IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නඩු ප්‍රමාදයට හේතුව අධිකරණ ඇමැති කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීතිපති දෙපාර්තමේන්තුවේ  නීති නිලධාරීන් සහ නීති නොවන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 600  දෙනකුගේ හිඟයක් පැවතීම නිසා අපරාධ නඩු සඳහා උපදෙස් ලබාදීම ප්‍රමාදවීමට ප්‍රධාන හේතුවක්වී ඇතැයි  නීතිපතිවරයා දැනුම්දී ඇති බව  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අධි නීතිඥවරුන් 50 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවද  හෙතෙම සඳහන් කළේය.

නඩු ප්‍රමාදය නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බව තමා පිළිගන්නේ යැයිද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී  චාමර සම්පත් දසනායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නඩු ප්‍රමාදවීමට නීතිපති දෙපාර්තමේන්තුවේ විෂය පථයට පරිබාහිර හේතු ගණනාවක් බලපා ඇතැයි පැවසූ අලි සබ්රි මහතා  ප්‍රමාණවත් අධිකරණ සංඛ්‍යාවක් නොතිබීම නඩු ප්‍රමාදවීමට බලපෑ ප්‍රධාන හේතු සාධකයක් බවද සඳහන් කළේය.

මෙයට අමතරව සීමිත අධිකරණ වෛද්‍ය නිලධාරීන් ප්‍රමාණයක් සිටීම, එම  නිලධාරීන් ස්ථාන මාරුවීම් ලැබීම, සීමිත රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රමාණයක් සිටීම, දිනකට එක නිලධාරියකුට අධිකරණ  කිහිපයකට පෙනී සිටීමට සිදුවීම, විත්තිකරුවන් අසනීප වීම  යනාදි හේතු ගණනාවක්ද නඩු ප්‍රමාද වීමට බලපා ඇති බවත්  එදිනෙදා නඩු එදිනෙදා විභාගයට ගත යුතු බව චක්‍රලේඛ මඟින් නියෝග කර ඇතත් එය ඒ ආකාරයට ක්‍රියාත්මක නොවන බවත් අධිකරණ ඇමැතිවරයා පැවැසීය.

අධිකරණ නඩු ප්‍රමාදය වැළක්වීමට අධිකරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ ලබා ගැනීම  වැදගත් බව නීතිපතිවරයා සඳහන් කර ඇතැයිද  ඔහු පැවසුවේය.

දිනෙන් දින වැඩිවන අපරාධ නඩුවලට   සාපේක්ෂව නීති නිලධාරීන්ගෙන් වැඩිවීමක් සිදුවී නැතැයි නීතිපතිවරයා දැනුම් දී ඇති බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා අපරාධ නඩුවලට උපදෙස් දීම හැරුණු කොට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට වෙනත් රාජකාරී  කටයුතුවල යෙදීමට සිදුව ඇතැයිද  ප්‍රකාශ කළේ‍ය.



අදහස් (10)

නඩු ප්‍රමාදයට හේතුව අධිකරණ ඇමැති කියයි

Nuwan Thursday, 11 November 2021 12:46 PM

ඔය 600 කාත්තන්කුඩි පැත්තෙන් ගෙනල්ල පුරවමු

:       4       9

Hafeel Thursday, 11 November 2021 12:58 PM

අපරාධකරුවන් නිදොස්කොට නිදහස් කරන්න නම් මොනවට නීති උපදෙස්? නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හිඟයක් පවතී මේ යුගයේත් අපරාධකරුවන් නිදොස්කොට නිදහස් කරනවා. ඉතින් තවත් මොන මගුලට තවත් නිලධාරීන් සහ අධිකරණවල් . මෙයාගේ යුගයේ තමයි වැඩියෙන්ම නඩුවලින් නිදොස්කොට නිදහස් වුනේ. තවත් ඉදිරියට වෙනවාමයි. ලැජ්ජයි. ජනාධිපතිගේ තේරීම නම් හරියට හරි.

:       2       8

sharm warn Thursday, 11 November 2021 12:58 PM

ආ ඔයා තවම ඉන්නවද ?අපි හිතුවේ ගෙදර ගිහින් හේනක් කුඹුරක් කොටාගෙන ඉන්නවා ඇති කියලා

:       2       11

Bamunuarachchi Thursday, 11 November 2021 01:21 PM

පව් නොදී යන්නකෝ. දකිනකොටත් යක්ෂයා ඔලුවට එනවා.

:       9       6

Kule Thursday, 11 November 2021 02:33 PM

නීතීඥ මහත්තවරුන්ට ලක්ෂ ගණන් ගෙවලා නඩු කියන විත්ති පාර්ශව කරුවන් සහ පැමිණිලි කරුවන්ගෙන් අයකරන අධිකරණ ගාස්තු වැඩි කරන්න .එතකොට නිලධාරීන් බඳවා ගත හැකයි

:       0       2

fairoos Thursday, 11 November 2021 03:30 PM

බමුණා දැන් සැපද ?අනේ පව්

:       0       4

BamunuarachchiFriday, 12 November 2021 09:07 PM

ඇයි ගෙදර එක්කගෙන යන්නද?

:       0       0

ravin Thursday, 11 November 2021 03:44 PM

ඔන්න මුලනම් පටන් ගත්තා.. දැන් ඉතින් පුරප්පාඩු පුරවන්න කියලා කුලපති පත්කළා වගේ කොහේහරි ඉන්න හාල්පාරුවන් ටිකක් ඇතුළත් කරයි. ඒ අය ඊට පස්සේ කරන්නේ මුළු ස්ථානයේම වැඩකරන අයත් ඇතුළුව අවුලට පත්කරන එකයි.. උඩ ඉඳන් පහළට අවුල් කළාම මුළු රටේම නීතිය අවුල්... ඊට පස්සේ ඇත්තො කති... බොති.. නැත්තෝ ලෙවකති. නියමෙටම සාධාරණය හා යුක්තිය රජකරයි...

:       0       4

raheem Thursday, 11 November 2021 07:15 PM

කොහොමත් ඕවාට කල්ගත වෙනවා...

:       0       1

අගුපිලගේ Friday, 12 November 2021 07:12 AM

නීති උපදෙස් දෙන පිරිසට රැකියා සුරක්ෂිත බව ඇතිවීමට මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 517 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 916 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 707 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 462 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1269 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 570 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22743 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site