(සුජිත් හේවාජුලිගේ )
බස්නාහිර පළාතේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දකුණු පළාතටත් ප්‍රධාන මාර්ග ගණනාවකින් තවත් පළාත් කිහිපයකටත් සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව ගමන් ගත් වාහන 911 ක් පොලිස් මුර කපොලු කිහිපයකදී දැඩි ලෙස පරීක්ෂාකර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව කොළඹ දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ දකුණු පළාතට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 585ක්ද පුත්තලම මාර්ගය, ගාලු මාර්ගය රත්නපුර මාර්ගය සහ නුවර මාර්ගය ඔස්සේ දකුණු පළාත ඇතුළු පළාත් කිහිපයකට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 326ක්ද මෙසේ හරවා යැවූ බව හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අධිවේගී මාර්ගවල ගමන් ගත් පුද්ගලයන් 930දෙනකුට මෙම මුර කපොළුවලදී දැඩි ලෙස අවවාද කළ බව පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාත් අතර සංචරණ සීමා ලබන 21 වෙනිදා දක්වා දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද පැවසුවේය.
මහනුවර මාර්ගය, පුත්තලම මාර්ගය,රත්නපුර මාර්ගය ,සහ ගාලු මාර්ගය යන මාර්ගවල මුර කපොළුවලදී ආපසු හරවා යැවූ පුද්ගලයන් සංඛ්‍යාව 783ක් බවත් අධිවේගී මාර්ගවලදී මෙදින පරීක්ෂාවට ලක් කෙරුණු වාහන සංඛ්‍යාව 5132ක් බවත් පොලිස් මූලස්ථානය පවසයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ.
බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට පිටවූ වාහන සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් අද (17) දිනයේදී දක්නට ලැබුණු බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පැවසීය.
පෙර දින ක්‍රියාත්මක කළ මෙහෙයුම නිසා එම තත්වය ඇතිවන්නට ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නීති කඩා රෝන්දේ ගිය වාහන 911 පන්නා දමයි
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 17 October 2021 06:06 PM
එතකොට, බෙන්තොට පාලම ළඟ ඉඳන් බස් නවත්වලා මගීන් පයින් අලුත්ගමට යනවිට ඔය නීති කැඩෙන්නේ නැතිද ආයුබොවන්...?
සමරේMonday, 18 October 2021 06:13 AM
ඒක නම් අහන්න වටිනා ප්‍රශ්නයක් තමයි. ඊයේ ඉරිදා ගාලු පාරේ පානදුර පහු කරමින් ගිය කතරගම බස් එක දැකලා කීප දෙනෙක්ම කතා වුණා මොකක්ද මේ විකාරය කියලා. ඒක බස්නාහිර, දකුණ සහ ඌව පළාත් තුනම හරහා යනවා.
මුදියන්සේ, Sunday, 17 October 2021 07:30 PM
නීතියට ගරු නොකරන නරුමයින් සිටින රටක්. රටේ නීතියට ගරු නොකිරීමට හේතුව දඬුවම් ක්‍රියාත්මක නොවීමයි...
රශ්මි Sunday, 17 October 2021 08:50 PM
ආණ්ඩුවේ වැරදි ගොඩයි. හැබැයි ඒ වගේම කියන්න ඕන අපේ රටේ බහුතරයක් මිනිස්සු ඇවිල්ලත් නීතියට කිසි ගෞරවයක් නැති, සෞඛ්‍ය නීතිරීති සත පහකට ගණන් ගන්නේ නැති, හැම තිස්සේම මොකකින් හරි රිංගලා, වංගුවක්, ගේමක් ගහලා තමන්ගේ වැඩේ පමණක් කරගන්න හදන අමු මුග්ධ රැලක් පමණයි. විනෝද චාරිකා, වන්දනා ගමන් යන්න එපා කිව්වේ, කලින් ඩෙල්ටා රැල්ල ඇති වුණේත් ගිය අප්‍රේල් මාසෙත් අපේ මිනිස්සු කිසිම දෙයක් සත පහකට ගණන් ගන්නේ නැතුව රටපුරා විනෝද චාරිකා, වන්දනා ගමන්, උමතුවෙන් වගේ ෂොපින් කරන්න ගිය හින්දා... දැන් වෙන්න යන්නෙත් ඒ දේමයි. හැබැයි තමන්ට මොකක් හරි වුණාම තමයි තරු විසිවෙලා, ලොකුලොකු තර්ක විතර්ක ඉදිරිපත් කරන්නේ මෙහෙම කරන්න තිබ්බා... අරෙහේම කරන්න තිබ්බා කිය කිය...
RaveendraMonday, 18 October 2021 06:44 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. විනයක්, හික්මීමක්, සංවරයක් නැති සමාජයක් සැමදාම අගාදයට යනවා හැර වෙන ගොඩ ඒමක් නොමැත. එසේම බලයේ ඉන්න අයට හරියනම විපක්ෂේ රැල . කෙසේ හෝ බලන්නේ බලයේ ඉන්න අයගේ වැරදි අඩුපාඩු පෙන්වමින් මහජනතාව කුලප්පුකර උද්ගෝෂණ කිරීම හැර කිසිදා මහජනතාව වෙනුවෙන් හොදක් නම් කෙරුවේද නැත.
