IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නීතිය හරියට කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බොරැල්ල - මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකුට මෙම සිද්ධිය වී ඇති බව එම ආරංචි මාර්ග කියයි.

පොලිස් ප්‍රධානියා ගේ බිරිඳ නිල නිවසේ සිට අතුරු මාර්ගය ඔස්සේ ශාරීරික ව්‍යායාම් සඳහා පා ගමනින් පැමිණ බොරැල්ල මරදාන ප්‍රධාන මාර්ගය වෙත යාමට සූදානම් වීමේදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා ඇය නවතා සංචරණ නීති පනවා ඇති බැවින් එලෙස යාමට අවසර දිය නොහැකි බවට පවසා ඇත.

පොලිස් කොස්තාපල්වරයා දෙසට හැරුණු එම කාන්තාව උසස් පොලිස් ප්‍රධානියකුගේ නම පවසමින් තමා ඔහුගේ ඇයගේ බිරිඳ බවට පවසා කොස්තාපල්යාවරයාට බැනවදිමින් එම ස්ථානයෙන් පිටවීමට සූදානම් වීමේදී පෙර අයුරින්ම කොස්තාපල්වරයා මැඩම් නීතිය කාටත් එකයි, යනුවෙන් පවසා කරුණාකර ආපසු යන ලෙස දැනුම් දී තිබු බව පොලිසිය කියයි

එම අවස්ථාවේදී පොලිස් ප්‍රධානියාගේ බිරිඳ ජංගම දුරකථනය හරහා පොලිස් ප්‍රධානියාට ඇමතුමක් ලබාගෙන මේ බව පවසා කොස්තාපල්වරයා ට ඇසෙන සේ එහි හඬ වැඩිකර කොස්තාපල්වරයා දෙසට දිගු කර ඇසෙන්නට සලස්වා ඇති අතර පොලිස් ප්‍රධානියා කොස්තාපල්වරයා අමතා මම අහවලා කතා කරන්නේ. ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි,එයාට ජොගින් යන්න දෙනවා යැයි උස් හඩින් පවසා තිබූ බව එම ආරංචි මාර්ග මාර්ග වලින් පැවසේ

ඊට පිළිතුරු ලබාදි ඇති කොස්තාපල්වරයා සර්, සංචරණ නීති පනවලා නේ තියෙන්නේ එතකොට ජොගින් යන අනිත් කට්ටියට මොකද කරන්නේ එයාලටත් යන්න දෙන්න ද ? ,අයිසේ ජොගින් ඇඳුම පිලිවෙලට ඇඳලා තියෙනවා නං යන්න දෙනවා පවසා පොලිස් ප්‍රධානියා දුරකථනය විසන්ධි කර ඇත.

ඒ සමගම පොලිස් ප්‍රධානියාගේ බිරිඳ සුපුරුදු ලෙස ප්‍රධාන මාර්ගයට අවතීර්ණ ව ශාරීරික ව්‍යායාම් කරමින් ගමන් කර ඇති අතර මද වේලාවක දී කොස්තාපල්වරයාට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි පුංචි බොරැල්ල පොලිස් මාර්ග බාධකය  රාජකාරි සඳහා වාර්තා කරන ලෙසයි.

මෙම සිදුවීම තරයේ හෙළා දුටු පොලිස් පොඩ්ඩන් නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නැයි කියන හඬින්ම නීතිය අවනිතිය කිරීමට උපදෙස් ලබාදෙන මෙම පොලිස් ප්‍රධානියා සම්බන්ධව උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමගම පැය තුනක් පමණ කාලයකදී එම කොස්තාපල්වරයා  රාජකාරි සඳහා නැවත බොරැල්ල - මරදාන මාර්ගයේ , ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය වෙත රාජකාරි කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

 



අදහස් (54)

