(යොහාන් භාසුර)
දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ ඉහළ නිලධාරීන් දෙදෙනකු ආයතන සංග්‍රයේ නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව මාසිකව ලබාගත් රුපියල් ලක්‍ෂ 19 කට අධික මුදලක් නැවත අයකරන්නා ලෙස අභ්‍යන්තර පරීක්‍ෂණයකින් නිර්දේශ කර තිබියදී මුදල් අයකර ගැනීමෙන් තොරව විශ්‍රාම යෑමේ අවස්ථාව ඔවුන්ට දී ඇතැයි දුම්රිය සේවකයෝ චෝදනා කරති.
දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ හිටපු ලේකම් හා භාණ්ඩාගාරිකවරයා සහ හිටපු වැඩබලන සභාපතිවරයා 2021 වසරේ අගෝස්තු මස සිට නීති විරෝධීව මාසිකව ගත් රුපියල් 80,000 කට ආසන්න සමස්ත මුදල අය කරගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන ඒකකය සහ එම දෙපාර්තමේන්තුවේ නීති අංශය නිර්දේශ කර තිබියදී උසස් නිලධාරීන් එය මඟහරින බව ද සේවකයෝ චෝදනා කරති.
චෝදනා එල්ල වී සිටින අදාල නිලධාරීන් දෙදෙනා පසුගිය ඔක්තෝබර් මස වයස 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගොස් ඇති බවත් ඔවුන් විශ්‍රාම යන විට අදාල මුදල් අයකරගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කටයුතු කර නොමැති බවත් දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ සාමාජික දුම්රිය සේවකයෝ පවසති.
එම දෙපාර්තමේන්තුවේ විනය ශාඛාව අදාල මුදල අයකරගැනීමට එහි ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා ඇතත් එය ලැබී නොමැති බව කියන දුම්රිය සේවකයෝ අදාල චෝදනාලාභී නිලධාරීන් සේවය කළ ඒකකවල ප්‍රධානීන් වෙත අදාල ලිපිගොනු යොමු කරමින් මුදල් ගෙවීම යටගැසීමට උත්සහ කරන බව ද සඳහන් කළහ.
චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් සකස් කරන තෙක් අදාල ලිපිගොනු සගවා තැබීම අදාල අංශ ප්‍රධානීන්ගේ අරමුණ බවත් එම ලිපිගොනු භාරගනෙ ඇති ඇතැම් ප්‍රධානීන් ද චෝදනා මත දුම්රියට මුදල් ගෙවීමට තිබුණ ඒවා මඟහැර සිටින අය බවත් දුම්රිය සේවකයෝ වැඩි දුරටත් චෝදනා කරති.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීති විරෝධිව ගත් ලක්‍ෂ 19 නොගෙවා දුම්රිය නිළැදුම් ලොක්කෝ විශ්‍රාම යති