(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ පොතුවිල් (සංගමන්කන්ද) ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 22 ක් පමණ දුරින් ගිනිගෙන වෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීමට ඇතැම් විට දින කිහිපයක් ගතවිය හැකි යැයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජනරාල් (ක්‍රියාන්විත) රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා අද (4) පැවසීය.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට මුහුදු සැතපුම් 38ක් පමණ දුරින් තිබියදී ගිනිගත් මෙම නෞකාවේ එන්ජිම මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බැවින් එය ශ්‍රී ලංකාව දෙසට තල්ලු වෙමින් පැමිණ අද (4) දහවල් වන විට මුහුදු තීරයට නාවික සැතපුම් 22ක් පමණ ආසන්න වී තිබූ බව ද රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
පැනමා ධජය යටතේ ගමන් කරමින් තිබූ ‘නිව් ඩයමන්ඩ්’ නම් මෙම නෞකාව ඉරාකයේ සිට ඉන්දියාව බලා ගමන් කරමින් තිබී ඇති අතර එහි බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 1,700ක් පමණ ඇතත් එයින් එම ඉන්ධන කාන්දුවීමේ අවදානමක් මෙතෙක් මතුව නැතැයි ද ඔහු සඳහන් කළේය.
රියර් අද්මිරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ගින්න නිවා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාවත්, ඉන්දීය නාවික හමුදාව හා එරට වෙරළාරක්ෂක හමුදාවත් එක්ව මෙහෙයුමක් ආරම්භ කරමින් සිටින බව ද නන්දන ජයරත්න මහතා කීවේය.
මෙහි ගින්න පාලනය කළත් එහි දුම නැගීම තවත් සති ගණනක් පැවතිය හැකි බව ද නාවික හමුදා අධ්යක්ෂ පෙනරාල්වරයා පැවසීය. ගින්න පාලනය කළ පසු නෞකා හිමි සමාගමට එය ඉවත් කරගැනීමට බාරදෙන බව කී රියර් අද්මිරාල් ජයරත්න මහතා එය ඇත්තේ ඉතා ගැඹුරු මුහුදේ බැවින් නැවට හානිවීමේ හැකියාව අඩු බව ද ප්‍රකාශ කළේය.
නෞකාවේ බොයිලේරුවේ පිපිරීමකින් එහි එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති බව කී ඒ මහතා ගින්න බොරතෙල් ගබඩා කර ඇති කොටස දක්වා පැතිරයාමේ අවදානම අඩු බව ද කීවේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක්, ටග් යාත්‍රා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම් අයි 17, බෙල් 212, ආදී ගුවන් යානා, ඉන්දීය වෙරළාරක්ෂක හා නාවික හමුදා නෞකා දෙකක්, ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවේ ගුවන් යානා ආදිය මේ සඳහා යොදවා ඇති බවත්, ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාවට අයත් විශේෂ උපකරණ සහිත තවත් ගුවන් යානා දෙකක් අද (4) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබූ බවත් රියර් අද්මිරාල්වරයා පැවසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නෞකාවේ ගින්න පාලනයට දින කිහිපයක් ගතවන බව නාවික හමුදාව කියයි
chandima Friday, 04 September 2020 02:12 PM
නැව හොඳ ගාණකට රක්ෂණය කරලා ඇතිනේ.. පුපුරලා ගිහින් මුහුද සහ වෙරළ විනාශ වීම නවත්වලා දුන්නට හොඳ ගාණක වන්දියක් ඉල්ලන්න වෙනවා.. ලංකාවේ මේ දවස්වල තියෙන ණය බරෙන්වත් මිදෙන්න.
Nihal Friday, 04 September 2020 03:44 PM
වන්දි ලැබුණා වුණත් ණය ගෙවයි කියලා හිතනවද?
chandimaFriday, 04 September 2020 06:20 PM
ඒ කට්ටිය දැන් නැහැනේ. දැක්කේ නැද්ද කටඋත්තර දෙන්න යනවා.. මේ කට්ටිය ගෙවයි. බය නැතිව ඉන්න.
bandaSaturday, 05 September 2020 09:43 AM
චන්දිම මහත්තයෝ, නැව පුපුරලා පරිසරයට හානියක් වුණොත්ලංකාවට කීයක් හරි හම්බවේවි.. නැතිනම් නැවට වූ හානියට නැව් සමාගමට කීයක් හරි හම්බවෙයි.
gekko Friday, 04 September 2020 03:22 PM
ඕක ඉතින් ඔතන පුපුරනකම්... වැනි වැනී ඉඳීවි...
Bamunuarachchi Saturday, 05 September 2020 06:42 AM
අවුරුදු 30ක් යන්නේ නැහැනේ.. ඉන්දියාවෙන් අපිට ලැබෙන්නේ ඕවා තමයි.