නීතිය හරියට කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක්

චමින්ද Saturday, 29 May 2021 02:02 AM

මෙම පොලිස් නිළධාරියා කරල තියෙන්නේ වත්මන් ක්‍රීඩා ඇමතිගේ සැලසුම් වලටත් නිගාවක්නේ

:       4       13

gamunuSaturday, 29 May 2021 01:10 PM

පොලිස් ප්‍රධානියාගේ තනතුර ලබාදී තිබෙන්නේ පොලිස් ප්‍රධානියාට පමණි. නමුත් සමහර පොලිස් ලොක්කන්ගේ බිරින්දෑවරු සහ දරුවන් පියාගේ තනතුරේ නිලබලය නිසා රට තුල ඕනෑම නීතිවිරෝධී ක්‍රියාවක් කළහැකි බව සහ එම වැරදි ක්‍රියාවන්ගෙන් බේරීමට හැකිබව පෙන්වන මෙය එක සිදුවීමක් පමණි. මෙය පොලිසියේ පමණක් නොව දේශපාලනයේද සුලබව දකින සිදුවීමකි. සිරි ලංකාවේ බොහොමයක් මෙවැනි වැරදි, අවිනීත ක්‍රියාවන් කරනු ලබන්නේ නීති සම්පාදනය කරන්නා වූ කණ්ඩායම, සහ නීති ක්‍රියාත්මක කණ්ඩායම් විසින් බව රට වැසියන් දනී. රට තුළ පවතින නීතියෙන් පිට අවනිත්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම නිසාපොලිස් අත්අඩංගුවේ පසුවූ අපරාද කරුවන්ට ද ජිවිත අහිමිවිය. මෙය ශිෂ්ඨ සම්පන්න ලෝකයේ සිදුනොවිය යුතු සහ නොකළහැකිව මෙන්ම පොලිසිය විසින් ඔවුන්ගේම ආයතනය කෙලෙසා ගැනීමකි. වරදක් කර ඇත්නම් දඬුවම් ලබාදීම නීතිය අනුව කළයුතු වේ. මෙම සිදුවීම් තුළින් පෙනෙන්නේ රටේ සාමාන්‍ය නීතියක් තුළ වුවත් නීතිය ක්‍රියාත්මක කරන්නාවූ පුද්ගලයන් හට අවශ්‍ය නම් අවනීතියද ක්‍රියාත්මක කළහැකි බව රටට සහ ලෝකයට පෙන්වා ඇත. මෙවැනි සිදුවීම් රට වැසියා දැනගැනීමටත් පෙර තත්පර ගණනකින් ලොවපුරා මාධ්‍ය මගින් ප්‍රචාරය වේ ...

:       0       16

Dasa P Saturday, 29 May 2021 02:06 AM

අති විශිෂ්ඨයි සර්

:       1       21

WCA Saturday, 29 May 2021 02:13 AM

මාධ්‍ය ප්‍රකාශක තුමා මේකට මොනවා කියයිද හිතන්නේ ?

:       0       36

මුණසිංහ Saturday, 29 May 2021 02:27 AM

ජනාධිපතිතතුමණි, මොරටුවේ එකාට කලාක් මෙන් මොකා වුනත් මෙන්න මෙකවත් මෙල්ල කරන්න. එයාට ට්‍රාන්සර් එකක් දෙන්න කාත්තන්කුඩි අවු 5කට එන්න බැරිවෙන්න. මේ වගේ අය එක් නීතිය කරන්න බැහැ.

:       1       40

Nimal Perera Saturday, 29 May 2021 02:35 AM

ගෞවරවනීය පොලිස් නිලධාරිතුමනි අපගේ උත්තමාචාරය

:       0       36

Raveendra Saturday, 29 May 2021 02:42 AM

එන්න.. අපි කිරිබත් කමු. මතක ඇතුව රට රකින අපේ විරුවා.. ගීතයත් තාලයට ගායනා කරන්න...

:       9       67

මුණසිංහ Saturday, 29 May 2021 10:28 AM

මාර ජොලියක් ආවා නේද ?

:       11       14

රවීන්Saturday, 29 May 2021 12:56 PM

කුමන මාතෘකාවක් තිබුණත් අදහස් ලිවීමේ දී ඇතැමුන් ලඟ ඇත්තේ එකම ආකාරයේ අදහස්... එය සමීකරණයක් ලෙස ගැලපීමට නිරතුරුවම උත්සාහ කළත් කියවීමේ දී ඒවා ඉතා නීරසයි... පාඨක අප ගැන ද සිතා තර්කානුකූල අදහස් ලියනු මැනවි...

