IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නඩු බඩු ගබඩාවේ ගිනි අවි වික්ක තුනක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සහ හෙරොයින් සොරාගෙන ගොස් ඒ දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණා ලැදයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ බහුකාර්ය සංවර්ධන සහායකයකු ඊට අනුබල දුන් අයකු ඇතුළු තිදෙනෙක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු විසින් පෙරේදා (02) අත්අඩංගුවට ගනු ලැබූහ.

සොරාගන්නා ලද ගිනි අවි සහ හෙරොයින් විකිණීමට ආධාර අනුබල දුන් බව පැවසෙන තවත් සැකකරවෙකු නඩු බඩු කාමරයෙන් සොරාගත් විදේශීයේ නිෂ්පාදිත රිවෝල්වරයක් රුපියල් දෙලක්ෂ අසූ දහසක මුදලකට මිලදී ගත් බව කියන ධීවර බෝට්ටු හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඔහු සන්තකයේ තිබී එම රිවෝල්වරය ද පොලිස් බාරයට ගෙන ඇත.

මේ අතර පාතාලයට සම්බන්ධ යැයි කියමින් අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී සොයා ගත් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය ද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් සොරා ගන්නා ලද එකක් බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි එම නිලධාරියා කීය.

එම ගිනි අවිය යොදාගෙන දික්වැල්ල ප්‍රදේශයේ දී මිනිස් ඝාතනයක් සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එම ගිනි අවිය රුපියල් එක්ලක්ෂ පනස් දහසක පමණ මුදලක සැකකාර බහු කාර්ය සංවර්ධන සහායකයාගෙන් මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා තිස් දෙහැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් සැකකරයකු ද හවුල් වී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කියති.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබී ගත් බව කියන විදේශීය නිෂ්පාදිත තවත් ගිනි අවි දෙකක් දකුණේ පාතාල කල්ලි සාමාජිකයන්ට රුපියල් ලක්ෂ ගණනකට මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ගිනි අවි මිලදී ගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.

මේ අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ හෙරොයින් මත් ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් අස්ථානගතවී ඇති බවට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ධම්මික මහතා සහ උප පොලිස් පරීක්ෂක සංජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්බ කර ඇත.

නඩු බඩු කාමරයේ තිබූ ගිනි අවිද සොරාගෙන ගොස් පාතාලයට රුපියල් ලක්ෂ ගණනක විකුණා ඇති බවට තොරතුරු අනාවරණය එම විමර්ශනයේදීද අනාවරණය කරගැනීමට හැකි විණි යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් හොරා ගෙන ගොස් තිබූ හෙරොයින් පාර්සල් දෙක රුපියල් එක්ලක්ස පනස් දහසක පමණ මුදලකට විකුණා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

සැකකාර බහු කාර්ය සංවර්ධන සහායකයාගෙන් හෙරොයින් මිලදී ගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර සහ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ මෙහෙයුම යටතේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ධම්මික මහතා සහ උප පොලිස් පරීක්ෂක සංජීව මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් තිදෙනා දින 7ක කාලයක් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන පරීක්ෂණ පවත්වාගෙන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ දික්කවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

 



අදහස් (0)

නඩු බඩු ගබඩාවේ ගිනි අවි වික්ක තුනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 4 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 276 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 170 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 620 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 300 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site