(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත.
මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසා රහස් පොලිසස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බව හෙළි වීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට අද නියම කළේය.
රහස් පොලිසියෙන් යැයි පවසමින් අදළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන ‘තරිඳු යෝෂිත’ නමැත්තා කවුද? යන්න හෙළි කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් කිරීමටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිස් අධක්‍ෂවරයාට නියම කළේය.
කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන හෙරොයින් නඩුවක නඩු භාන්ඩ වශයෙන් ලකුණු කර ඇති මෙම හෙරොයින් කිලෝ 12 මහාධිකරණයට යැවීම සඳහා සොයන විට රහස් පොලිසියේ ‘තරිඳු යෝෂිත’ නමැති නිලධාරියා වශයෙන් පෙනී සිටි පුද්ගලයකු රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසමින් අදාළ හෙරොයින් තොගය ගෙන ගොස් ඇති බව හෙළි වීමෙන් අනතුරුව මේ පිළිබඳ විමර්ශන කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට වැඩිදුරටත් නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාන්ඩ බාරකරු ඇතු`ථ නඩු භාන්ඩ කාමරයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ වින විට විමසීම් කර ඇතැයිද වාර්තාවේ.
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇති බව ස
වැසි සමඟ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ල අද උදෑසන (11) විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ති ජයසේකර මහ
නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇ
රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී , බස් රියක පාපුවරුවෙන් ඇඳ වැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නඩු කාමරයෙන් කෝටි 24 කුඩු පන්නලා
fairoos Thursday, 29 August 2024 11:55 AM
නිකන් ගොන් ආතල් දෙන්න එපා . ඔතන ඉන්න සෙට් එකම එකතුවෙලා වද දීලා ඇති අනිවාර්යයෙන්ම
jayantha Thursday, 29 August 2024 12:38 PM
තරිඳු යෝෂිත රාජපක්ෂ වෙන්න බැරිද ?
මංජුල Thursday, 29 August 2024 01:41 PM
නඩුවක් අවසානයේ නිවැරදිකරැ වුවද නැවත භාර දිය නොහැකි මෙවැනි දෑ ඉක්මනින්ම විනාශ කිරීමට නීති සම්පාදනය විය යුතුය
Prabha Thursday, 29 August 2024 01:46 PM
පැමිණි වාහනේ අංකය ,රාජකාරි හැඳුනුම්පත භාරගත් බවට සාක්ෂි නැතුව කුඩු කිලෝ 12 භාර දෙනවද