:       9       8

AnuruddaSunday, 30 May 2021 12:40 AM

රවීන් මහතා, අදහස් දැක්වීම පාඨක රුචිය අනුව සිදුකළ නොහැක. මන්ද එසේ නම් එය තම අදහස නිවැරදිව නිරූපනය නොවන්නකි. මන්ද එවිට එය ඉදිරිපත් කරන්නාගේ අදහස නොවන නිසාය. රවීන්ද්‍ර මහතාගේ අදහසේ ලොකු අරුතක් ඇත... මන්ද අවුරුදු 73ක් අපි මාරුවෙන් මාරුවට දේශපාලනයට ආවැඩුවට ඔවුන්ගේ ක්‍රමය තවම වෙනස් වී නොමැත..

:       3       3

රාජේශ් ඛන්නාSunday, 30 May 2021 12:43 AM

ආණ්ඩුව බලය වෙනුවෙන් ම ඡන්ද බලාගෙනම තීරණ ගනිමින්, රට වෙනුවෙන් නිවැරදිම තීරණ නොගැනීමේ විපාක අද අපි භුක්ති විඳිමින් සිටිමු.. අනෙක් ප්‍රමාණයෙන් විශාල රටවල් උදාහරණයට ගැනීම නොවටී. තායිවානය, නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව උදාහරණයට ගත යුතුමයි. ප්‍රාන්ත ආණ්ඩු නොමැති කුඩාම රටක මෙවැනි අවස්ථාවක දේශපාලනමය නොවන කරුණක් පාලනය කරගැනීමටවත් නොහැකි පාලකයන් සිටීමෙන් සහ ඔවුන් කරන හරි වැරදි සියල්ලම අනුමත කරන රැල්ලක් සිටීමෙන්, දැනටමත් ආර්ථික හා සමාජමය වශයෙන් අන්තයටම පිරිහී තිබෙන අපේ රටේ අනාගතය, ගොඩ ගත නොහැකි තැනකට තල්ලු වීම කණගාටුවට කරුණකි. රටේ මහජන මුදල් අවභාවිතා කර සත්‍යය අසත්‍ය කර පෙන්විය හැකි දියුණු රහසිගත තාක්ෂණික මාධ්‍ය ක්‍රම යොදා ගනිමින් අසත්‍යයම සත්‍යය ලෙස පෙන්වමින් ලෝකයටම ණය වෙමින් සමස්ථ රටවැසීයාම රවටමින් කරන මේ උප්පරවැට්ටි ආණ්ඩු ක්‍රමයේ කෙළවරින් කළු සල්ලි ප්‍රකෝටිපතියන් අතලොස්සක් සහ දුකින් පෙළෙන පිඩිත පන්තියක් සහිත රටක් මතුවීම නොවැළක්විය හැකිය. එය රටේ සහ අපේ අවාසනාවකි.

:       1       1

දිසා .... ගම්පහ Saturday, 29 May 2021 02:51 AM

මේකයි තත්ත්වය. සරත් වීරසේකර අමාත්‍යතුමනි.., මෙවන් උසස් නිලධාරින්ට හරි දේ කියා දෙන්න. නැත්නම් පොඩ්ඩන් රාජකාරිය නිසි ලෙසින් ඉටු කරන්නේ කෙසේද? කක්කුටු න්‍යාය සුදුසු නොවන බව පෙන්වා දෙන්න..

:       1       58

sena Saturday, 29 May 2021 02:58 AM

අත්අඩංගුවට ගැනීම සිදුවීම ගැන ඔබතුමාට ස්තුති වෙමි. ඔබතුමා අපට විශ්වාසයි. එක සිද්ධියක් නිසා මුලු ක්‍රියාවලියම පිළිබඳ ප්‍රශ්නයක් නැත. නමුත් මොවුන්ට නිසි දඬුවම්ද යුතුයි...

