IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නඩුව පැරදුණැයි සන්නාලියා නීතිඥයාට මුත්‍රා ගහලා

(සුමිත් ප්‍රේමතිලක)

මතුගම අධිකරණයේ විභාග වූ ඉඩම් නඩුවක් පරාද වූවැයි උරණ වී තමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට  මුත්‍රා පාර්සලයකින්  පහරදුන බව කියන පැමිණිලිකාර ඇඳුම් මසන්නකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හිටපු අමාත්‍යවරයකුට එරෙහිව මෙම ඉඩම් නඩුව පැවැරා ඇත.  එම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයාට මෙසේ මුත්‍රා පහරක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක් වූ  නීතිඥවරයා  දුරකථනයෙන් පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කළුතර උතුර, කලපුගම ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීට වසර කිහිපයකට ප්‍රථම හිටපු අමාත්‍යවරයාට අයත්  අගලවත්ත ප්‍රදේශයේ ඉඩමක ටේලර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇති අතර , එයින් ඉවත්වන ලෙස අමාත්‍යවරයා දැනුම් දීමෙන් පසු ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරා තිබේ.

පහරකෑමට ලක්වූ බැව කියන නීතීඥවරයා එම නඩුවේ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිට ඇති බවත් , නඩුව පරාජයට පත්වීමෙන් උරණවූ ඇඳුම් මසන්නා එම නඩුව වෙනුවෙන්ත ලබාදුන් මුදල් ඉල්ලා නීතිඥවරයාට අද පෙරවරුවේ මතුගම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී කිසියම් දියරයකින් පහරදීමෙන් පසු නීතිඥවරයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව එහි බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි පැවසේ .

පහරදීමට යොදාගත්හ දියර වර්ගය මුත්‍රා බවට කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (5)

නඩුව පැරදුණැයි සන්නාලියා නීතිඥයාට මුත්‍රා ගහලා

ගමේ එකාලා Wednesday, 06 October 2021 04:17 PM

නඩු යන්නෝ වැන්සෙන්නෝ කියලා කතාවක් තියෙනවා. ලෝයර් නියමෙට තීන්දුව දෙන්ඩ ඇති? අපේ රටේ එහෙමනේ ?

:       0       0

අබිලින් Wednesday, 06 October 2021 07:28 PM

කවුරු හෝ සේවා ගාස්තුවක් අයකලා නම් හොද සේවයක් ලබාදීමට කටයුතු කල යුතුය එසේ කල නොහැකි නම් සේවා සැපයීම භාර නොගත යුතුය

:       0       0

jagath Wednesday, 06 October 2021 08:05 PM

ලැජ්ජා නැතිකම. මේ අයට තමයි මඩු වලිගෙන් ගහන්න ඕන

:       0       0

sumudi Wednesday, 06 October 2021 10:15 PM

මීට වඩා දෙයක් කලා නම් තව හොදයි

:       0       0

Bamunuarachchi Saturday, 09 October 2021 05:43 PM

නම වගේම කතාවත් අබිලික්...? මෙයා කියන විදිහට නඩුවක දෙපැත්තේ, පැමිණිලි, විත්ති වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයින් දෙන්නම නඩුව දිනන්න ඕනේ... නඩුත් ක්‍රිකට් මැච් වගේ ඩ්‍රෝ වෙනවා නම් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1895 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1352 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 102 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3019 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 761 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1515 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 307 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1737 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site