IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නීතිපතිගේ සේවා දිගුව යළි ප්‍රතික්ෂේප වේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය.

මේ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයෙන් අවසන් වනු ඇත.

නීතිපතිවරයාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි ඔහුගේ නිල නිවසේදී අද (26) රාත්‍රී රැස්විය .

මේ අනුව ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නිර්දේශය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එම ඡන්ද විමසීමේදී නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් පමණි.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ පළමු වරට කළ නිර්දේශයද එම සභාව ඉකුත් 18 වැනිදා ප්‍රතික්ෂේප කළේය.

එම නිර්දේශය සම්බන්ධයෙන් එදිනද ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර අතර එම ඡන්ද විමසීමේදීද නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් සහ පක්ෂව ඡන්ද තුනක් වශයෙන් ලැබීමෙන් යෝජනාව ප්‍රතික්ෂේප විය.

 



අදහස් (12)

නීතිපතිගේ සේවා දිගුව යළි ප්‍රතික්ෂේප වේ

Esmond Wednesday, 26 June 2024 10:10 PM

කාලෙකට පස්සේ අහන්න ලැබුණු සුබ ආරංචියක්...

:       0       0

සුධීර Wednesday, 26 June 2024 10:16 PM

බොහෝම හොඳයි...

:       0       0

Kithsiri Wednesday, 26 June 2024 11:18 PM

කොන්ද පණ ඇති, අවංක 5 දෙනෙක් නිසා පට්ට දූෂිත නීතිපති දැන්වත් ගෙදර යයිද? රනිල් නැවතත් ඇනගනී. රනිල්ගේ සිහින ටිකෙන් ටික බොඳවෙන්න පටන් අරගෙන වගෙයි...

:       0       0

chandima Thursday, 27 June 2024 12:48 AM

දැන් අරයාට මළ පැනලා නේද?

:       0       0

B Amarasinghe Thursday, 27 June 2024 02:14 AM

ගමන ශුභයි. ජය නියතයි

:       0       0

Perera Thursday, 27 June 2024 05:31 AM

ගෑනියෙකුව මිනිහෙක් කරන්නයි මිනිහෙකුව ගෑනියෙක් කරන්නයි විතරක් බැරි අනෙකුත් සියලුම දෙය කිරීමට බලය ඇති ජනාධිපතිට ඔය නීතිපතිට නැවත පත්වීම දෙන එක කජ්ජක්ද ?

:       5       8

Danush Thursday, 27 June 2024 07:30 AM

හරියට රනිල්ගේ ජනාධිපතිකම ජනතාව එපා කියද්දි රනිල් එක එක මුට්ටිය දලා බලනවා වගේ...

:       3       21

අරවින්ද මොනරවිල Thursday, 27 June 2024 08:22 AM

ඊළගට ඊලෝඩ් ක්‍රමයට සේවා දිගුවක් දෙයි කුමන්ත්‍රණසිංහ.

:       5       25

ravin Thursday, 27 June 2024 08:35 AM

කවුරු කවුරුත් තම තමන්ගේ තනතුරුවල ගෞරවය රැකෙන ආකාරයට ක්‍රියා කළොත් හොඳ නැද්ද?

:       0       12

Kmal Koyrala Thursday, 27 June 2024 01:04 PM

ජනපති බලා සිටි සුබ ආරංචිය ප්‍රකාශයට පත් කරයි

:       3       12

NAMAL Thursday, 27 June 2024 03:31 PM

ජනාධිපතිකම හම්බවුනෙත් පිනට එකෙත් රනිල්ගේ උද්දච්චකම පලපල්ලකෝ . උදච්ච මුත්තා හැමදේම බලපෑම් කරලා තමන්ට ඕන ආකාරයට ඒකාධිපති ක්‍රමයක් ගෙනියන්න හදන්නේ .

:       0       9

සෙනෙවිරත්න Thursday, 27 June 2024 04:47 PM

සංජය රාජරත්න, මහත්මයෙක් විදියට ගෙදර යන්න. මේකෙන් ඔබටත් නීති ක්ෂේත්‍රයටත් යහපතක් වෙන්නේ නැහැ. තවත් සල්ලි අමාරු නම් ඔය වෙන මොනවා හරි කරන්න. දේශපාලන ගැටවලට අහුවෙලා මිනීවලට කෙල ගස්සවා ගන්න එපා.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 4 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 13 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 166 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 562 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2901 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1504 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site