:       3       20

පුරවැසියා Saturday, 29 May 2021 03:00 AM

පොලිස් ලොක්කා පොලිස් පොඩ්ඩාට ඒහෙම කිව්වේ අහිතකින් නෙවෙයි. අර ගෑණි ගෙදර ඇවිල්ලා මගේ ඔළුව කාවිය හිතලා වගේ.මිනිහගෙ යුනිපෝම් එකේ ගෞරවය රකින්න දන්නෙ නැති ගැණු.

:       1       64

විපුල අබේසිංහ Saturday, 29 May 2021 03:13 AM

නිතිය අකුරටම ඉටුකල එම නිලධාරියා නැවත රාජකාරිය කල මාර්ග බාධයක වෙත යැවිම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ.සිදුවිය යුත්තේ නීතිය උල්ලංඝනය කිරිමට අණ දුන් පොලිස් නිලධාරියාට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමයි.

:       1       80

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 29 May 2021 03:19 AM

රටේ ලොක්කන්ට එක නීතියකුත්, අසරණ දුගියාට තවත් නීතියකූත් ක්‍රියාත්මක කිරීමට පුරුදු වී සිටින පොලීසියට මේ පොලිස් පොඩ්ඩා කියා දුන්නේ අගනා පාඩමකි. මෙවැනි නිලධාරීන් මේ රටේ පොලීසියට හා රටට ආඩම්බරයක්... ඒත්, මේක ලංකාව. කොයිවෙලේ හරි නැති වරදක් දාලා අමාරුවේ දායිද දන්නේ නැහැ. කොහොම වුණත්, පරිස්සමින් වැඩ කරන්න. උසස්වීම් ගන්නත් අමාරු වේවි. එහෙම තමයි මේ රටේ හැටි. කොහොම වුණත්, ඔබ වැනි අය තමයි අපේ රටේ පොලීසියට අවශ්‍ය. ඒත්, ඔබ වැනි අයටම තමයි වැඩිපුරම කරදර හිරිහැර එන්නේ....

:       2       131

pj Saturday, 29 May 2021 03:27 AM

‘‘මොරටුවේ සිද්ධිය කැතයි‘‘ ජනපති කියයි. මේක ලස්සනද?

:       6       111

Athula Saturday, 29 May 2021 03:27 AM

රටේ නීතිය පාලකයින් ඉතාම ප්‍රසිද්ධියේම භාවිතා කරනවා ඉතින්... ඊට පහළින් ඉන්නවුන් අනික් අයවම අනුගමනය කරනවා.. සරත් වීරසේකර හොඳම උදාහරණය... දුෂණය, මර්දනය කළ එ්.එස්.පී අැතුළු නිලධාරින්ව වෙන්නප්පුවෙන් මාරුකරනවා. සර් අාපු ගමන් රට හදනකම් බලන් හිටපු බයියන්ට දැන් අනෙක් අයගේ මුහුණවත් කෙලින් බලන්න බැහැ..

:       6       79

පප්ප Saturday, 29 May 2021 03:29 AM

මෙන්න නීතිය කාටත් එකයි කිව්ව ලොකු අප්පච්චි,මේ ලොකු පොලිස් කාරයට නීතිය කියලා දෙන හැටි අපි බලමු.

:       5       83

ජයන්ත මිලානො Saturday, 29 May 2021 03:30 AM

ලොකු පොඩි, සැම පුරවැසියෙක්ම කොන්ද කෙලින් තියන් ඉන්න කාලය උදාවෙලා තියෙන්නේ.... හැම පුරවැසියෙක්ම කෙලින් හිටියොත් දූෂිත දේශපාලකයින්ටත් යන කලක් නැතිව යනව නොදුරු දිනයකදීම...

:       1       72

Rocky Saturday, 29 May 2021 03:45 AM

ඔය කියන පොලිස් ලොක්කාවත් වෙන කොහාට හරි මාරු කළ යුතුය.

