(අංජුල මහික වීරරත්න)
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී ආචාර්ය
හරිනි අමරසූරිය මහත්මියගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ආචාර්ය අතුල පතිනායක නීති විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූ 2021 - 24 කාලයේ නීති විද්‍යාලයේ පරිපාලනය ශක්තිමත් කිරීම උදෙසා සැලසුම් සහගත පියවර රාශියක් ගන්න ලැබූ අතර
මේ වන විට නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම විද්‍යාල කාර්ය මණ්ඩලයද එම සැලසුම්වල ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බව නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අගමැතිවරියට යැවූ ලිපියේ සඳහන් වේ. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කළහොත් එය නීති විද්‍යාලයේ ප්‍රගතියට හා සංවර්ධනයට හානිකර බලපෑමක් විය හැකි බවද සේවක මණ්ඩලය අගමැතිනියට ඉදිරිපත් කරන ලද ලිපියෙන් පෙන්වා දී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීති විදුහල්පති මාරු කරන්න එපා
සෙනෙවිරත්න Sunday, 06 October 2024 12:10 PM
ඔතැන හිටිය රොඩ්රිගෝ කියලා විදුහල්පති කෙනෙක්, හිටපු රජ පුතාට වෙනම ඒ සී කාමරේක විභාගය ලියන්න පහසුකම් දුන්නා විතරක් නෙවෙයි, එනකොට බුලත් අතක් දීලා පිළිගත්තා. විභාගය උඩින්ම ගොඩ... එහෙම යුගයක් තිබුණා. දැන් කෙනා ගැන දන්නේ නැහැ...
chanaka bandara Sunday, 06 October 2024 12:56 PM
විදුහල්පති මාරු කළොත්නම් හොඳයි...!
Kalum De Silva Sunday, 06 October 2024 05:21 PM
සල්ලි තියන මිනිස්සුන්ට විතරයි නීතිය ඉගෙනගන්න පුළුවන්, බැරිනම් වෙන වෘත්තියක් කරන්න කිව්වේත් මෙතුමාම බව...!