(යොහාන් භාසුර)
කොළඹ වරායේ නැගෙනහිර පහළු පර්යන්තයේ නව මාර්ග සැලැස්ම අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමෙන් අනාගතයේ දැවැන්ත අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි නිසා එම මාර්ග සැලැස්මේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වාරාය අමාත්‍ය බිමල් රත්නායක මහතාට ලිපියක් යොමුකර තිබේ.
නව සැලැස්ම සාධාරණ හේතුවකින් තොරව ක්‍රියාත්මක කිරීම තුළින් වෙනත් බාහිර පාර්ශවයකට අනාගතයේ වාසි සැළසීමේ අරමුණක් ඇතැයි සැකයක් ඇති බව කියන වෘත්තිය සමිති නව සැලැස්ම ක්‍රියාත්මක කිරීම නතර නොකළහොත් ඊට විරුද්ධව නීතිය හමුවට යන බව ද එම ලිපියේ සඳහන් කරයි.
මෙය ඉදිරියෛ්දී ක්‍රියාත්මක වුවහොත් ආයතනයේ කාර්මික සාමයට බාධායක් එල්ල වියහැකි බව කියන වෘත්තිය සමිති වරාය අධිකාරියේ මුදල් වියදම් කරමින් අත්තනෝමතිකව කටයුතු කරන පාර්ශවවලින් එම වියදම් අයකරගත යුතු බවත් අමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.
ජාත්‍යන්තර සහ දේශීය ආයතන ගණනාවකගේ සහභාගිත්වයෙන් වරාය අධිකාරියේ කොට්ඨාස කීපයක මැදිහත්වීමෙන් එහි ඒකාබද්ධ සැලැස්මට අනුගත වෙමින් එම පර්යන්තයේ මාර්ග සැලැස්ම සකස් කළ බවත් ඒ අනුව ඉදිකිරීම් වෙමින් තිබියදී වූ දේශපාලන පෙරළියත් සමඟ පත්කළ නව කළමනාකාරිත්වය සැලැස්ම සංශෝධනය කර ක්‍රියාත්මක කරන බවත් එම වෘත්තීය සමිති අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.
එම සංශෝධනය පිළිබඳව වාර්තා වූ වාහාම නව කළමණාකාරිත්වය සමඟ කළ සාකච්ඡාවේදී කළ ඉල්ලීම අනුව වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වාර්තාවක් දුන් බව කියන වෘත්තීය සමිති එම වාර්තාව පිළිබඳව කිසිඳු තැකීමක් නොකර එම මාර්ගයේ සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ලිපියේ සඳහන් කර තිබේ.
නව සැලැස්ම නිර්මාණය කිරීමට දායක වූ සියලු පාර්ශව කැඳවා සාකච්ඡාවක් පවත්වා ඉන් පසුව වඩාත් සුසුසු ක්‍රමව්දය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාකරවන කොට්ඨාශයේ විධායක, සහ විධායක නොවන නිලධාරීන් සහ සැළසුම් හා සංවර්ධන කොට්ඨාසයේ ඉංජිනේරුවරු නැගෙනහිර පහළු පර්යන්තය වෙනුවෙන් දැවැන්ත සටනක් කළ වෘත්තීය සමිති ලෙස මෙම ක්‍රියාවට දැඩිව විරෝධය දක්වන බවත් වෘත්තීය සමිති එම ලිපියෙන් වැඩි දුරටත් පවසයි.
වරාය විධායක නිලධාරීන්ගේ සංගමය, පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, සමගි සේවක සංගමය සහ ජාතික සේවක සංගමය යන සංගම් පහ මෙම ලිපියට අස්සන් තබා තිබේ.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නැගෙනහිර පහළු පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කරලා
යෝගා Thursday, 13 February 2025 10:34 AM
අරයා ඉන්දියාවට ගිය වෙලේ හොඳ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඇති. එයා දවසක ගෙදර යන්නේ අන්ත දූෂිත කියන ලේබල් එකත් ගහගෙන.
Nimal Thursday, 13 February 2025 11:38 AM
ලංකාවේ සිස්ටම් චේන්ජ් කළ නොහැක... කරන්න හදන එකේ චේන්ජ් වීම පමණක් සිදු වේ