:       2       89

බාලසුරිය Saturday, 29 May 2021 03:52 AM

මෙහෙමයි, මේ බයි ආණ්ඩුව පොලිස් ලොක්කාට එදිරිව කවදාවත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. හරිනං ඌව තුත්තුකුඩියට මාරු කරන්න ඕනෑ. රනිල් රවීව අස් කළා...

:       2       29

nimelen Saturday, 29 May 2021 04:08 AM

මේ කාලකන්නි තමයි මේ රට කන්නේ..

:       0       37

Gamini Saturday, 29 May 2021 04:34 AM

සුපිරියි කොස්තාපල්...!!! 

:       0       49

pakeer Saturday, 29 May 2021 04:42 AM

මොන ලොක්කා වුණත් ගෑණිට බයයි. මිනිහා ගෙදර ගිහින් ඉවරයි.. ඕක නොකරා නම්... හම්බවෙන ගෑණුත් එකයි.. මේ අයත් එකයි. හැබැයි මේ විදිහට පොලිස් පොඩ්ඩො වැඩ පෙන්නුවොත් ලොක්කන්ට වෙන්නේ සද්දෙන් ඉන්න. පොලිස් පොඩ්ඩා නියම පොලිස් කාරයෙක්..

:       0       49

රට වැසියා Saturday, 29 May 2021 04:54 AM

මහ ජනතාවට අපහසුතාවයක් නොවෙන ආකාරයට රාජකාරිය කරන්න කියලා පොලිස්පතිතුමා කියලා දවසයි ගත වුනේ.... මෙතන තිබෙන ගැටලුව පොලිස් නිළධාරියාගේ සාමාන්‍ය දැනුම සහ අද වෙන කොට රටේ සමාජගත කර ඇති කොරොනා මර්දනය කිරීම සඳහා යොදාගෙන තිබෙන අවිද්‍යාත්මක නිතී-රීති. සහ ජනතාවගේ නූගත් බවයි! - අද සෑම රට වැසියෙකුම කොරෝනා විශේෂඥයෙකි. එහෙත් වසංගතය රට බිලි ගනිමින් ඇත. කෙනෙකු තනියම සිය පුද්ගලික මෝටර් රථයේ යන විට මුඛ ආවරණය පළඳින්න කියන පොලිස් නිලධාරින් සහ පී.එච්.අයි..ලා ඉන්න රටක, පොලිස් නෝනාට සිදු වූ දෙය පුදුම විය යුතු නැත. පොලිස් නිලධාරියා කළ යුතුව තිබුනේ "නෝනා මුඛ ආවරණ දා ගෙන ජෝගින් කරන්න එපා" කියන එකයි. අපේ රටේ පොදු සිද්ධාන්තය නම්, නීතිය ගැටලු විසඳීමට යොදා ගන්නවා වෙනුවට සිදුවන්නේ, එය දැඩිව අවභාවිතා වීමයි.

:       20       15

Ranga Saturday, 29 May 2021 05:03 AM

ලොක්කා කවුද කියලා හෙළි කරන්න. වහාම පෙන්ෂන් යවන්න... මේ අයගෙන් රටට වැඩක් නැහැ...

:       0       39

Mangala Saturday, 29 May 2021 05:21 AM

බැරිද නම දාන්න?

:       0       38

දොලේවත්ත Saturday, 29 May 2021 05:31 AM

උදේ පාන්දර පුංචි මිනිස්සුන්ට කීර්තිය ක්‍රියාත්මක කර කයිවාරු ගහන්න ගිරවා මේකට මොනවා කියයිද කියලා බලමු...

:       2       35

Buddika Saturday, 29 May 2021 05:50 AM

රටේ පොදු නීතිය කඩන,එම නීතියට අභියෝග කරන මේ පොලිස් ලොක්කට එරෙහිට රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ දඬුවම් කළ යුතුයි.

:       1       26

jabos Saturday, 29 May 2021 06:12 AM

රාජකාරිය යනු තමනුත් බේරි දපෙැත්තම බේරා පවුලත් බේරා ගැනීමයි

:       15       7

Terrence Rienzie Perera Saturday, 29 May 2021 06:23 AM

සම්පූර්ණ විස්තර සහිතව ඉහළට දන්වන්න. මේ පිළිබඳව විමර්ශනය කළ යුතුයි.