LuckyMonday, 18 October 2021 11:23 AM
හරියටම හරි රශ්මි. මේ රටේ බහුතරය ඇවිල්ලා අමුම අමු ගොබ්බ, මෝඩ, තකතීරු, මුග්ධ රැලක්. 1948 ඉඳන් මේ රට දවසින් දවස පල්ලෙහාට යන්නේ ඔය බහුතරය හින්දා. හැමදේටම දේශපාලඥයන්ට බැනලා වැඩක් නෑ. මොකද දේශපාලඥයා මතු වෙන්නෙත් බහුතර සමාජයෙන්. අප්‍රේල් විනෝද චාරිකා, වන්දනා ගමන්, ශොපින් පිස්සුව හින්දා 12,000 වැඩි මිනිස්සු ප්‍රමාණයක් ජීවිතවලින් වන්දි ගෙව්වා. ඒත් තාම කිසිම දෙයක් ඉගෙන ගෙන නෑ. දරුවො කරපින්නාගෙන, පවුල් පිටින් මේ දවස් ටිකේ ට්‍රිප් යන්නේ. දෙමව්පියො කරන මෝඩ, තකතීරු වැඩ දැකලා පොඩි උන් හැදෙයිද!!! ඒ අය යන්නෙත් ඒ පාරෙමයි.
Bandara Sunday, 17 October 2021 08:58 PM
අපේ මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම හිතන්නේ නෑ මේ වගේ රස්තියාදුකාර, මනස විකෘති වෙච්ච මිනිස්සු ඉන්න තවත් රටක් ඇති කියලා. මිනිස්සුන්ගේ හොඳට කරන්න එපා, පරිස්සම් වෙන්න, කල්පනාවෙන් වැඩ කරන්න කිව්වොත්, කරන්නේම ඊට ප්‍රතිවිරුද්ධ දේ. නුවරඑළිය, ඇල්ල, දකුණු පළාත, කතරගම, අනුරාධපුරය වගේ ප්‍රදේශ බැලුවොත් පෙනේවි, WP අංක තහඩු තියෙන වාහන කොච්චර ප්‍රමාණයක් මේ දීර්ඝ නිවාඩුවට ඇවිත් තියෙනවද කියලා...
Gayan Sunday, 17 October 2021 09:44 PM
පැහැදිලිවම දඬුවම් ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොකර කවදාවත් මේ රට හදන්න වෙන්නේ නැහැ. වැරැදි වැඩේ කරලා විතරක් නෙවෙයි. ලැජ්ජා නැතිව FB එකේ පින්තූර දාන අයවත් හොයලා දඬුවම් කළ යුතුයි.
පැරකුම්Monday, 18 October 2021 06:44 AM
අපේ රටේ මිනිස්සු මහ අමන මුග්ධ ජාතියක්. කියන්න වචන නෑ. නීති කඩ කරලා පුදුම වින්දනයක් ලබනවා. අහු උනාට දඩුවමක් නැති බව දන්නව නේ. නීතියක් දැම්මොත් ඒක හරියට ක්‍රියාත්මක කිරීම රජයක වගකීමයි. බැරි නම් නොදා ඉන්න. නිකම් අවවාද කරල හරවල යැව්වට වැඩක් නෑ. වාහන දින දෙකකට අත් අඩංගුවට ගන්න. පලාත්මායිම හරහා පයින් යන්නවුන් ගාල් කර පසුව නිදහස් කරන්න.
Demuni Uduwara Monday, 18 October 2021 12:30 AM
නීත්‍යානුකූල පොලිස් නිලධාරින් බව කවුරුත් දනිති!
චන්දන Monday, 18 October 2021 07:06 AM
රෝහල් ආරංචි මාර්ග වලට අනුව දැන් දින 2ක් තිස්සේ නැවතත් කොවිඩ් රෝගීන් ගේ ඉහළ යාමක් පෙන්නුම් කරනවා. මේ යන විදියට දෙසැම්බර් වලදී ආපහු අර්බුදයක් ඇතිවන ලකුණු පෙන්වන්නේ. ආණ්ඩුව ට බැනලා වැඩක් නැති බව තේරුම් ගන්න ඕන.
C.K.Lankaputhra Monday, 18 October 2021 09:07 AM
හැබැයි ඊයෙ පෙරේදා වෙනකම්ම ඔය සංචරන සීමා නීතිය පොලිසිය ක්‍රියාත්මක කලාද? මොන බොරුද. මට සංචරන බලපත්‍රයක් තියන නිසා රාජකාරි කටයුතු සඳහා දිවයින පලාත් කීපයටම පහු ගිය කාලේ ගමන් කලා. මහනුවර කුරුණෑගල අනුරාධපුරය මාතලේ හලාවත කියන කොයි තැනකවත් පරීක්ෂා කරනවා තියා සමහර මුරකුටිවල කිසිම පොලිස් නිලදාරියෙක්වත් හිටියේ නැහැ. දුරගමන් සේවා බස්රථ අැතිතරම් තිබුනා. කොහොම නමුත් අන්තිම දවස් ටිකේ හරි මේ වැඩේ කරන එක හොඳයි. මේවා බොරු සංදර්ශන.
රාමාMonday, 18 October 2021 05:28 PM
ඔන්න ඔය සිතුවිලි මත පිහිටලා කටයුතු කරන අය තොග පිටින් ඉන්න නිසා තමයි රට වළපල්ලට යන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ. යම්කිසි දෙයක හොඳ නරක වටහාගෙන තමන් හරි විදිහට හැසිරෙනවා වෙනුවට තියෙන නීති කඩන්න පුළුවන් තරම් උත්සාහ කරනකොට ඔහොම තමයි. අනික ලංකාපුත්‍ර කවදද ලංකාවට ආවේ. පහුගිය කාලයක් පිටරට ඉන්න විදිහට කමෙන්ට් දැම්මා නේද.?