(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා නැණසල මධ්‍යස්ථාන 10,000ක් පිහිටුවා ඇතත් ඒවායින් බොහොමයක් මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බවද නැණසල ව්‍යාපෘතිය නව මුහුණුවරකින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
2005 වසරේදී ආරම්භ කරන ලද නැණසල ව්‍යාපෘතිය යටතේ පිහිටවූ මධ්‍යස්ථාන ගණනාවක් මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බවට අමාත්‍යංශයට වාර්තා වී තිබෙන බවද අජිත්. පී. පෙරේරා මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ නැණසල ජාතික සංසදයේ නියෝජිතයන් සමඟ කොල්ලුපිටියේ එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදීය.
නැණසල ජාතික සංසදය මගින් අදාළ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා 14කින් යුතු යෝජනාවලියක්ද මෙහිදී අමාත්‍යවරයාට භාරදුන්නේය.
නව ව්‍යාපෘතිය සඳහා නැණසල ජාතික සංසදයේ නියෝජිතයන් හත්දෙනෙකුගෙන් යුතු කමිටුවක්ද පත්කෙරුණු අතර අමාත්‍යංශය, අයි. සී.ටී. ඒ. ආයතනය සමඟ කඩිනමින් ඉදිරි වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බවට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘නැණසල මධ්‍යස්ථාන ගණනාවක් අක්‍රීයයි’