:       1       14

Rata Perata Saturday, 29 May 2021 06:28 AM

දැන්වත් මේ විකාර නවත්තනන ඔනි කට්ටය එකතු වෙලා වැඩ කරනන ඔනි

:       0       7

Madhujith Kariyapperuma Saturday, 29 May 2021 06:29 AM

පොඩ් මනුස්සයෙක් සංචරණ නීති කඩ කලොත් නම් ගමුත් දාල වීඩියෝ එකකුත් දානවා. මේ වගේ දෙකදී ලොක්කගේ නම කියන්නෙත් නෑ.

:       0       15

Ruwan Saturday, 29 May 2021 06:43 AM

ඔය කේස් එකේදී කොස්තාපල් හරි. ඔය නෝනට යන්න දුන්නාම තව නෝන මහත්වරු ගොඩකට යන්න දෙන්න වෙනවා...

:       0       20

හේරත් Saturday, 29 May 2021 07:32 AM

රජය හදාගත් නිතී-රීති රජයටම විහිලුවක් වි ඇත! - "සංචරණ සීමා පැන වීම" වෙනුවට කිව යුතුව තිබුනේ "ගෙයින් එලියට බහින්න එපා" කියාය. තැනිනම් සුපුරුදු ඇඳිරි නීතිය පැනවීමය! ව්‍යායම සඳහා ඇවිද යන කෙනෙකු හඳුනා ගැනීමටත්, වයිරසයට පුද්ගලයෙකු ගොදුරු විය හැකි අවස්ථාවක් සහ නීති කඩවන අවස්ථාවක් හඳුනා ගැනීමටත් නොහැකි නිළධාරින් සේවයේ යෙදවීම කණගාටුවට කරුණකි. නිතීය-ක්‍රියාත්මක කල යුතුයි, එහෙත්, එය අන්තගාමි නොවිය යුතුයි. කල යුතුව තිබුනේ ඔහුව මාරු කීරීම නොව නිසි පුහුණුවක් ලබා දීමයි. සියලුම රට වැසියන්ට ප්‍රඥාව පහල වේවා!

:       2       7

sashi Saturday, 29 May 2021 07:52 AM

සේපාල අමරසිංහට හරි, සුදන්ත තිලකසිරිට හරි මේ විස්තරේ යවන්න.

:       4       8

pradeepa Saturday, 29 May 2021 08:02 AM

ඔන්න අපේ සර්ට ලකුණක් දෙකක් දාගන්න පුළුවන්... මේ කතාවෙන උසස් පොලිස් නිලධාරියාට වහාම දඬුවම් දෙන්න... ඔබතුමා කියන්නේ එක රටක්... එක නීතියක් නම්...

:       0       15

dewa Saturday, 29 May 2021 08:54 AM

අහඹු සිදුවීමක්...

:       3       12

chithraSaturday, 29 May 2021 10:44 AM

ඔබ දන්නවා ඇති , ඔය කතාව කිව මැදමුලන කව්රුහරිද දන්නැ

:       0       9

wimal Saturday, 29 May 2021 09:10 AM

හා හා ... අරුම පුදුම රට ... අරුම පුදුම නීති තියෙන ලෝකයේ එකම රට... දැන් පොලිස්පතිතුමාට ආයෙත් චක්‍රලේඛනයක් ගහන්න වෙනවා. ඔහුටත් ඉහළින් ඉන්න පොලිස්පතිලාගේ වැඩ හින්දා..

:       0       5

karunasiri Saturday, 29 May 2021 09:45 AM

පොලිසියයි, හමුදාවයි බොහොමයක් ලොක්කන්ගේ බිරින්දෑවරුන්ට මේ ලෙඩේ තියෙනවා. මෙහෙම දඟලපු බිරිඳකගේ සැමියා ඩී.අයි.ජී. කෙනෙක්. අන්තිමට හිරේ ගිහින් නැවතුණේ.

:       0       9

මෝ Saturday, 29 May 2021 09:45 AM

එක රටක් එක නීතියක්... වැඩේ කැතයි නේද රට රකින අපේ විරුවාණෙනි....?

