(නිමල කොඩිතුවක්කු)
නීති ගරුක, යුක්ති ගරුක සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සියලූ කණ්ඩායම් කැපවිය යුතුව ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පැවැසීය.
රටේ උගත් තරුණ කොටස් රට අතහැර යාම පිළිබඳ වේදනාවෙන් බලාසිටින බවත් ඒ අයට රට ගැන , ඒ අයගේ අනාගතය ගැන විශ්වාසයක් ඇතිකළ යුතුව ඇති බවත් කතානායකවරයා සඳහන් කළේය.
කථානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කලේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක‍්‍රියාකාරිත්වය (පැෆරල්) සංවිධානයට වසර 30ක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (14) පැවති උත්සවයකට එක්වෙමිනි.
එම උත්සවයට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් දෙපාර්තමේන්තුව, මාධ්‍ය ආයතන සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ඇගයීමක්ද සිදුකෙරිණි.
පැෆරල් සංවිධානයේ හිටපු සභාපතිවරයකු වන ආචාර්ය ගොඞ්ෆ‍්‍රි ගුණතිලක භාරකාර අරමුදල’’ ආරම්භ කිරීම සහ ‘‘පැෆරල් ගමන් මග’’ කෘතිය දොරට වැඩීමද එහිදි සිදුකෙරෙණි.
එහිදී අදහස් දැක්වූ කථානායක කරූ ජයසූරිය මහතා මෙසේද කිය.
‘‘මේ රටේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා පැෆරල් සංවිධානය ගත් උත්සාහය අගය කළ යුතුයි. නිසි වෙලාවට මැතිවරණ පැවැත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විම, ඡන්ද දායකයාගේ අයිතිය වන තමන්ට කැමති දේශපාලන දර්ශනයක්, දේශපාලන නියෝජනයතක් තෝරා ගැනීම වෙනුවෙන් පැෆරල් සංවිධානය විශාල මෙහෙවරක් ඉටුකලා.
මැතිවරණ වලට විවිධ බාධා පැමිණි අවස්ථාවලදී පැෆරල් සංවිධානය සෘජුව මැදිහත් වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරිම වෙනුවෙන් කැපවුණා. 17 වන සංශෝධනය ඇතිකිරීමේදිත් විශාල මෙහෙවරක් කළා.
මැතිවරණ නිරීක්ෂණ සඳහා පැෆරල් සංවිධානයේ නියෝජිතයන් ගුටි කෑවා, බැනුම් ඇහුවා, සමහර වෙලාවට පොලීසි යන්න වුනා. ඒ වගේ විවිධ බාධක ඇතිවුනා. පැෆරල් ආයතනය අනිකුත් සිවිල් සංවිධාන සමග එකතුවෙලා නිදහස් හා සාධාරණ මැතිවරණ ලබාදිම වෙනුවෙන් ක‍්‍රියාකළා.
අපේ රටේ ජනතාව වෙනුවෙන් පැෆරල් සංවිධානයට තවත් විශාල වැඩකොටසක් ඉදිරියේදි කරන්න තියෙනවා. නිසිකලට මැතිවරණ පැවැත්විම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. නිසි කලට මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් අද රටේ විශාල හඩක් නැගිලා තියෙනවා'
(ඡායාරූපය - ගයාන් අමරසේකර)
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘නීතිගරුක සමාජයක් ගොඩනගන්න සියලු පක්ෂ කැපවිය යුතුයි’