(ළහිරු හර්ෂණ)
නුගේගොඩ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 307 ක් වෙනුවෙන් ස්ථාපිත මහජන ආරක්ෂක කමිටු නියෝජනය කෙරෙන ප්‍රජා ඒකක 97 ක පොලිස් රාජකාරීන් ප්‍රජා පොලිස්කරණය තුලින් ඉටුකිරීමේ ආරම්භක උත්සවය අද (14) මහරගම යොවුන් රගහලේදී මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සංවිධානත්වයෙන් පැවැත්විණි .
ඒ අනුව නුගේගොඩ කොට්ඨාසයේ පදිංචි ජනතාවගේ විවිධ අවශ්‍යතා ප්‍රජා පොලිස් ඒකක නිලධාරීන් මගින් ඉටුකිරීම සිදුවන අතර ඒ සදහා නව පාපැදි 97 ක් නිලධාරීන් වෙත බෙදා දීමත් , විවිධ රෝගාබාධයන්ට ලක්ව ප්‍රතිකාර ලබන බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 88 දෙනෙක්ගේ චිත්ත ධෛර්යය වඩවාලීම අරමුණු කරගනිමින් වියලි ආහාර පාර්සල් බෙදාදීමත් එහිදී සිදුකෙරුනි .
මෙම අවස්ථාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් , ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් , පොලිස් නිලධාරීන් , මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් රැසක් සහභාගී විය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නුගේගොඩ කොට්ඨාසයේ