:       0       7

Demuni Uduwara Saturday, 29 May 2021 12:10 PM

ඇත්තටම මම ඔබ ගැන ආඩම්බරයි. ප්‍රවේසමෙන්...

:       0       8

සිරිනාම ද වෝස් Saturday, 29 May 2021 03:23 PM

නම නොකියන්නේ විත්තිකාරයා අජිත් රෝහණ වත්ද?

:       0       2

chithrani soyzaSunday, 30 May 2021 04:42 PM

එයා වෙන්න බැහැ.., මොකද එයාට ස්ථිර එකක් නැහැ. දවසක ගෑනු, දවසක පිරිමි. එයාට තමන්ගේ කියලා කෙනෙක් නැහැ...

:       0       0

මෝ Saturday, 29 May 2021 09:15 PM

මේ පොලිස් මහ එකාව වහාම පුතුකුඩිඉරිප්පු වලට මාරු කරන්න. වැල්ලෙ ජොගින් කරන්න පුළුවන්... කවුරු හරි එයාගේ නම කියන්නකෝ...!!! 

:       0       1

Praja Saturday, 29 May 2021 11:57 PM

නීතිය වල් වැදුණු, 'ලෝකෙන්ම උතුම් රටක' මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එක අමු ගොන්කමක්..., වැඩ්ඩෙක් වූ පොඩ්ඩාට අපේ ප්‍රණාමය...!

:       0       1

Nihal de silva Sunday, 30 May 2021 02:36 AM

එම පොලිස් කොස්තාපල් වරයට අපගේ සුබ පැතුම්. නමුත් ඔය කියන පොලිස් ලොක්කා ගැන අවධානයෙන් සිටින්න. නැත්නම් අර රාජකාරිය අකුරට කල උතුමාට බලපෑම් කරාවි

:       0       2

Pubudu Sunday, 30 May 2021 03:20 AM

නීතිය කාටත් පොදු විය යුතුයි.

:       0       1

Nihal Sunday, 30 May 2021 07:05 AM

පොලිසියේ පොඩි මිනිහාට කතා කරන පහත්ම ගෝත්‍රික භාෂාව... මේවා ගෙවන්න නොවුණොත් බුදුදහම බොරු. මිනිස්සු කොහොම හරි සල්ලි හොයන්න පෙළඹෙන්නේ මේ අපහාස වලින් මිදෙන්න. ඒකෙන් වෙන්නේ ජීවිතයම විනාශ වීමනේ..

:       0       2

fairoos Sunday, 30 May 2021 08:12 AM

ඉවරයි... මේ කොස්තාපල්ගේ ජීවිතේ... පෙන්ෂන් යනකම් කොස්තාපල් තමයි.

:       0       3

පිටරැටියා Sunday, 30 May 2021 05:37 PM

ලොක්කා ගේ හයිය අරන් තියෙන්නේ බිරිඳ. ලැජ්ජයි. නින්දිතයි. මේ වගේ රටක් ලෝකෙම නැතුව ඇති...

:       0       1

sampath Monday, 31 May 2021 06:37 PM

රටේ බහුතරයක් දේශපාලකයන්ගේ සහ නිලධාරීන් නැති භංගස්ථාන කරන්නේ එක්කෝ අඹුව... නැතිනම් දරුවෝ. එක්කෝ ආණ්ඩුවේ වාහන අවභාවිතා කරලා ළමයා පාසලේ එක්ක යන්න වෙනවා. එක්කෝ ෂොපින් කරන්න එක්ක යන්න වෙනවා. අන්තිමේ මිනිස්සු කිව්වේ ආර්යාව භාර්යාව වුණා කියලා. සෑම නිලධාරියෙකුගේම සහ දේශපාලකයන්ගේ පවුල්වල අයට පාඨමාලාවක් තියලා හරි කියා දෙන්න තනතුර දීලා තියෙන්නේ පවුලේ අය සනසවන්න නෙවෙයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 24 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 310 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 420 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 148 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 1116 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 697 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2085 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site