෙන හීන දකිමින් කුලියට කහින, ඔබ හා මා ජීවත් වෙන්නන් ගැනයි.. ඒ චිත්‍රපටිය තුළ ප්‍රදර්ශනය වන්නේ.. තම වර්ගයේම එකම ගුබ්බායමේ වෙසෙන සුනඛයෙක් දැක්කම සද්දෙට බුරන, පාලකයින් දැක්කම නැට්ට බඩ ගහගෙන ඉන්න සුනඛයින් පිළිබඳව හොඳ විග්‍රහයක් එම සිනමා පටය තුල ගැබ් වෙලා තිබෙනවා...

:       95       36

මල් සරාFriday, 26 June 2020 09:32 AM

බද්රානි, ඇයි ඔබට ඊර්ෂ්‍යාවද...?

:       0       11

chandareSaturday, 27 June 2020 03:00 PM

මල්ෂාරා, දුන්න ගෙනාවා නම් මෙහෙදී බද්‍රානිට විදින්න දෙන්න බැහැ.

:       0       17

nimalasiriFriday, 26 June 2020 09:51 PM

බද්රානි , ඔයා මාර වැඩනේ කරන්නේ. පුදුම කතානේ කියන්නේ...

:       0       4

silvaSaturday, 27 June 2020 04:20 AM

බද්රානි විකාර කතා කියන්න එපා.

:       0       26

RawanSaturday, 27 June 2020 12:39 PM

මෙච්චර ලස්සන ආටිකල් එකකට සුනඛයින් ගැන කියන්න බද්රානිගේ මොලේ මොකක් හරි අවුලක් තියෙනවා. නරකද මුල්ලේරියාව පැත්තට ගිහින් බෙහෙතක් එහෙම අරන් බැලුවොත්...

:       0       27

hemasiri Saturday, 27 June 2020 01:57 PM

බද්රානි කරොත් කරන්නේ මේ වගේ වැඩක්ම තමයි. මේ පත්තරේ වටිනාම කොටසකට කලාත්මකම කොටසකට මොන මගුලකටද මේ කේස් එකක් අදලාගත්තේ..?

:       3       30

kanchanaSaturday, 27 June 2020 02:01 PM

රුවන්, හිත රිදෙන මොනවත් කියන්න එපා. මෙයාගේ මාමා තමයි මැදමුලන ලොක්කා..

:       4       26

chandaniSaturday, 27 June 2020 08:19 PM

ඉතින් දිය ඇලිවලට ආසා නැතිනම් මොන මගුලකටද දිය අලි ගැන කතාකරන පිටුවට සුනක කතා උස්සගෙන ආවේ. ඔහේගේ මොලේ කොහේද තියෙන්නේ?

:       0       1

විජිත් Friday, 26 June 2020 04:04 PM

බොහොම ස්තුතියි සමිත, ඔයා මගේ අදහස ලස්සනට කවියකට ගලපලා තියෙනවා. හරි ලස්සනයි. මට කවි ලියන්න අාසයි.. එ්ත් බැහැ... O/L වලින් පසුව විද්‍යා විෂයයන් පමණක් කළ නිසා මගේ සිංහල "මොට්ටවුණා " අදටත් මම ඒ ගැන දුක් වෙනවා. ඒ නිසයි මම මේ වචන ටිකක් එහෙන් මෙහෙන් එකතු කරලා නිසඳැස් ආකාරයට යමක් සන්නිවේදනය කරන්නේ... මම කළා විෂයන් කළා නම් අද මම රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා වගේ ඉහළම කවියෙක් වෙන්නත් තිබුණා සමහර විට. වාසනාවක් තිබුණා නම්... එයා තමයි මගේ ප්‍රියතම කවියා.. ගීත රචකයා..

:       0       129

පූජා Saturday, 27 June 2020 02:32 AM

දියඇල්ලේ පින්තූර නම් හරිම ලස්සනයි. දියඇලි වලට මොනතරම් නම් මියුරු ගීතයන් ලියවිලා තියෙනවද? 6 වැනි පින්තූරයේ දිය ඇලිවලට පිටුපසින් තිබෙන බංගලාව දුටුවාම මට බයක් වගේ හැඟීමක් ඇතිවුණා හරිම ගුප්ත පාටයි. හොල්මන් කතා මතකය අවදි කරවනවා.

:       0       129

AEKSaturday, 27 June 2020 01:41 PM

මේ නිවසේ මිනිසුන් වාසය කරයි. ඉදිරිපස කඩ පේලියක්ද ඇත. මෙය කුඩා නගරයක මැද පිහිටා ඇත.

:       0       13

විජිත් Saturday, 27 June 2020 03:12 AM

සමිත, ඔයා මගේ අදහස ලස්සනට කවියකට ගලපලා තියෙනවා. හරි ලස්සනයි. මට කවි ලියන්න අාසයි.. එ්ත් බැහැ. O/L වලින් පසුව විද්‍යා විෂයන් පමණක් කළ නිසා මගේ සිංහල "මොට්ට වුණා". අදටත් මම ඒ ගැන දුක්වෙනවා. ඒ නිසයි මම මේ වචන ටිකක් එහෙන් මෙහෙන් ලියලා නිසඳැස් ආකාරයට යමක් සන්නිවේදනය කරන්නේ... මම කලා විෂයයන් කළා නම් අද මම රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා වගේ ඉහළම කවියෙක් වෙන්නත් තිබුණා සමහර විට... වාසනාවක් තිබුණා නම්... එයා තමයි මගේ ප්‍රියතම කවියා... ගීත රචකයා... අපේ යුගයේ මහගම සේකර...

:       0       129

dayananda Saturday, 27 June 2020 05:12 AM

ලස්සනට බලලා ලස්සනට තබාගන්න උදව්කරන්න.

:       0       11

විජිත් Sunday, 28 June 2020 02:05 AM

සවනට කොඳුරා - නුඹට කියන්නම් ඊයේත් නින්දක් නොගිය තරම් දරාගන්න බැරි දුක් බර සිහිනෙක, ඔබගෙන් තොරවූ.. ඒ තිස්තුන් පැය.. කල්පයක්ම විය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමෙරිකාවේ අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක් නවතයි
2025 පෙබරවාරි මස 13 230 0

ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍


ගිනි අවියත් අරන් පැන්න පී.සීගේ පෙම්වතියගෙන් ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 13 222 0

ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්‍යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස


’’බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ’’
2025 පෙබරවාරි මස 13 185 0

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම


තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 13 526 0

සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප


අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි
2025 පෙබරවාරි මස 13 762 0

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 4140 10

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 166 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site