(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (07) ප්‍රතික්ෂේප කළාය.
මෙම සිද්ධියට අදාලව සමුද්‍රිය දූෂණ වැලැක්වීමේ පනත ප්‍රකාරව ඉහත නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත්කිරීමේ බලයක් මෙම අධිකරණයට නොමැත බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (07) යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ප්රමුඛ නිලධාරී මණ්ඩලය අධිකරණයේ පෙනී සිටියහ. මෙම ගිනිගත් නෞකාවේ වී.ඩී.ආර්. යන්ත්‍රයේ දත්ත පිළිබඳව තව දුරටත් පරීක්ෂණ සිදුකරගෙන යෑමට ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට අධිකරණය අවසර ලබාදුන්නේය.
මුහුදේ ගිලෙමින් ඇති නෞකාවේ ආරක්ෂාව තර කරන ලෙස නාවික හමුදාවට අධිකරණ නියෝගයක් නිකුත් කළේය. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු සීමාවට පැමිණ ඇති බව මෙතෙක් කරන ලද විමර්ෂණවලදී තහවුරු වී ඇති බවය.
නොෟකාවේ මෙරට නියෝජිත ආයතනය නෞකාවේ කපිතාන්වරයා වෙත යවා තිබූ ඊමේල් කීපයක් මකාදමා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ හේතුවෙන් එම ඊමේල් ලිපිනයට අයත් ‘ආරක්ෂිත ඊමේල් ගෙනුව’ තම දෙපාර්මේන්තුවට ලබාදෙන ලෙසට නැවේ දේශීය නියෝජිතයාට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව අධිකරණයෙන් ඉලීමක් කළේය.
මෙම නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිටි්රක් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය දැනුම් දුන්නේය. මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් සියලුම ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් ඒ හේතුවෙන් වැඩි දුරටත් විමර්ෂණ සිදුකෙරෙමින් පවතින බවත් අපරාධප පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘නෞකාවේ වගකිය යුත්තන් හිතාමතා කරුණු වසන් කර අප රටේ මුහුදු සීමාවට ඇතුළු වෙලා‘‘
සෙනෙවිරත්න Monday, 07 June 2021 08:08 PM
අපේ රටේ ඉන්නෙ බබ්බුද? නැව් කපිතාන් මොනවා වසන් කළත් ගින්න නිවන්න බාරගන්න ඕන ගින්නේ තතු හරිියට විමර්ශනය කරලා නොවේද? මේක ගමේ කඩයක් කම්හලක් ගිනිගන්නවා වගේ නොවෙයි නේද?
මුණසිංහ Monday, 07 June 2021 10:10 PM
ඒ කියන්නේ නැවේ අය වෙනුවෙන් ලංකාවට එරෙහිව ඉදිරිපත් වන අයත් ඉන්නවා වගේ. අර කුඩු රජාලාට වගේ... !
Hafeel Tuesday, 08 June 2021 06:26 AM
එ්ක තමයි මුණසිංහ මහත්තයා ලැජ්ජයි... මහා ලොකුවට මව්බිම, රට, දේශප්‍රේමීන් කියලා පම්බෝරි ගැහුවාට, මෙච්චර රටේ පරිසරයට හානිවෙලත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවනේ...
Nuwan Tuesday, 08 June 2021 11:26 AM
නැව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. නැවගිය අන්තිම වරායෙන් පණිවිඩ එනවා. ඒ වගේම අන්තර්ජාතික නැව් ගමනාගමන පාලක අංශයෙනුත් පණිවිඩ එනවා. මෙතන අපේ බලලෝභීන් කරන්න යන්නේ නැවට විතරක් වගකීම පටවන්න.
ජයන්ත Tuesday, 08 June 2021 12:30 PM
‘‘නෞකාවේ වගකිය යුත්තන් හිතාමතා කරුණු වසන් කර අප රටේ මුහුදු සීමාවට ඇතුළු වෙලා‘‘ලු බලන්න ඒ රටේ ජාතික ආරක්ෂාවක තරම. මේව විහිලු. තුවක්කු ඒකට ඇතිල්ලිලා අංක මැකෙනවා, නැවට පටවනකොට තුවක්කු මුහුදෙ වැටුනා කියනවා... මේ අනිත් එක.... මේක රටට ශාපයක්.
kamal Tuesday, 08 June 2021 12:43 PM
ඒ කිව්වේ..? අපිව ගොනාට ඇන්දුවා කියලාද?
සෙනෙවිරත්න Tuesday, 08 June 2021 02:36 PM
69 ලක්ෂයක් අන්දලා, අදටත් අඳිනවා, ඕක මොකක්ද?
BamunuarachchiWednesday, 09 June 2021 08:24 AM
නරකද ගිය අවුරුදු 5ම ඇඳගෙන හිටිය එක දැන්වත් ගැලෙව්වොත්...